Loading...
රුධිර දාන 2017-05-01T15:41:54+00:00

ඔබේ රුධිරයෙන් තවකෙක් ජීවත් කරවන්නට….

පි හැමෝම ජීවත් වෙන්න කැමතියි. මේ කෙළවරක් නොපෙනෙන සංසාර ගමනේදී මිනිස් ජීවිතයක් ලැඛෙන්නේ ඉතාමත් ම කළාතුරකින්. එහෙම ලැඛෙන මිනිස් ජීවිතයට ධර්මය ගලපා ගන්නට කලින්ම අකාලයේ මිලින වෙලා ගියොත් එ්ක මොනතරම් අවාසනාවක්ද…? ඒ නිසාම තමයි ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන කෙසේ හෝ ජීවිතයට ධර්මය ගලපා ගත යුත්තේ. blood donation sri lanka

අපට කොයි වෙලාවේ මොන අනතුරක් වෙයිද කියල අපි කවුරුත් දන්නේ නැහැ. ජීවිතේ තියෙන අස්ථීර බව ම තමයි හැම පැත්තෙන්ම මතු වෙන්නේ. දිනපතාම හදිසි අනතුරු සහ විවිධ රෝගාබාධ ආදිය නිසා විශාල මිනිසුන් පිරිසක් මෙලොව අතහැර යනවා. ඒ විතරක් නෙමෙයි, තවත් බොහෝ පිරිසක් රෝහල් වල දුක් විඳිනවා. නමුත්, කොතරම් එබඳු සිදුවීම් දුටුවත්, තමන්ට එබඳු දෙයකට මුහුණ පෑමට සිදු වන තුරුම, බොහෝ දෙනෙකුට ජීවිතයේ ඇති අසරණකම වැටහෙන්නේ නැහැ.

රුධිරය අපේ සිරුර පුරා ප්‍රාණය රඳවන ජීව දියරයක්, සිරුරේ  අවශ්‍ය ඔක්සිජන් ආදියත්, ශරිරයේ වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ආදියත්, සිරුර පුරා සංක්‍රමණය වන්නේ එමඟින්. එපමණක් නොව විවිධ රෝග කාරකයන්ට එරෙහිව ප්‍රතිශක්තිය උපදවා ගැනීම පිණිසත්, රුධිරයෙන් විශාල දායකත්වයක් ඉටුවෙනවා. කොටින්ම කිව්වොත්, ජීවයේ පැවැත්මට රුධිරයේ කාර්යභාරය අති මහත්. blood donation sri lanka

 

නොයෙක් හේතු නිසා සිරුරේ රුධිර ප්‍රමාණය අනපේක්ෂිත ලෙස පහළ බසින අවස්ථා තිඛෙනවා. එබඳු අවස්ථා වලදී ජීවිත ප්‍රබල ලෙස අනතුරට ලක් වෙනවා. හදිසි අනතුරු ආදියේ දී සිදුවන අධික රුධිර වහනය, ඩෙංගු වැනි රෝග වලදී සිදු වන රුධිර පට්ටිකා වල ක්ෂණික පහළ බැසීම සහ ලියුකේමියා වැනි තත්ව වලදී සිදුවන රුධිර ‍ෙසෙලවල පහළ යෑම මේ සඳහා උදාහරණ කිහිපයක් පමණයි.මෙබඳු අවස්ථා වලදී වහාම රුධිරය ශරීර ගත කිරීම සිදු නොකළ හොත් බොහෝ විට රෝගියා මිය යෑම සිදු වෙනවා. මේ නිසා රුධිර පාරවිලයනය හෙවත් බාහිරින් රුධිරය ශරිර ගත කිරීම ජීවිත සුරැකීමේ දී අද්විතීය මෙහෙයක් ඉටු කරනවා. blood donation sri lanka

එය එසේ වුවත් රුධිරය කෘතිමව නිපදවිය නොහැකියි. තවත් පුද්ගලයෙකුගෙන් ලබා ගත් රුධිරය අදාළ රෝගියාගේ රුධිර සංසරණ පද්ධතියට එක් කිරීමයි මෙහි දී සිදු වන්නේ. නමුත් ඕනෑම අයෙකුගේ රුධිරය තවත් අයෙකුට පාරවිලනය කිරීම සිදු කළ නොහැකියි. ඒ සඳහා ප්‍රතිග්‍රාහකයාගේ රුධිර ගණයත්, රුධිර දායකයාගේ රුධිර ගණයත් එකිනෙකට ගැලපිය යුතු වෙනවා.මෙය ක්ෂණික ව මොහොතක් තුළ සිදු කළ හැක්කක් නොවෙයි.රුධිර ගණය ගැලපුන පමණින් එක් අයෙකු ගේ රුධිරය රෝගියාට ලබා දීමට පෙර එම රුධිරයේ පිරිසිදු බව තහවුරු කිරීම පිණිස රෝග ගණනාවක් සඳහා රසායනික පරීන්ෂණයන්ට ලක් කළ යුතු වෙනවා. blood donation sri lanka

