Charity | ශ්‍රද්ධා සමාජ සත්කාර

ව් කුසක පිළිසිඳගත් දා සිටම මියයන තුරුම සියළු සත්වයින්ගේ ජීවිත වල ගතවන හැම මොහොතක්ම , හැම ක්ෂණයක්ම අවිනිශ්චිතය, අභියෝගාත්මකය. ඒ අවිනිශ්චිත වූත් අභියෝගාත්මක වූත් ජීවිත ගමනට හුදකලාවේ ම මුහුණදීමට ඔවුනට දුෂ්කරය. සැම විටම තව කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් අවශ්‍යය. Shraddha Charity 

ජීවන ගමනේ නිතැතින්ම මුහුණදෙන අභියෝගයන්, දුෂ්කරතාවයන් හමුවේ අසරණ වන්නට නොදී දිරියෙන් ඉදිරියට මුහුණ දීමට පිහිටක් පිළිසරණක් ලබාදීමට අපිත් උත්සාහ කරන්නෙමු.

ඒ සානුකම්පිත අරමුණින් යුතුව අපගේ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේලාගේ අවවාද ආශිර්වාද පෙරටු කොටගෙන ලක් දෙරණ පුරා විසිරී පැතිරී සිටින අපේම සහෝදර ජනතාවට මෙන්ම සරණක් අවැසි තිරිසන් සතුන්ටද පිහිටක් වන්නට අපි ඔබට ඇරයුම් කරන්නෙමු.

තුන් ලොවක් සනසා ලූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වූ අපි එකිනෙකා වෙනුවෙන් ඉටුකරනා උත්තම වූ සමාජ සත්කාරයන්(Charity) හා එක්වෙමු.

ඔවුන්ගේ ජීවන ගමන සුරක්ෂිත කරමු.

ශ්‍රී ලංකාවේ ඇතැම් මාසවල ජාතික රුධිර සංචිතයට රුධිර පරිත්‍යාග ලැඛෙන්නේ ඉතාමත් අඩුවෙන්. එ් නිසාම අප්‍රේල්, අගෝස්තු, සැප්තැම්බර් වැනි ලේ හිඟ මාසවල අසරණ රෝගින්ගේ ජීවිත අනතුරට ලක්වෙනවා. එම ලේ හිඟයෙන් ජාතිය ගලවාගනු පිණිසයි, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් සමග එක් වී රූපවාහිනී කළණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රද්ධා රුධිරදාන වැඩපිළිවෙල ආරම්භ කළේ. එ් අනුව ලේ හිඟ කාලයේ ශ්‍රද්ධා රුධිර දාන කඳවුරකට සම්බන්ධ වී ලේ දන් දෙන්න පමණක් නොවේ, ඔබේ ආයතනයේ තරුණ සංවිධානයේ පිරිසත් සමඟ එක්වෙලා ලේ හිඟ කාලයේ දී ශ්‍රද්ධා රුධිර දාන කඳවුරක් සංවිධාන කරන්නටත් පුලුවන්. එ් සඳහා අවශ්‍ය මාධ්‍ය අනුග්‍රහය ශ්‍රද්ධා රූපවාහිනිය ලබාදෙනු ලබනවා. ශ්‍රද්ධා රුධිරදාන කඳවුරක් ඔබේ ප්‍රදේශයේ, ආයතනයේ පවත්වන්නට ඔබත් කැමති නම් 0112 571 471, 0112 548 400 දුරකතන අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකියි.

ශ්‍රද්ධා රුධිරදාන කඳවුරක් ඔබේ ප්‍රදේශයේ, ආයතනයේ පවත්වන්නට ඔබත් කැමති නම්

0112 571 471, 0112 548 400 දුරකතන අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකියි.

මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු

වැඩි විස්තර සඳහා පිවිසෙන්න
Shraddha Charity Services logo pure water for all

අප දේශයේම එක් කෙළවරක වාසය කරනා බීමට පිරිසිදු පැන් පොදක් නොමැති අහිංසක ජනතාවට පිළිසරණක් වන්නට අප විසින් පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය අරඹන ලදී. ඒ ඔස්සේ දූෂිත ජලය පරිහරණයෙන් වකුගඩු රෝගය වැළදෙන පළාත් වල ජල පිරිපහදු කිරීමේ ඒකක සවි වනු ඇත. විශේෂයෙන්ම මෙහිදී ආසනික් කැඩ්මියම් වැනි බැරලෝහ වර්ග පවා ඉහළ ප්‍රමාණයන්ගෙන් ජලයට මිශ්‍ර වී ඇති නිසා ඒවා ඉවත් කරනු පිණස රිවර්ස් ඔස්මොසිස් (RO) නම් තාක්ෂණය භාවිතා කිරීමට සිදුවේ. එහිදී දළ වශයෙන් එක් ගමක පානිය ජල අවශ්‍යතාවය සපුරන වතුර ෆිල්ටරයක් දළ වශයෙන් දස ලක්ෂයක් පමණ වේ. මෙම ෆිල්ටරය ස්ථාපිත කිරීමට කුඩා නිවෙස්නයක් ද තැනිය යුතු වේ. මේ ආකාර ජල පිරිපහදු කිරීමේ ඒකක ගමින් ගමට ගමේ පන්සල ඇසුරු කොට ගෙන ස්ථාපිත කිරීමට කටයුතු යොදමින් පවතියි. එහිදී අදාල ජනතාවට ගමේ පන්සල ඇසුරු කොට ගෙන පානීය ජලය ලබා ගත හැකි වනු ඇත.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න
Shraddha Charity Services logo scholarship

අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය සදහා දක්ෂ සිසුන් ආර්ථීක අපහසුතා නිසා අධ්‍යාපන කටයුතු අඩපණ කර ගන්නා ස්වභාවයක් දක්නට ලැබේ. එසේම එවැනි පවුල්වල සිසුනට උපකාර කිරීම පිණිස පවතින රාජ්‍යය හෝ රාජ්‍යය නොවන සංවිධාන ද සුලභ නොවේ. මෙවැනි පසුබිමක් තුළ ගුණ නැණ සපිරි අනාගත පරපුරක් සදහා අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ සිසුන් හට උපකාර කිරීම කාලීන අවශ්‍යතාවයක් බවට පත් ව ඇත. එසේම වර්තමාන අධ්‍යාපන රටාව තුල නොයෙක් ආකාරයේ උගතුන් බිහි වුව ද ගුණ දහමින් යුතු මිනිස් කම හදුනන උගතුන් බිහිවන්නේ අල්ප වශයෙනි.එනිසා ආර්ථීක අපහසුතාවයන්ගෙන් පීඩාවට පත් සිසු දරුවන්ට සවියක් වනු පිණිසත් ගුණයෙන් පොහොසත් අනාගත පරපුරක් දේශයට දායා ද කරනු පිණිසත් ශ්‍රද්ධා රූපවාහිනියේත් ශ්‍රද්ධාගුවන් විදුලියේත් නිර්මාතෘවර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදයෙන් මෙම පුණ්‍ය ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ මූලාරම්භ පසුබිම මෙය වේ.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න
Shraddha Charity Services abhaya dana

ජාති භේද, කුල භේද, ආගම් භේද නොතකමින් සකළ ලෝ තලය පුරා විසිරී පැතිරී සිටින අනේක විද වූ සත්වයින්ට මහත් වූ බියක් තැති ගැන්මක් උපදවන, මරණ බිය තරම් වෙනත් කාරණයක් නොමැති තරම් ය. උපන් සත්වයාට නිතැතින්ම උරුම වූ මේ අමිහිරි අත්දැකීම ඹවුන් ව කොතරම් අසරණ කරනවා ද යන්න මරණ මංචකයේ අසරණව විලාප දෙන, දඟලන සත්වයින් දුටු විට යන්තම් හෝ තේරුම් ගත හැකිය. Shraddha Charity 

සුලු දේටත් කම්පිතව බය තැති ගැනීමෙන් මුලු ජීවිත කාලයම වෙලාගෙන සිටින තිරිසන් ලෝකයට යන්තම් හෝ පිළිසරණක් ලබා දිය හැක්කේ මිනිස් ලොව උපන් අපටය. නානා විද හේතූන් නිසා මරණයට වෙන් වූ සත්වයින් බොහෝමයි… ආහාර පිණිස දවසකට මරණයට පත්වන ගවයන්, කුකුළන්, මත්සයින් වැනි අප්‍රමාණ සතුන් ප්‍රමාණයක් කිසිදෙයක් කරකියා ගත නොහැකිව මරණය පෙනි පෙනී අසරණ වී සීටී. Shraddha Charity 

වැඩි විස්තර සඳහා පිවිසෙන්න
Shraddha Charity Services logos