Shraddha Education Scholarships | ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව

ජීවිතය ගොඩනගා ගන්න, යුතුකම් වගකීම් ඉටු කරන්න, සමාජයට බරක් නොවී ජීවත් වන්න, මේ හැමදේටහ මූලික පදනම අධ්‍යාපනය යි. විදිමත් අධ්‍යාපනයක් ලබා දෙන තමාගේ අරමුණු කරා ගමන් කරන්නට වෙර දරණ දුවා දරුවන්ට දෙමාපියන් වශයෙන් ලබා දෙන අනුග්‍රහය අති මහත් ය. නමුත් යම් යම් ආර්ථික අපහසුතා මත ජීවත් වන දෙමව්පියන්ට තම ළමයින්ට විදිමත් අධ්‍යාපනයක් ලබාදීම දුෂ්කර කටයුත්තකි. ඒ නිසා ම එවන් දක්ෂ නමුත් ආර්ථික අපහසුතා ඇති ළමයින් හට අධ්‍යාපනය හැදෑරීමට අත්වැළක් වන්නට ශ්‍රද්ධා මාධ්‍යජාලය ආරම්භ කළ පුණ්‍ය ව්‍යාපෘතිය යි ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව. ඔබත් කැපකරු මවක් වශයෙන්… කැපකරු පියෙකු වශයෙන්…  දැයේ අනාගතය භාරගැනීම පිණිස නෙත් අයා බලාසිටින අහිංසක දරුවෙකුගේ අනාගතය සාර්ථක කර ගැනිම පිණිස අත්වැලක් වෙන්නට කැමති නම්… අපව අමතන්න.

දුරකථන: +94714 371 522  විද්‍යුත් ලිපිනය: charity@shraddha.lk

බුදු දහමින් සුපෝෂිත දේශයට වැඩදායී අනාගත පරපුරක් බිහි කිරීම.

බෞද්ධ දරුවන්ට අධ්‍යාපනයට අත දීම පිණිස වන මෙම වැඩ පිළිවෙල තුලින් නැණ බලයෙන් හෙබි බෞද්ධ දරුවන් පිරිසක් දේශයට දායක කිරීම.

උගත් කමින් පමණක් නොව ගුණ දහමින්ද දේශයේ අනාගතය සවි බල ගැන්වීම.

බෞද්ධ ජනතාවගේ පවුල් පසුබිම හා ආර්ථීකය නංවාලීම.

දේශයේ ජීවනාලිය වෙත කළණ මිතුරු ඇසුර ලබා දීම.

අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය සදහා දක්ෂ සිසුන් ආර්ථීක අපහසුතා නිසා අධ්‍යාපන කටයුතු අඩපණ කර ගන්නා ස්වභාවයක් දක්නට ලැබේ. එසේම එවැනි පවුල්වල සිසුනට උපකාර කිරීම පිණිස පවතින රාජ්‍යය හෝ රාජ්‍යය නොවන සංවිධාන ද සුලභ නොවේ. මෙවැනි පසුබිමක් තුළ ගුණ නැණ සපිරි අනාගත පරපුරක් සදහා අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ සිසුන් හට උපකාර කිරීම කාලීන අවශ්‍යතාවයක් බවට පත් ව ඇත. එසේම වර්තමාන අධ්‍යාපන රටාව තුල නොයෙක් ආකාරයේ උගතුන් බිහි වුව ද ගුණ දහමින් යුතු මිනිස් කම හදුනන උගතුන් බිහිවන්නේ අල්ප වශයෙනි. එනිසා ආර්ථීක අපහසුතාවයන්ගෙන් පීඩාවට පත් සිසු දරුවන්ට සවියක් වනු පිණිසත් ගුණයෙන් පොහොසත් අනාගත පරපුරක් දේශයට දායා ද කරනු පිණිසත් ශ්‍රද්ධා රූපවාහිනියේත් ශ්‍රද්ධාගුවන් විදුලියේත් නිර්මාතෘවර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදයෙන් මෙම පුණ්‍ය ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ මූලාරම්භ පසුබිම මෙය වේ.

  • ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය සදහා සිසුන් තෝරා ගැනීම .

  • අධ්‍යාපන අමාත්‍යංශය වෙත ව්‍යාපෘති වාර්ථාව ඉදිරිපත් කිරීම සහ පළාත් සභා සහ මධ්‍යම රජය මගින් පාලනය වන සියලූ පාසල් වල ලිපිනයන් ඇතුලූ අවශ්‍යය දත්ත ලබා ගැනීම.

