ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රීලංකාවේ සිට විකාශනය කරනු ලබන බෞද්ධ රූපවාහිනී නාලිකාවකි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ලොවට දායාද කිරීම ශ්‍රද්ධා රූපවාහිනියේ මූලික අරමුණයි. ඒ තුළින් මිනිසුන්ගේ සිත් සතන් තුළ කරුණාව මෛත්‍රිය ආදී ගිලිහෙමින් යන මානුෂීය ගුණ ධර්ම ඇතිකරලීමත්, මිනිසුන් සසර දුකින් එතෙර කරවනු පිණිස ලෝකය විනිවිද දැකීමේ ප්‍රඥාව පුබුදුවාලීමත්, ශ්‍රද්ධා රූපවාහිනියේ අරමුණයි. ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීමට අමතරව මිනිසුන් සුවපත් කරවන නොයෙක් සමාජ සත්කාරයන් ද ශ්‍රද්ධා රූපවාහිනිය මගින් සිදු කරනු ලැබේ. Shraddha TV

The Founder and Key Personal

MOST VEN. KIRIBATHGODA GNANANANDA THERO
MOST VEN. KIRIBATHGODA GNANANANDA THEROThe Founder of Shraddha TV and Mahamevnawa Monastery
ශ්‍රද්ධා රූපවාහිනියේ නිර්මාතෘ වරයාණන් වහන්සේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේයි.

ශ්‍රද්ධා රූපවාහිනි‍යේ නිර්මාතෘවරයාණන් වහන්සේ වන්නේ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ යි. එසේ ම රූපවාහිනිය ආරම්භ කොට පවත්වාගෙන යනු පිණිස තවත් පින්වත් ස්වාමීන් වන්සේලා ඇතුළු බොහෝ ගිහි පින්වතුන් ශ්‍රමයෙන් ධනයෙන් හැකියාවන්ගෙන් දායක වෙති. විශේෂයෙන් ශ්‍රද්ධා අධ්‍යක්ෂක මණ්ඩලය, කාර්ය මණ්ඩලය සහ මාසික ධර්මදාන සාමාජිකයින් ඇතුළු ඒ සියලු පින්වතුන්ගේ වෙහෙස ශ්‍රද්ධා ඔබ වෙත දායාද කිරීමට මහෝපකාරීය..

ශ්‍රද්ධා සමාජ සත්කාර

Shraddha TV
වැඩි විස්තර…

Work with Shraddha

බත් ශ්‍රද්ධාවන්ත විනයගරුක සහ කැපවීමෙන් වැඩ කළ හැකි දක්ෂ අයෙක් නම්, ශ්‍රද්ධා රූපවාහිනියේ ධර්මප්‍රචාරය සඳහා ඔබටත් පහත සඳහන් රැකියා ඔස්සේ සම්බන්ධ විය හැකිය.

1. Graphic and Web Designer
2. Radio Producer
3. 3D Animator
4. Camera Assistant
5. Network Administrator
6. Announcers
7. Technical Officer
8. Office Assistant
9. Store Keeper

සියලු විමසීම් :

077 3450086
071 4366577

How to watch Shraddha TV

දැන් ඔබට ශ්‍රද්ධා රූපවාහිනිය, පැය විසි හතර පුරාම, Peo TV නාලිකා අංක 99 ඔස්සේත්, Dialog TV නාලිකා අංක 27 ඔස්සේත් නැරඹිය හැකි ය.
You can watch Shraddha TV twenty four hours a day in all seven days a week via Peo TV channel number 99 and Dialog TV channel number 33 in Sri Lanka.

විදේශයන්හි සිටින ඔබට ශ්‍රද්ධා රූපවාහිනිය LankaTV සබඳතාවයක් ලබා ගැනීමෙන් නැරඹීමේ පහසුකම තිබේ.
People live abroad can watch the Shraddha TV by getting LankaTV connection.You can watch Shraddha TV featured programs from this website or our Youtube Channel.