මේ නිසා ඉතා විශ්වාසනීය රුධිර පාරවිලයනයක් සිදු වීමට නම්, ඒ සඳහා සුවිශේෂී ක්‍රියාදාමයන් රැසක් අනුගමනය කළ යුතුයි.මෙසේ මියෙන ජීවිත සුරැකීමට අත්වැලක් සැපයීම පිණිසයි.    ජාතික ලේ දීමේ සේවය    නමින් ආයතනික ව්‍යුහයක් බිහි වී තිඛෙන්නේ.දිවයින පුරා රෝහල් වල ස්ථාපිත කොට ඇති ලේ බැංකු හරහා එය ක්‍රියාවට නැංවෙනවා. එහි දී මුලිකව ම සිදු කෙරෙන්නේ ස්වෙච්ඡාවෙන් රුධිරය දන් දීමට ඉදිරිපත් වන පුද්ගලයන්ගෙන් රුධිරය ලබා ගෙන, පසු භාවිතය පිණිස ක්‍රමවත්ව එම රුධිරය ගබඩා කොට තබා ගැනීමයි.මෙම ක්‍රියාවලියේදී අදාළ රුධිරය සඳහා විවිධ පර්යේෂණ රැසක් සිදු කරනවා.ඒ ඔස්සේ එම රුධිරයේ විශ්වාසනීයත්වය තහවුරු කරනවා.

එසේ ආරස්ෂිත බව තහවුරු කළ රුධිරය, අවශ්‍ය අවස්ථා වලදී රෝගීන් වෙත නිකුත් කිරීම සිදු වෙනවා. ඒ අනුව යි රෝගීන් ගේ ජීවිත සුරැකීම සිදුවන්නේ. මේ අයුරින් ජාතික ලේ දීමේ සේවය ජාතියට පණ පිඹින්නට අද්විතීය මෙහෙයක් සිදු කරනු ලැබුවත්, තවමත් එම ආයතනය මඟින් ආවරණය වන්නේ ජාතික රුධිර අවශ්‍යතාවයෙන් 75%ක් පමණයි.එයට මූලික හේතුව ලෙස දක්වන්නේ ස්වේච්ඡා රුධිර දායකයන්ගේ හිඟයයි. ඒ නිසා ජීවිතය අයදින රෝගියෙකුගේ දිවි සුරැකීමට නිරෝගී පුරවැසියන් ලෙස සියලූ දෙනාහටම පැවරෙන්නේ සුවිශාල වගකීමක්.

අප මහා බෝසතාණන් වහන්සේ බුදුබව පිණිස යන ගමනේ දී ප්‍රමාණ කළ නො හැකි තරම් ඇස් ඉස් මස් ලේ ආදි දන් දුන්නා. ඒ බෝසත් සිරිත සිහියට නඟා ගනිමින් ගෞතම බුදු සමිඳුන්ගේ ශ්‍රාවක දරුවන් වන අප ඇ‍ඟේ දුවන ලේ බිෙඳක් පහන් සිතින් යුතුව ජීවිතයක් ජීවත් කරවීම පිණිස දන් දෙන්නට කිසිසේත්ම පැකිළිය යුතු නැහැ.ඒ තුළින් රැස් කර ගත හැකි පින අප්‍රමාණයි. blood donation sri lanka

ඇත්තට ම ජීවිතයක් බේරා ගන්නට නම් ඔබ වෛද්‍යවරයෙකු විය යුතුම නැහැ.සැදැහැවත් ශ්‍රාවක දරුවෙකු ලෙස සිතේ කරුණාව උපද්දවා ගන්න පුළුවන් නම්, ඔබටත් මේ ලෝකයේ ජීවිතය අයදින රෝගීන් වෙනුවෙන් බොහෝ දේ කරන්න පුළුවන්.

blood donation shraddha charity

ඔව්… ඇත්තටම ඔබේ සිතේ ඇතිවෙන එවැනි සිතුවිල්ලක් පවා බොහෝ පින් ජනිත කරවනවා. හැබැයි ලේ දන්දීම පිණිස ඔබ යම් අවශ්‍යතාවයන් කිහිපයක් සම්පූර්ණ කළ යුතු වෙනවා.

