About Shraddha TV

ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රීලංකාවේ සිට විකාශනය කරනු ලබන බෞද්ධ රූපවාහිනී නාලිකාවකි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ලොවට දායාද කිරීම ශ්‍රද්ධා රූපවාහිනියේ මූලික අරමුණයි. ඒ තුළින් මිනිසුන්ගේ සිත් සතන් තුළ කරුණාව මෛත්‍රිය ආදී ගිලිහෙමින් යන මානුෂීය ගුණ ධර්ම ඇතිකරලීමත්, මිනිසුන් සසර දුකින් එතෙර කරවනු පිණිස ලෝකය විනිවිද දැකීමේ ප්‍රඥාව පුබුදුවාලීමත්, ශ්‍රද්ධා රූපවාහිනියේ අරමුණයි. ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීමට අමතරව මිනිසුන් සුවපත් කරවන නොයෙක් සමාජ සත්කාරයන් ද ශ්‍රද්ධා රූපවාහිනිය මගින් සිදු කරනු ලැබේ.
24 04, 2017

By | 2017-04-24T17:23:14+00:00 April 24th, 2017|1 Comment

භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය අතුරුදන් වූ විට ලෝකය පුරා පවතින්නේ අසුර බලය විතරයි. අසුර බලය කුමක්දැයි තේරුම් ගැනීම සඳහා සරල විදිහක් මම කියන්නම්. ත්‍රිවිධ රත්නය, මාර්ග ඵලලාභී දේවතා සමූහයා සහ ත්‍රිවිධ රත්නය අනුගමනය කරන දෙව් පිරිස හැරුණු කොට ඉතිරි බලය අසුර බලය ලෙස හඳුන්වන්න පුළුවන්.

18 04, 2017
  • නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 28

By | 2017-04-18T15:26:29+00:00 April 18th, 2017|0 Comments

ස්වාමීන් වහන්ස… අද ගිහියන් බොහෝ දෙනා දන් පින් සහ ප්‍රතිපත්ති පිරීම සඳහා පන්සලට පැමිණෙන අතරේ කිහිප දෙනෙකු ආගම දහමට වඩා සිත යොමුකර තිබෙන්නේ, භික්ෂූන් වහන්සේලාගේ ශීලවන්තභාවය සෙවීම, ධර්මය සම්බන්ධයෙන් පොත්පත්වල ඇති සහ ස්වාමීන්වහන්සේලා දේශනා කරන ලද විවිධ

24 12, 2016

ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරන්නට…

By | 2016-12-24T13:00:50+00:00 December 24th, 2016|1 Comment

ධනාත්මක චින්තනය අද වන විට ඉතා ම ජනප‍්‍රිය මාතෘකාවක්. මේ පිළිබඳ විශාල අවධානයක් වත්මන් සමාජයේ පවතිනවා. එහෙත් අනිත්‍යය ගැන කතා කළ සමාජය මෙරට ගොඩනැංවූ ලෝකෝත්තර මෙන්ම ලෞකික සමෘද්ධිමත්භාවය, ඒ ගැන අවධානය යොමු නො කරන සමාජයට උදාකර ගැනීමට හැකියාව ලැබී නැහැ.

17 12, 2016

ඕපනයික ගුණය

By | 2017-02-01T15:06:04+00:00 December 17th, 2016|Comments Off on ඕපනයික ගුණය

ඕපනයික කියන වචනයේ සාමාන්‍ය තේරුම පුද්ගලිකයි කියන එක. දැන් අපි ගත්තොත් මෙතන අපි පිරිසක් ඉන්නවානෙ. දැන් අපි අතරින් කෙනෙකුට ශ‍්‍රද්ධාවක් ඇති වුනොත් ඒක එයාගෙ පුද්ගලික එකක්. කාගෙහරි සිතක් සමාධිමත් වුනොත් ඒකත් පුද්ගලික එකක්.

1 12, 2016

AIDS DAY

By | 2017-02-01T15:05:25+00:00 December 1st, 2016|Comments Off on AIDS DAY

මිනිසාට වැළඳෙන ලෙඩ රෝග අතර මහා තැති ගැන්මක් ඇති කරන වෙනත් රෝගයක් නොමැති තරම්. ඒ තරමට ම මේ රෝගය මිනිස් ප‍්‍රජාව තුළ පිළිකුලට, අවමානයට ලක් වෙලා. HIV බෝවන ක‍්‍රම කිහිපයක් ම අතරින් 95%-97% ක තරම් වැළඳීමේ ප‍්‍රතිශතයකට හේතු වන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතායි.

8 11, 2016

එන්න, ඇවිත් බලන්න…

By | 2016-11-25T12:12:58+00:00 November 8th, 2016|Comments Off on එන්න, ඇවිත් බලන්න…

ශ‍්‍රී සද්ධර්මයේ හතරවන ගුණය ලෙස භාග්‍යවතුන් වහන්සේ හඳුන්වා දෙන්නේ ” ඒහිපස්සික ” ගුණය යි. ඒ කියන්නේ ඇවිත් බලන්න යන්න යි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඕනෑම බුද්ධිමත් කෙනෙකුට ඇවිදින් බලන්න පුළුවන් ලෙස විවෘත කොට ඇති මේ ශ‍්‍රී සද්ධර්මය ගැන අංගුත්තර නිකාය තික නිපාතයේ භරණ්ඩු වර්ගයේ මේ විදිහට සඳහන් වෙනවා.