  • සියලුම පාසල් වලට ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය පිළිබදව ලිපි මගින් දැනුම් දීම හා ශිෂ්‍යත්ව අවශ්‍යය සිසුන් හට ඔවුන්ගේ අත් අකුරින් ලියන ලද ලිපියක්  සහ ආදර්ශ අයැදුම් පත්‍රය සම්පූර්ණ කොට ශ්‍රද්ධා ආයතනයට එවන ලෙස දැනුම් දීම .


  • ලිපියේ අන්තර් ගත විය යුතු කරුණු.

    ශිෂ්‍යයාගේ/ ශිෂ්‍යයාවගේ විස්තර.

    ශිෂ්‍යයාගේ /ශිෂ්‍යයාවගේ පවුලේ විස්තර.

    අධ්‍යාපන දක්ෂතා. ( සා. පෙළ ප්‍රතිඵල ආදිය).

    ශිෂ්‍යත්වය ඉල්ලා සිටීමට හේතුව හැකිතාක් පැහැදිළිව හා විස්තර සහිතව.

    ශිෂ්‍යයාගේ/ ශිෂ්‍යයාවගේ ලිපිනය.


    පැමිණෙන ලිපි අතරින් තෝරාගත් ලිපි වලට අයදුම්පත් යැවීම. එම අයදුම්පතක් සම්පූර්ණ කොට අදාල තොරතුරු වල සත්‍යතාව විදුහල්පති තුමා මඟින් සහතික කරවා ශ්‍රද්ධා ආයතනයට එවනා ලෙස දැනුම් දීම. පැමිණෙන අයදුම්පත් අතරින් විද්වත් මණ්ඩලයක් මගින් ශිෂ්‍යත්වය සදහා වඩාත්ම සුදුසුකම් ලබන සිසුන් තෝරා ගැනීම.

  1. ශිෂ්‍යත්ව මුදල සාමාන්‍යය පෙල දක්වා ඉගෙනුම ලබන දරුවෙක් වෙනුවෙන් රුපියල් 1100 ක් ද උසස් පෙළ හෝ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවෙකු වෙනුවෙන් රුපියල් 2000 ක් ද බැගින් වේ. මෙම ශිෂ්‍යත්වයක් සඳහා පහත ක්‍රම තුනෙන් එක් ආකාරයකට දායක විය හැක.

    මෙම ක්‍රමය මගින් අදාල දායකත්වය දරන පින්වතාට ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ යාවජීව කැපකරු මවක් හෝ යාවජීව කැපකරු පියෙක් බවට පත් විය හැක.එවිට එම යාවජීව කැපකරු මව හෝ පියා නාමයෙන් සැමදාටම ශිෂ්‍යත්ව ක්‍රියාත්මක වනවා ඇත.

  2. මාසිකව රුපියල් 2000 බැගින් හෝ රුපියල් 1100 බැගින් ලබා දීම මඟින් එක් දරුවෙකු උදෙසා දායකත්වය ලබා දීම. මෙහිදී අදාල දරුවා සඳහා වන වසරක ශිෂ්‍යත්ව මුදල එකවර හෝ වාරිික කිහිපයකින් හෝ මාසිකව ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට බැර කළ යුතුයි. ඉන් පසුව එය වසරින් වසර දීර්ඝ කරමින් කැපකරු මව් පියන් හට ශිෂ්‍යත්වය පවත්වාගෙන යා හැකි අතර යම් ආකාරයක කරදරයක් සිදුවී ශිෂ්‍යත්ව මුදල් ගෙවීමට අපහසුවක් ඇතිි උවහොත් අප වෙත දැනුම් දී ඉවත් විය හැක.

  3. තමන් කැමති මුදලක් ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට බැර කිරීම තුලින් ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට උපකාර කිරීම.

  • මාසිකව එක් දරුවකු උදෙසා වෙන්වන රු.2000ක මුදල එම දරුවාගේ කටයුතු සදහා පහත පරිදි වෙන් වේ.

    (අ) ගමන් වියදම් හා පාසැල් උපකරන ආදිය ලබා ගැනීම පිණිසත් එදිනෙදා වියදම් පිණිසත් රු.1650ක මුදලක් වෙන් වේ.

    (ආ) එම ශිෂ්‍යත්වලාභී දරුවාට තමන් කැමති පිනක් සිදු කරනු පිණිස රු.100ක මුදලක් වෙන් වේ.

