Sponsoring Dhamma Programs 2016-11-25T12:12:56+00:00
සෑම සතියේ දිනක ම සවස 05.30 සිට 06.45 දක්වා විකාශනය වන මෙම වැඩසටහන සැදහැවත් පින්වතුන්ගේ සහභාගීත්වයෙන් සජීවීව පවත්වනු ලබන එකකි. ඔබ ගේ උපන්දිනය නිමිති කරගෙන හෝ මිය පරලොව ගිය ඤාතියෙකුට පින් අනුමෝදන් කිරීම පිණිස හෝ වෙනත් කිසියම් විශේෂ කරුණක් නිමිති කරගනිමින් මෙම වැඩසටහනට ඔබේ දායකත්වය සැපයිය හැකි යි.
සෑම සතියක ම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා සවස 02.00 සිට 03.15 දක්වා විකාශනය වන මෙම වැඩසටහන සෙනසුරාදා දිනයන් හි දී පටිගත කොට විකාශනය කරනු ලබන එකකි. මෙම වැඩසටහනට ඔබේ හිතවත් පිරිස් සමග සහභාගී වීමේ අවස්ථාව සළසා දී තිබේ. කිසියම් සුවිශේෂී කරුණක් මූලික කරගනිමින් මෙම වැඩසටහනට ද ඔබේ දායකත්වය දැක්විය හැකි ය.
ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශනය වන අනෙකුත් සියලු වැඩසටහන් වලට ද ඔබගේ බැතිබර දායකත්වය ලබා දිය හැකි යි.
ශ්‍රද්ධා රූපවාහිනිය පවත්වාගෙන යෑම උදෙසා ඔබේ දායකත්වය පහත සඳහන් බැංකුගිණුමට යොමු කළ හැකි ය.