දම්සක් මන්දිරය | Damsak Mandiraya
බුදු පසේබුදු අරහන්තක මහා විහාරය 2016-11-25T12:12:56+00:00

බුදු පසේබුදු අරහන්තක මහා විහාරය

ඝටීකාර මහා සෑ ධර්ම දේශනා මාලාව

අසිරිමත් සිරි ඝටීකාර මහා සෑ රජාණන් වහන්සේ, සිරි සුගන්ධ ධාතු මාළිගාව, ආකාශ බෝධි මණ්ඩපය, සත්බුදු මන්දිරය, පසේ බුදු මන්දිරය, අරහන්තක විහාරය, සූවිසි බුද්ධ මණ්ඩපය, ධර්ම ශාලාව ඇතුළු මනෝරම්‍ය නිර්මාණයන්ගෙන් සමලංකෘතව බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා ඉදිවන ලොව ප්‍රථම තුන්තරා බෝධි විහාරය “ බුදු පසේබුදු අරහන්තක මහා විහාරය “, මාලබේ පිට්ටුගල පිහිටි මහමෙව්නාව අමාවතුර භාවනා අසපු පරිශ්‍රයේදී මේ දිනවල නිමැවෙමින් පවතිනවා.

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ පූර්ණ අනුශාසකත්වයෙන් සහ ආශීර්වාදයෙන් යුතුව සැදැහැවතුන්ගේ නොමද ආධාර උපකාර මධ්‍යයේ ඉදිවන තුන්තරා බෝධි විහාරයේත් සෑ රජුන්ගේත් කටයුතු තවත් බොහොමයක් ම ඉතිරියි. පරිවාර චෛත්‍ය, වාහල්කඩ ඉදිකිරිම, සළපතල මලුව සැකසීම වගේ ම චෛත්‍ය ප්‍රාකාරයටත් කැමති අයට දායක වෙන්න පුලුවන්. ඒ වගේ ම සුගන්ධ ධාතු මාළිගාවේ ධාතු කුටියේ ආරක්ෂිත වීදුරු ආවරණය, සිතුවම් නිර්මාණ, ආරක්ෂක කැමරා පද්ධතිය, වගේ ම තේක්ක, කලුවර ආදී ලී පරිත්‍යාගයෙන් වුව ද මෙහි කොටස් කරුවෙකු වීමට තවමත් කාලය ඉතිරියි.

වර්ග අඩි 40 000ක විහාරයක්… සැදැහැවතුන් 8000කට පමණ එක විට වන්දනා කළ හැකි විහාරයක්… බුදු පසේ බුදු මහරහතුන් මෙන් ම ධාතුන් වහන්සේලා ද සෑ රජුන් ද, බෝධීන් වහන්සේ ද එකම විහාරයක සිට වන්දනා කරගැනිමේ ලොව භාග්‍යවත් ම විහාරයක් වශයෙන් අනාගතයේ දී බුදු සසුනට පිදෙන මෙම විහාරයට අපිත් දායක වුනා කියා සිත පහදවාගන්නයි මේ පින්බර අවස්ථාව!!!

බුදු පසේබුදු අරහන්තක මහා විහාරය - shraddha tv , bpa

සියලු විමසීම් සහ වැඩි විස්තර මෙම දුරකතන අංකයන්ට ඇමතීමෙන් ලබාගත හැක

0712 955 559 / 0112 41 30 25

සියලු ධර්ම දේශනා සඳහා පිවිසෙන්න
බුදු පසේබුදු අරහන්තක මහා විහාරය water pond, pan pokuna , shraddha tv

සිරි ඝටීකාර මහා සෑය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය

ලොව ඉදිවන ප්‍රථම තුන්තරා බෝධි මණ්ඩපය වන මහමෙව්නාව අමාවතුර භාවනා අසපුවේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ ඉහළ මාලයේ, කාශ්‍යප හා ගෞතම සම්මා සම්බුද්ධ ශාසන ද්විත්වයේ ම උත්තම ශ්‍රාවකත්වය ලැබූ ඝටීකාර මහා බ්‍රහ්මරාජයා නමින් ඉදිකළ සිරි ඝටීකාර මහා සෑ රදුන්, සර්වඥ ධාතූන් වහන්සේලා හා අරහත් මුනි ධාතූන් වහන්සේලා වඩා හිඳුවමින් පින් කැමති දෙවි මිනිසුන්ගේ වන්දනාමානයන් උදෙසා ගෞතම සම්මා සම්බුදු සසුනට මෙසේ පිඳුම් වූ වගයි..!
පින් කැමැත්තෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා..! අමා නිවනින් සැනසෙත්වා..!

බුදු පසේබුදු අරහන්තක මහා විහාරය

බුදු පසේබුදු අරහන්තක මහා විහාරය shraddha tv bpa

සුපින්වත් ඔබගේ ආධාර සියල්ල අමාවතුර දම්සක් මන්දිර අරමුදල යන නමට ලංකා බැංකුව කඩුවෙල ශාඛාව වෙත තැන්පත් කළ හැකිය. එසේ නොමැති නම්, මාලඹේ අමාවතුර අසපුවේ කාර්යාලයට ද මුදල් ආධාර භාරදිය හැකිය. බැංකු ගිණුමට සිදු කරන තැන්පත් කිරීම් වලදී බැංකුවෙන් ලැබෙන ‘ස්ලිප්‘ එකේ පිටපතක් ඔබ පරිත්‍යාග කරන්නේ කුමන කොටසක් සදහා දැයි විශේෂයෙන් සඳහන්කර අපවෙත තැපැල් මගින් හෝ ඊ‍ මේල් මගින්එවීමට කටයුතු කරන්න.

—————————————————————–

 ලංකා බැංකුවේ ගිණුම් අංකය – 72126520

ඔබගේ පුණ්‍යාධාරයෙන් පසු සිහිවටන ඵලකයක් සේ මතක තබා ගත හැකි සුවිශේෂී පුණ්‍යානුමෝදනා පත්‍රිකාව ලබා ගැනීමට අමතක නොකරන්න.

—————————————————————–

දම්සක් මන්දිරය ඉදිකිරීම් කමිටුව

අමාවතුර භාවනා අසපුව, නව නුවර පාර, පිට්ටුගල, මාලඹේ

Tel: 94 114367078 / 94 773018582

amawatura@mahamevnawa.lk