    (ඇ) තමන්ගේ පවුලේ දෙමාපියන් සහෝදර සහෝදරියන් උදෙසා වැය කරනු පිණිස රු.100ක මුදලක් වෙන් වේ.

    (ඈ) ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ ලිපි ගනුදෙනු කටයුතු උදෙසා වැය කරනු පිණිස රු.50ක මුදලක් වෙන් වේ.

    (ඉ) එම දරුවාට දහම් පොතක් ලබා දෙනු පිණිස රු.100ක මුදලක් වෙන් වේ

  • මාසිකව එක් දරුවකු උදෙසා වෙන්වන රු.1100ක මුදල එම දරුවාගේ කටයුතු සදහා පහත පරිදි වෙන් වේ.

    (අ) ගමන් වියදම් හා පාසැල් උපකරන ආදිය ලබා ගැනීම පිණිසත් එදිනෙදා වියදම් පිණිසත් රු.820ක මුදලක් වෙන් වේ.

    (ආ) එම ශිෂ්‍යත්වලාභී දරුවාට තමන් කැමති පිනක් සිදු කරනු පිණිස රු.75ක මුදලක් වෙන් වේ.

    (ඇ) තමන්ගේ පවුලේ දෙමාපියන් සහෝදර සහෝදරියන් උදෙසා වැය කරනු පිණිස රු.75ක මුදලක් වෙන් වේ.

    (ඈ) ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ ලිපි ගනුදෙනු කටයුතු උදෙසා වැය කරනු පිණිස රු.50ක මුදලක් වෙන් වේ.

    (ඉ) එම දරුවාට දහම් පොතක් ලබා දෙනු පිණිස රු.80ක මුදලක් වෙන් වේ.

  •  

    එසේම අදාල ප්‍රදේශයේ පෞගලික උපකාරක පංති ගුරුවරුන් හා ශ්‍රද්ධා රූපවාහිණිය අතර එකගත්වයක් ඇති කොටගෙන ශිෂ්‍යත්වලාභී දරුවාට නොමිලයේ සහභාගි වීමට අවස්ථාව සළසා දෙනු ලැබේ.

  • සෑම මාස 06කට වරක්ම පොත් පත් හා පාසල් උපකරණ ශිෂ්‍යත්ව ලාභියාට ලබා දීම සිදු වේ.

  • සෑම වසරකම පාසැල් නිළ ඇදුම් සහ සාමාන්‍ය ඇදුම් කට්ටලයක් ද ශිෂ්‍යත්ව ලාභියාට ලබා දෙනු ඇත.

  • ශිෂ්‍යත්වලාභියා සහ කැපකරු මව්පියන් අතර හමුවක් සෑම මාස 06කට වරක්ම පවත්වනු ලැබේ.

  • ගුණ ධර්ම දියුණු කර ගැනීම නායකත්ව පුහුණුව ඉගෙනුම් ක්‍රම වේදයන් කියා දීම පිණිස වන වැඩමුළුවක් සෑම මාස 06කට වරක්ම පවත්වනු ලැබේ.

  • එසේම උසස්පෙළ අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය සදහා හෝ වෘත්තීය අධ්‍යාපනයක් සදහා මග පෙන්වීම.

ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව – මාසික සදහම් තිලිණය

Shraddha Education Scholarships book

ශ්‍රී බුද්ධ වර්ෂ 2559 | ව්‍යවහාරික වර්ෂ 2015
තෙවන කලාපය

 ඔයගොල්ලෝ හොඳ වැඩක් කරපුවා ම අම්මලා, තාත්තලා විතරක් නෙමෙයි ඒ හොඳ වැඩේ දකින අහන අයත් දුවට පුතාට හොඳ පුතා කියලා කියනවා. මතක් කරලා බලන්න. ඔයගොල්ලෝ පාසලේ වැඩ ටික පිළිවෙළට, ලස්සනට, නිවැරදිව කරපුව ම ඒක දැකපු අම්මා, තාත්තා සතුටු වුණා නේ ද? ගුරුවර පිරිසත් සතුටු වුණා නේ ද? ඔයගොල්ලෝ ගෙදර දොර, පාසල, පන්ති කාමරය අතු ගාලා, පිරිසිදු කරලා, ලස්සනට තියාගෙන හිටියොත් ඒ ගැනත් ගුරුවර, දෙමව්පිය හැම කෙනෙක් ම සතුටු වෙනවා. ඒ වගේ ම දුවේ පුතේ, ඔයගොල්ලෝ පොඩි සතෙකුට හරි හිරිහැරයක්, කරදරයක් කළොත් අර කිසි ම කෙනෙක් ඒ ගැන නම් සතුටු වෙන්නේ නැහැ. ඔයාලව අගය කරන්නෙත් නෑ. ඔයාලා බොරුවක් කිව්වොත්. ඔයාලා පොඩි දෙයක් හරි හොරෙන් ගත්තොත් ඒ අය ඔයාලව අගය කරන්නේ නැහැ නේ ද? Education Scholarships