  •    වයස 18 – 55 අතර සිටිනා අයෙකු විය යුතුයි.
  •    කිලෝග්‍රෑම් 50ට වඩා බරින් වැඩි විය යුතුයි.
  •    නිරෝගී අයෙකු විය යුතුයි.
  •    අවසන් වරට ලේ දන් දී මාස හතරක්වත් ගත වී තිබිය යුතුයි. blood donation sri lanka

ඉහත කරුණු සම්පූර්ණ නම්:

මූලික වශයෙන් ලේ දන්දීම පිණිස ඔබට ඉදිරිපත් විය හැකියි. නමුත් එහි දී ඒ සඳහා ඔබ සුදුසු දැයි තීරණය කිරීමට යම් ප්‍රශ්න මාලාවකට පෞද්ගලිකව පිළිතුරු ලිවීමට ඔබට සිදු වෙනවා.

ඉන් පසු ඒ පිළිබඳව පෞද්ගලිකත්වය බොහෝ අගයන වෛද්‍යවරයෙකු සමග සුළු මෙහොතක් පෞද්ගලිකව කථා බස් කිරීමට අවස්ථාව ලැඛෙනවා. එහිදී ඒ අදාළ සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ නම් ජීවිතයක් බේරා ගැනීමට තම රුධිරය දන් දෙන ශ්‍රේෂ්ඨ මිනිසෙකු වීමේ අවස්ථාව ඔබට උදා වෙනවා.  blood donation sri lanka

blood donation shraddha charity

ය නම් කිසිසෙත්ම සදාචාරාත්මක නැහැ. අවබෝධයෙන්ම බුදු රජාණන් වහන්සේ සරණ ගිය ඔබ වැනි ශ්‍රාවකයන්ට ගැලපෙන්නේ නැහැ. සිල්පදයකුත් බිඳෙනවා. ඒ විතරක් නෙමෙයි එසේ කිරීමෙන් රුධිරය ලබා ගන්නා අසරණ රෝගියාගේ ජීවිතය අනතුරට ලක්වෙනවා.එම නිසා කිසිම හේතුවක් මුල් කරගෙන අදාළ පෝරමයේ බොරු ලියන්න එපා. රුධිරය ඔස්සේ බෝවන රෝග ගණනාවක් තිඛෙනවා.ඒඩ්ස් වගේ මාරාන්තික රෝග පමණක් නෙවෙයි, සෙංගමාලය, මැලේරියා වගේම අනෙකුත් සමාජ රෝගත් රුධිරය ඔස්සේ පැතිරෙනවා. ලේ දෙන කෙනා අදාළ රෝගයකින් යුතු නම්, ලේ ලබා ගන්නා රෝගියාටත් ඒ රෝගය වැළඳීමේ ඉතා ඉහළ ඉඩකඩක් තිඛෙනවා. blood donation sri lanka

ඒ නිසා තමයි එම ප්‍රශ්න මඟින් රුධිර දායකයා වන ඔබට එබඳු රෝග පැවතීමේ ඉඩකඩක් තිඛෙනවාද කියා පරීඬා කරන්නේ.එම සමස්ථ ක්‍රියාවලියේම අරමුණ අසරණ රෝගියෙක්ව ජීවත් කරවීමයි.ඒ නිසා කෙසේවත් අදාළ පෝරමයට බොරු උත්තර ලියන්න එපා.එසේ ලබා දෙන රුධිරය පෙර සඳහන් කළ රෝග සඳහා රසායනිකව පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්යයෙන්ම සිදු වන්නක්.ඒ නිසාම බොහෝ දෙනෙක් තමන්ට එබඳු රෝග වැළඳී ඇත්දැයි පරීඬා කර ගනීම පිණිසත් ලේ දන් දෙන්න පෙළඹෙනවා.එය නම් කිසිසෙත්ම නොකළ යුත්තක්.එමඟින් එම ලේ ගන්නා රෝගියාගේ ජීවිතය බරපතල ලෙස අවදානමකට ලක් වෙනවා.

