3d home 2017-10-03T14:49:54+00:00

චිත්‍රපටයේ අන්තර්ගතය

නව යොවුන් දැරියක් සහ දරුවෙක් සම්බන්ධව සිදු වූ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කර ඇති මෙම චිත‍්‍රපටය තායිලන්තයේ DMC බෞද්ධ නාලිකාවේ නිෂ්පාදනය කොට ශ‍්‍රද්ධා රූපවාහිනිය වෙත පරිත්‍යාග කිරීමෙන් අනතුරුව සිංහලෙන් හඬකවා ශ‍්‍රී ලංකාවේ පළමු සිංහල මාධ්‍ය ත‍්‍රිමාන චිත‍්‍රපටය ලෙසින් එළිදක්වන්නට යෙදුණි.

වැරදි කාම සේවනය, ගබ්සා කිරීම් ආදී පාපී ක‍්‍රියා නිසා මරණින් මතු නිරය ආදී දුක්ඛිත ලොකයන්හි ඉපිද විඳින්නට සිදුවන බිහිසුණු විපාක ගැන මෙම චිත‍්‍රපටය තුලින් ඉස්මතු කොට පෙන්වයි. කාර්ය බහුලත්වය හේතුකොට දෙමව්පියන් තම දරුවන් ගැන නිසි අවධානය යොමු නොකිරීම නිසා එම දරුවන් නොමඟ යන අයුරු මෙ මගින් නිරූපණය කරන්නේ මෙම චිත‍්‍රපටය නරඹන දෙමව්පියන්ටත් තම දූදරුවන් පිළිබඳව අවධානය යොමු කිරීමට අවස්ථාවක් ද සළසමිනි.

එසේම තමා අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවන පව්කම් නිසා මෙලොවත් පරලොවත් පසුතැවීමට සිදුවන ආකාරයත් තමා අතින් සිදුවූ අඩුපාඩු පිළිබඳ තේරුම් ගෙන ඉන් බැහැර වී යහපත තුළ පිහිටා ජීවිතය සැපවත් කරගන්නා ආකාරය ද මෙම චිත‍්‍රපටය තුලින් මනාකොට පැහැදිලි කරදෙයි.

මෙය ගොතන ලද කතාවක් නොවේ. තායිලන්තයේ සිදු වූ සත්‍ය සිදුවීමක් මුල් කොට මෙම චිත‍්‍රපටය නිමවා ඇත. වත්මන් සමාජය මුහුණ දී ඇති අභියෝගාත්මක සමාජ ප‍්‍රශ්න ගණනාවක් මෙම චිත‍්‍රපටය තුළ ධර්මානුකූලව විවරණය වේ. මේ තුලින් වර්තමාන සංකීර්ණ සමාජ ක‍්‍රමය තුළ දිවිගෙවනා සෑම අයෙකුටම පාහේ ස්වයං ජීවිතාවලෝකනයක් සඳහා මෙම චිත‍්‍රපටයෙන් ආරාධනා කෙරෙයි.

2017 ඔක්තෝබර් 03 වන දින වන විට

0
ප්‍රදර්ශනය කර ඇති ස්ථාන ගණන
0
ප්‍රදර්ශනය කර ඇති වාර ගණන
0
නැරඹූ පිරිස

චිත‍්‍රපටය නැරඹූ පිරිස් චිත‍්‍රපටය පිළිබඳ ඉතා යහපත් ප‍්‍රතිචාර දක්වන ලදි.

චිත්‍රපටය නැරඹිය හැකි ස්ථාන

දිනය නගරය ප්‍රදර්ශනය කරන ස්ථානය
2017 ඔක්තෝබර් මස 07 සිට 10 දක්වා බිබිල මහමෙව්නාව භාවනා අසපුව බිබිල
2017 ඔක්තෝබර් මස 26 සිට 29 දක්වා ඉබ්බාගමුව මහමෙව්නා භාවනා අසපුව ඉබ්බාගමුව

කාල සටහන

කාල සටහන

“බියකරුය මේ සසර“ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන ස්ථාන සහ දිනයන් පිළිබඳ විස්තර සඳහා

පින්තූර එකතුව

පින්තූර එකතුව

“බියකරුය මේ සසර“ චිත්‍රපටය ප්‍රදර්ශනය හා සම්බන්ධ සිදුවීම් ඇතුලත් ඡායාරූප එකතුව සඳහා

ඔබේ ප්‍රදේශයටත්

චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා අයදුම් කිරීම

“බියකරුය මේ සසර“ චිත්‍රපටය ඔබේ ප්‍රදේශයේ, ආයතනයේ ප්‍රදර්ශය කිරීමට ඔබත් කැමත්නම්

News

බියකරුය මේ සසර චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම හා සම්භන්ධව විවිධ මාධ්‍යයන් හි මෙසේ අදහස් පලවී තිබිනි..

පිවිසෙන්න…

Time Line

බියකරුය මේ සසර චිත්‍රපටය මෙතෙක් ආ ගමන් මඟ සහ ඒ හා සම්භන්ධ වැඩිදුර තොරතුරු සඳහා

පිවිසෙන්න…