සම්පූර්ණ ලිපියට

අනෙකුත් විශේෂාංග

ආදරණීය අම්මේ… තාත්තේ…

දරුවන්ගේ සිත් සතුටින් පිරී ඇත. ඒ ඔවුන්ට සෙනෙහෙවන්ත වූ තවත් අයෙක් මුණගැසුනු නිසාය. මේ දුවා දරුවන් යම් දිනෙක දී ජීවන කඩඉම් ජයගෙන යම් තැනක සිටී ද ගුණයෙන් නුවණින් වැඩී සිටී ද, එදිනද ඔවුන් ඔබව මහත් සෙනෙහසකින් සිහි කරනු ඇති.මේ අකුරු වී ඇත්තේ තවත් සෙනෙහෙවන්ත හැඟීමකි. education scholarships

තෙරුවන් සරණයි!

ආදරණීය කැපකරු මාපියන් වෙත,

ඉතා සතුටින් ලියමි. දෙමාපියනි, ඔබලා විසින් දෙනු ලබන ශිෂ්‍යාධාර මුදල් වලින් මාගේ අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව කරගෙන යමි. ඔබලා ඉතා සතුටින් මා හට දෙනු ලබන ශිෂ්‍යාධාර මුදල ලැබීමට පෙර මා සතියට දින 3ක් පමණ පාසල් ගිය අතර දැනට මම දිනපතා පාසල් ගොස් ඉගෙනීමෙහි නිරත වන්නෙමි. education scholarships
ආදර දෙමාපියනි,
සෑම මසකම පාසල් පවත්වන විෂය ධාරා ඇගයීම් වලින් පෙරදී මම 60-80 ත් අතර ලකුණු ලබා ගත්තෙමි. ඔබලාගේ ශිෂ්‍යත්වය ලබාගැනීමට තරම් මා වාසනාවන්ත වූ නිසා දැන් ඇගයීම් වලට 80-95 ත් අතර ලකුණු ලබා ගන්නෙමි. දෙමාපියනි, මා හට අධ්‍යාපනය ලැබීමට විෂයන් 13 ක් තිබේ. ගියවර විභාගයෙන් විශිෂ්ඨ ලකුණු ලබාගන්නට මා සමත්වුණෙමි. (1169) පන්තියේ තෙවැනියා ද විය. තවද මම පෙරදාට වඩා ඉතා සතුටින් පාසල් යමි. මට ශිෂ්‍යාධාර මුදල් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ඔබලාට මාගේ හදපිරි ස්තූතිය පුද කරමි.
ආදර මව්පියනි,
මාගේ මව දින 30 ම කුලී වැඩ කරමින් මා හට අධ්‍යාපනය ලබා දීමට දුක් වින්ඳාය. ඔබලාගේ ශිෂ්‍යාධාර මුදල ලැබීමෙන් මාගේ මව දින 10 ක් පමණ විවේක සුවයෙන් සිටී. මාගේ මව දැනට මාස 3 කට පමණ පෙර තදබල ලෙස රෝගාතුර වීම නිසා මට පාසල් යාමට අපහසු විය. නමුත් ඔබලා සතුටින් දෙන ශිෂ්‍යත්ව මුදල නිසා මම දිනපතා පාසල් යමි.