එම පරීක්ෂාවේදී අදාළ රෝගය යමෙකුට වැළඳී තිඛෙනවා දැයි නිගමනය කිරීමට නම්, එම රෝග කාරකයට විරුද්ධව රුධිරය තුළ නිපදවෙන ප්‍රතිදේහ ප්‍රමාණය එක්තරා අගයකට වඩා වැඩි විය යුතුයි.උදාහරණයක් ලෙස ඒඩ්ස් ආසාදිතයෙක් ගනිමු.ඔහුට AIDS වෛරසය ශරීර ගත වී මාස කිහිපයක් ඇතුළතදී ඒ සඳහා රුධිරය පරීක්ෂා කිරීමෙන් ඒඩ්ස් වැළඳී ඇත්දැයි නිගමනය කළ නොහැකියි.ගත වී තිඛෙන්නේ කෙටි කාලයක් නිසා එහිදී හුදෙක් රුධිර පරීක්ෂාවකික් පමණක් එය හසු කරගැනීමේ හැකියාවක් නැහැ.එනිසාම එබඳු අයෙකු ලේ දුන් විට ඔහුගේ රුධිරය නිරෝගී අයෙකුගේ රුධිරය ලෙසටයි අදාළ රසායනික පරීක්ෂණයෙන් පසු සටහන් වන්නේ, මේ නිසා,එබඳු ලේ ශරීර ගත කිරීම මඟින් එම ලේ ලබා ගන්නා රෝගීයාටත් එම රෝගය වැළඳීම සිදුවෙනවා.නමුත්, එම භයානත තත්වය මඟ හරවා ගැනීම පිණිස යි අදාළ පෝරමය තුළ ඔබේ පෞද්ගලික ජීවිතය පිළිබඳව ඇතැම් ප්‍රශ්න අසන්නේ.

මේ නිසා ඔබ ලේ දන්දෙන විට එම පෝරමයේ සත්‍යයම සටහන් කරන්න.සිල්වත්ව තිසරණය රැක ගෙන ජීවිතයක් සුරකින්න අවස්ථාව එවිට උදාවේවි.

blood donation shraddha charity

ලේ දන්දීමක් සුදානම් කරන්න මටත් පුළුවන් ද..?

ශ්‍රී ලංකාවේ ඇතැම් මාසවල ජාතික රුධිර සංචිතයට රුධිර පරිත්‍යාග ලැඛෙන්නේ ඉතාමත් අඩුවෙන්. එ් නිසාම අප්‍රේල්, අගෝස්තු, සැප්තැම්බර් වැනි ලේ හිඟ මාසවල අසරණ රෝගින්ගේ ජීවිත අනතුරට ලක්වෙනවා. එම ලේ හිඟයෙන් ජාතිය ගලවාගනු පිණිසයි, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් සමග එක් වී රූපවාහිනී කළණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රද්ධා රුධිරදාන වැඩපිළිවෙල ආරම්භ කළේ. එ් අනුව ලේ හිඟ කාලයේ ශ්‍රද්ධා රුධිර දාන කඳවුරකට සම්බන්ධ වී ලේ දන් දෙන්න පමණක් නොවේ, ඔබේ ආයතනයේ තරුණ සංවිධානයේ පිරිසත් සමඟ එක්වෙලා ලේ හිඟ කාලයේ දී ශ්‍රද්ධා රුධිර දාන කඳවුරක් සංවිධාන කරන්නටත් පුලුවන්. එ් සඳහා අවශ්‍ය මාධ්‍ය අනුග්‍රහය ශ්‍රද්ධා රූපවාහිනිය ලබාදෙනු ලබනවා. ශ්‍රද්ධා රුධිරදාන කඳවුරක් ඔබේ ප්‍රදේශයේ, ආයතනයේ පවත්වන්නට ඔබත් කැමති නම් 0112 571 471, 0112 548 400 දුරකතන අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකියි. Shraddha Blood Donations

ලේ දන් දෙන අයට පහසුවෙන් පැමිණිය හැකි අයුරින් ගමන් පහසුව තිඛෙන ප්‍රසිද්ධ පොදූ තැනක් මේ කටයුත්තට ඉතාමත් සුදුසු යි. නමුත් එම ස්ථානයේ ප්‍රමාණවත් ආලෝකයක්,වාතාශ්‍රයක් සහිත ශාලාවක් තිබිය යුතු යි. එමෙන්ම එය බොහෝ පිරිසිදු ස්ථානයක් විය යුතුයි.ජලය,විදුලිය වගේ ම වැසිකිළි පහසුකම් ආදිය පිළිබදවත් සැළකිලිමත් විය යුතු යි.