දෙමාපියනි, ඔබලා සතුටින් දෙන ශිෂ්‍යාධාර මුදල් මම මෙසේ වියදම් කළෙමි.
පාසල් යාම සඳහා රු. 700.00
මවට ඛෙහෙත් ගැනීමට රු. 75.00
විහාරස්ථානයේ බෝධිමළුව වටා රන්වැට ආලේපයට රු. 75.00
පොතක් ගැනීමට රු. 50.00
මුළු එකතුව රු. 900.00

මා ආදර මව්පියවරුනි,

ඔබලා විසින් මෙම මස එවනු ලැබූ දහම්පොත කියවීමෙන් මම ධර්මය පිළිබඳ වැඩිදුර ඉගෙනගත්තෙමි. තවද හොඳින් අවබෝධ කරගත්තෙමි. මෙහි අප ජීවිතයට ගත යුතු ආදර්ශ මැනවින් පෙන්වා දී වැඩිදුරට විස්තර කොට ඇත. නිවැරදිව තෙරුවන් සරණ යාමට පුද්ගලයකු කළ යුතු දේවල් මෙහි විස්තර කර ඇත. අපි ඉපදෙන, මැරෙන සංසාර ගමන පෙන්වා දී තිබේ. තවද බුදුගුණ, දහම්ගුණ, සඟගුණ ගැන වැඩිදුරට විස්තර කර තිබේ. ඒවා කියවා මම මගේ ජීවිතයට එහි ඇති ආදර්ශ ලබා ගත්තෙමි. දැනුම වැඩි කරගත්තෙමි.
ආදරණීය කැපකරු දෙමාපියනි,
ඔබලා මා හට ශිෂ්‍යත්වයක් ලබා දීමට කටයුතු කිරීම පිළිබඳ මම සතුටු වෙමි. දහස් වාරයක් පින් අනුමෝදන් කරමි. මගෙත් ආයුෂ ගෙන ඔඛෙත් ආයුෂ ලැබ ලෙඩක්, දුකක්, කරදරයක්, පීඩාවක් නොමැතිව දීර්ඝ කාලයක් ජීවත් වීමට ලැබේවා යි පතන අතර, දරුවන්ට මෙවැනි ශිෂ්‍යාධාර මුදල් ලබා දී තවත් එවැනි උතුම් ක්‍රියාවන් සිදු කිරීමට තව තවත් ශක්තිය, ධෛර්යය ලැබේවායි මා එක සිතින් ප්‍රාර්ථනා කරමි.
මෙයට,
සිසු දියණිය,
අප්සරා.


සීල සමාදානය‍

තිසරණගත වූ ශ්‍රාවකයෝ වනාහී ඉතා යහපත් වූ දැහැමි ජීවිකාවකට කැමැත්තෝය. ඔවුහු නිති පන්සිල් සුරකිති. පොහෝ දිනයේ උපෝසථ ශීලය සුරකිති. තමන් ගේ කායික ක්‍රියාවෙකින් හෝ වාචසික ක්‍රියාවකින්, අන්‍යයන්ට හෝ තමන්ට හෝ වරදක් සිදු කර ගැනීමට අකැමැති ඔවුහු ඉතා කැමැත්තෙන් ම සිල්වත් වෙති.
“සිල්වත් වීම” යනු බිම බලා ගෙන යෑම හෝ කා සමඟවත් කතා නොකර සිටීම හෝ නොවේ. එමෙන්ම හෙමින් හෙමින් ගමන් කිරීම හෝ නොවේ.
“සිල්වත් වීම” යනු කායික ව හා වාචසික ව සිදුවන වරදින් මිදීම ම ය. එය සිතා මතා යළි යළිත් සකස් කර ගත යුතු දෙයකි. මනා සිහි කල්පනාවෙන් පුරුදු කළ යුතු දෙයකි. සමහරු කායික ව වරදින් මිදී සිටිති. එහෙත් බොරුකීම් කේළාම් කීම් ආදියෙන් වරදේ බැඳෙත්. සමහරු වාචසිකව වරදින් මිදී සිටිත්. කායික ව වරදේ බැඳෙත්. එම නිසා තමන් ගෙන් සමාජයට සිදුවන්නට තිඛෙන හානිවලින් තමාව වළක්වා ගැනීම යි සීලයෙන් සිදුවන්නේ. එහෙයින් සියලූ දෙනාම සිල්වත් වීමට පුරුදු විය යුතු ම ය.
ශික්ෂා පද
ශික්ෂා පද සමාදන් වීමෙන් තමන් ගේ ජීවිතයේ පාලනයක් හෙවත් සීමාවක් ඇති කර ගත හැකි වේ. වරදින් මිදීමේ පහසුම මගයි. ශික්ෂා පද රැක ගැනීමට කල්පනා කරන තැනැත්තා ධාර්මික සතුටක් උපදවා ගැනීමට සමර්ථ වෙයි.
සිල් රැකීමේ අනුසස්
අප ගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාටලී නම් ගමට භික්ෂු සංඝයා පිරිවරා වැඩම කළ සේක. ඒ පාටලී ගම්වැසි සැදැහැවතුන් විසින් තනවන ලද විශ්‍රාම ශාලාව විවෘත කිරීම සිදුකරනු ලැබුවේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට එම ශාලාව පරිභෝග කිරීමට සැලැස්වීමෙනි. එහි දී භාග්‍යවතුන් වහන්සේ සීලවන්තයාට උදාකර ගත හැකි සම්පත් පහක් වදාළ සේක.
01. සිල්වත් තැනැත්තා ප්‍රාණඝාතයෙන් වැළකී, සොරකමින් වැළකී, වැරදි කාමසේවනයෙන් වැළකී, බොරුවෙන් වැළකී, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී ජීවිතය ගෙවන නිසා ඔහු අප්‍රමාදී ව උත්සාහයෙන් කටයුතු කරයි. ඒ නිසා ම ඔහු මහත් වූ සැප සම්පත් ලබයි. මෙය සීලසම්පත්තියේ පළමු ආනිශංසය යි.
02. සිල්වත් තැනැත්තා ගේ යහපත් ජීවිතය ගැන කළ්‍යාණ කීර්ති රාවයක් උස් ව පැන නගින්නේ වේ. මෙය සීලසම්පත්තියේ දෙවන ආනිශංසය යි.
03. සිල්වත් තැනැත්තා රජ, ඇමති, සිටු ආදී කවර හෝ ප්‍රභූන් පිරිසක් මැදකට ගිය විට විශාරද ව යයි. තේජස් සහිත ව යයි. මෙය සිල්වතා ගේ සීලසම්පත්තියේ තෙවන ආනිශංසය යි.
04. සිල්වත් තැනැත්තා මනා සිහි නුවණින් යුතු ව මිය යයි. මෙය ඔහු ගේ සීලසම්පත්තියේ සිව්වන ආනිශංසය යි.
05. සිල්වත් තැනැත්තා මරණයෙන් පසු ඉතා යහපත් ස්වභාව ඇති සුගති ලොවක උපදී. මෙය ඔහු ගේ සීලසම්පත්තියේ පස්වන ආනිශංසය යි.
(දී.නි.මහාපරිනිබ්බාණ සූත්‍රය)
මෙසේ මෙලොව පරලොව දෙකේහි ම සතුට සැනසීම උදා කරන සිල් පද රැක ගන්නට ලැබීම ජීවිතයට වාසනාව උදාවීම ය.

පන්සිල් සමාදන් වීම

01. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
02. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
03. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
04. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
05. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

සිංහලෙන්…

01. (මම) ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.
02. (මම) සොරකමින් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.
03. (මම) වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.
04. (මම) බොරු කීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.
05. (මම) මත් පැන් හා මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.
උතුම් තිසරණ සහිත වූ මාගේ මේ ශීලය මෙලොව යහපත පි‚ස ද සංසාර දුකින් නිදහස් වීම පිණිස ද උපකාර වේවා!
සාදු! සාදු!! සාදු!!!

අටසිල් සමාදන් වීම

මෙය ගෘහස්ථ ශ්‍රාවකයා ගේ උපෝසථ ශීලයයි. තෙරුවන් සරණගත වූ සෑම ගිහි ශ්‍රාවකයෙක් ම පොහෝ දින උපෝසථ ශීලයෙහි යෙදිය යුතු ය. මෙම උපෝසථ ශීලයෙහි ප්‍රධාන ලක්ෂණ කිහිපයකි. පංච ශීලයට අමතරව අලූතින් ම සිල්පද කිහිපයක් එකතු වේ.
පොහෝ දින ඔහු බ්‍රහ්මචාරී ව වාසය කරන දිනය යි. එමෙන් ම එදින විකාලයේ ඔහු ආහාර නොගනී. එය ඔහු ගේ උපවාස දිනය යි. එදින ඔහු සුඛෝපභෝගී සුව පහසු ඇඳ පුටු පරිහරණය නො කරයි. සුවඳ විලවුන් වර්ග, පුයර වර්ග භාවිතා නො කරයි. එදින ඔහු සංගීත සංදර්ශන ආදිය නැරඹීම නො කරයි. රහතුන් වහන්සේලා ගත කළ උදාර ජීවිත සිහි කරමින් ය ඔහු මෙසේ කල්ගත කරන්නේ. education scholarships

ඒ සික්ෂාපද මෙසේය.

01. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
02. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
03. අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
04. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
05. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
06. විකාලභෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
07. නච්ච, ගීත, වාදිත, විසූක දස්සන, මාලා, ගන්ධ විලේපන, ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
08. උච්චාසයන, මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

තේරුම…

01. (මම) ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.
02. (මම) සොරකමින් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.
03. (මම) අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.
04. (මම) බොරු කීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.
05. (මම) මත් පැන් හා මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.
06. (මම) විකාලයෙහි ආහාර ගැනීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.
07. (මම) නැටුම්, ගැයුම්, වාදන, විකාර දර්ශන නැරඹීම්, මල්, සුවඳ විලවුන් ආදිය දැරීම ද, සැරසීම ද, විසිතුරු ලෙස සැරසීම් ආදියෙන් ද වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.
08. (මම) උසස් (වටිනා) ආසන ද, මහා (සුඛෝපභෝගී) ආසන ද පරිහරණයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.
උතුම් තිසරණ සහිත වූ මාගේ මේ අට්ඨාංග උපෝසථ ශීලය මේ ජීවිතයේ යහපත පි‚ස ද සංසාර දුකින් නිදහස් වීම පිණිස ද උපකාර වේවා!

සාදු! සාදු!! සාදු!!!

සිල් දිනයේ නොකල යුතු කථා

01. දේශපාලකයන් ගැන කථා.
02. සොරුන් ගැන කථා.
03. මැති ඇමතිවරුන් ගැන කථා.
04. පිරිස් ගැන කථා.
05. හොල්මන් ගැන කථා.
06. යුද්ධ ගැන කථා.
07. ක්‍රීඩා ගැන කථා.
08. ආහාරපාන ගැන කථා.
09. ඇඳුම් පැළඳුම් ගැන කථා.
10. ඇඟේ පළඳින මල් මාලා ගැන කථා.
11. සුවඳ විළවුන් ගැන කථා.
12. ඥාතීන් ගැන කථා.
13. යාන-වාහන ගැන කථා.
14. ගමේ සිදුවන දේ ගැන කථා.
15. නියම් ගමේ සිදුවන දේ ගැන කථා.
16. නගරයේ සිදුවන දේ ගැන කථා.
17. ජනපදවල සිදුවන දේ ගැන කථා.
18. කාන්තාවන් ගැන කථා.
19. පුරුෂයින් ගැන කථා.
20. සුරා වර්ග ගැන කථා.
21. මග තොටේ සිදුවන දේ ගැන කථා.
22. නාන තොටේ දෙඩූ කථා.
23. මිය ගිය උදවිය ගැන කථා.
24. ඕපදූප කථා.
25. ලෝකය ගැන කියැවෙන බාහිර මතවාද ගැන කථා.
26. මුහුද ගැන කියැවෙන මතවාද ගැන කථා.
27. වෙනස් නොවන දේවල් තිබේ යනාදී මතවාද ගැන කථා.
28. මරණින් මතු කිසිවක් නැත යනාදී දේවල් ගැන කථා.
29. ගේ දොර ඉඩකඩම් දියුණු කර ගැනීම ගැන කථා.
30. අනුන් ගේ හා තමන් ගේ ධන හානි ආදිය ගැන කථා.
31. පංචකාම සැපය ගැන කථා.
32. ශරීරයට දුක් දීමෙන් නිවන් ලද හැක්කේ ය යනාදී කථා.

සිල් දිනයේ කළ යුතු කථා‍

01. අල්පේච්ඡ ජීවිතයේ වටිනාකම ගැන කථා.
02. ලද දෙයින් සතුටු වීම ගැන කථා.
03. හුදෙකලා වාසයේ වටිනාකම ගැන කථා.
04. විවේකයෙන් බණ භාවනා කිරීම ගැන කථා.
05. මහත් උත්සාහයෙන් අකුසල් ප්‍රහාණය කොට කුසල් දහම් උපදවා ගැනීම ගැන කථා.
06. සිල් රැකීම ගැන කථා.
07. සමාධිය ඇති කර ගැනීම ගැන කථා.
08. ප්‍රඥාව ඇති කර ගැනීම ගැන කථා.
09. විමුක්තිය ගැන කථා.
10. විමුක්ති ඥාන දර්ශනය ගැන කථා.