එතකොට මොනවගේ දේවල් ද ඕන වෙන්නේ ..?

අවම වශයෙන් පහත සඳහන් උපකරණ හා භාණ්ඩ ඒ සඳහා අවශ්‍ය වෙනවා.

  • කාර්යාල මේස හතරක්.

  • සාමාන්‍ය පුටු දහයක්.

  • කුඩා ස්ටුල් හෝ ඩෙස්ක් 5ක්.

  • ලේ පරිත්‍යාග කරන අයට ඉඳගන්න බංකු හෝ පුටු.

  • විදුලි පංකා හතරක් පමණ.

එපමණක් නොවෙයි, ලේ දන් දෙන විට රුධිර දායකයා ගේ මුළු රුධිර පරිමාවෙන් යම් කොටසක් ක්ෂණික ව පහළ යෑම සිදු වන නිසා එය ඉක්මණින් ප්‍රකෘති තත්වයට ගෙන ඒම පිණිස යම් දියරමය පානයක් ලබා දීම වැදගත්. එම නිසා ඒ අයට කුමන හෝ බීම වර්ගයක් ලබා දීමට කටයුතු සුදානම් කළ යුතු වනවා. කැමති නම් ආහාර දානයක් වගේම තමන් සිදු කළ උතුම් ක්‍රියාව සිහි ගන්වමින්,සමරු සිහිවටනයකුත් ප්‍රදානය කරන්න පුළුවන්.

එක් ලේ දන්දීමේ කඳවුරකට අඩුම තරමේ ලේ දන් දෙන්නන් පනහකගේ වත් දායකත්වයක් ලැබිය යුතු වෙනවා. ඒ සඳහා විවිධ ප්‍රචාරණ  මාධ්‍ය මගින් පිරිස දැනුවත් කරන්න පුළුවන්.

blood donation shraddha charity

සාමාන්‍යයෙන් හැමෝටම තිඛෙන්නේ එකම ලේ වර්ගයක් නෙමෙයි.ඉතාම දුර්ලභ ලේ වර්ගත් තිඛෙනවා.එබඳු ලේ වර්ගයක් තිඛෙනා රෝගියකු සඳහා රුධිරය ලබා දීමට සිදු වූ විට,අදාළ ලේ වර්ගය සොයා ගැනීමට ඉතා අපහසු විය හැකිය.ඒ නිසා එම අපහසුතා මඟ හැරීම පිණිස ජාතික ලේ දන් දීමේ සේවය මඟින් දුර්ලභ ගණයේ රුධිර පරිත්‍යාගශීලීන්ගේ සංගමය නමින් සංගමයක් පිහිටුවා තිඛෙනවා.

ඔබේ ලේ වර්ගයත් ඕ – නෙගටිව්(O-Negative), බී – නෙගටිව්(B-Negative), ඒ – නෙගටිව් (A-Negative), ඒබී – නෙගටිව් :(AB-Negative) හෝ ඒබී – පොසිටිව්(AB-Positive) නම්, ඔබත් දුර්ලභ ලේ වර්ගයක් යුතු අයෙක්.නිරතුරු ලේ දන්දෙන ඔබේ ලේ වර්ගයත් මෙබඳු දුර්ලභ ලේ වර්ගයක් නම්, ඔබටත් මේ සංවිධානයේ ලියාපදිංචි වීමේ අවස්ථාව තිඛෙනවා.එවිට කවරෙකුට හෝ හදිස්සියේ ඔබේ ලේ වර්ගය අවශ්‍ය වුවහොත් ජාතික ලේ දන්දීමේ සේවය ඔබට ඒ පිළිිබඳව දැනුම් දෙනවා.එවිට ඔබට එම අසරණ රෝගියා වෙනුවෙන් රුධිරය දන් දිය හැක.ඒ අයුරින් ජීවත් වන්නට වෙරදරනා අයෙකුට ජීවිතය දෙන්න උපකාර කළහැකි නම්, ඔබ හැබෑම වීරයෙක්.

එම සංගමයට බැඳෙන්න ඔබත් කැමති නම්, 0115 332154 දුරකථන අංකයෙන් නාරහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථාන අමතන්න.

Blood Donation | රුධිර දාන | Shraddha TV