මේ ලිපියෙන් අපි ඔබව යොමු කරන්නෙ පාඩම් කිරීමට සුදුසු පරිදි තම වටපිටාව සකසා ගන්නේ කොහොමද කියන කරුණ පිළිබඳවයි.
ඔබේ පාඩම් කටයුතු කිරීමට බාධක නැති ස්ථානයක් සොයා ගත යුතුයි. මේ ස්ථානය පාඩම් කිරීම හැර අන් කිසිවක් සඳහා යොදා නොගන්නවා නම් හරිම වටිනවා.
විශේෂයෙන් කව්රුහරි කෙනෙක් සෑම දිනක ම එකම ස්ථානයේ පාඩම් කිරීම තුළින් මතකය වැඩිවීමට විශාල උපකාරයක් ලැඛෙන බව පරීක්ෂණ වලින් මේ වන විටත් තහවුරු වී අවසන්. education scholarships
කොහො ම උනත් මෙය පුද්ගල ස්වභාවය මත වෙනස් විය හැකියි. සමහර සිසුන් කැමති, පිරිස සමඟ එක්ව පාඩම් කරන්න. සමහර සිසුන් කැමති තනිව ම පාඩම් කරන්න. ඔබට අවශ්‍යය නම් පුස්තකාලයකට යන්නත් පුළුවනි. education scholarships
ඇතැම් විට ඔබේ නිවසේ ඇත්තේ එක් කාමරයක් නම් සහෝදර සහෝදරියන් සමඟ එහි විසීමට සිදුව ඇත්නම් ඒ ගැන කිසිසේත් ම ගැටෙන්න එපා. ගැටෙන විට සිතට තරහක් ඇති වෙනවා. තමාගේ පාඩම් කටයුතු සිදු කර ගැනීමට ඇති බාධාවන් ගැන සිතමින් ඔබ ගැටුන හොත් සිතේ විසිරීමකුත් පසුතැවීමකුත් ඇති වෙන්න පුළුවන්. අමතක කරන්න එපා, එහෙම සිතුවහොත් එයින් අකුසල් මෙන්ම ඔබගේ මතකයට ද බාධා ඇති වෙනවා.
ඔබ නිතරම ඵලදායී ලෙස කාලය කළමණාකරණය කරගන්න. ඔබ විසින් ම සකසා ගත් කාලසටහනකට අනුව පාඩම් කරන්න. දිනකට හෝ දින දෙකකට නොව එය නිරතුරුව භාවිතා කරන්න. education scholarships
සෑම දිනකට ම ඔබ විසින් කළ යුතු වැඩ ලැයිස්තුවක් සාදාගන්න. ඒවායේ ප්‍රමුඛතාවය අනුව පිළිවෙලින් සකසා ගන්න. ඉන් අනතුරුව එම වැඩ ලැයිස්තුව සම්පූර්ණ කිරීමෙ දී ප්‍රමුඛතාව ය අනුව කටයුතු කරන්න.

සෑම කටයුත්තක් ම සිදු කිරීමට පෙර ඔබ ඔබගෙන් ම

01. මේ අවස්ථාවේ කරන දෙය මාගේ අරමුණ කරා යාමට ප්‍රයෝජනවත් වේද?
02. මේ අවස්ථාවේ මෙය නොකර සිටියහොත් එහි ප්‍රතිඵලය කුමක් විය හැකිද?
යන ප්‍රශ්ණ දෙක අසන්න. එවිට ඔබගේ වැඩ ලැයිස්තුවෙන් අනවශ්‍ය දේ ඉවත් ව යනු ඇත.
එමෙන් ම ඔබගේ කාලය ගතවන ආකාරය ගැන මනා සැළකිල්ලකින් ඉන්න ඕන. ඒ වගේ ම කිසි විටෙකත් වැඩ එකතු වීමට ඉඩ තියන්න එපා. වැඩ ගොඩගැසුන හොත් විභාගය ලඟ එන විට ඔබේ ඉලක්කයට ඔබට කිසිසේත්ම ලඟාවිය නොහැකි දෙයක් ලෙස ඔබට වැටහේවි. එවිට සැකයත්, සිතේ විසිරීමත්, පසුතැවීමත් ඇති වීම නිසා ඔබ ඒ අවස්ථාවේ පාඩම් කරන දෙය පවා මතකයේ නොරඳියි.
ඔබට කාලය කළමනාකරණය කර ගැනීමට, To do List, එහෙමත් නැත්නම් වැඩ ලැයිස්තුවක් හදලා එහි ප්‍රථීඵල අපිටත් ලියල එවන්න.

Shraddha Education Scholarships download pdf
Shraddha Education Scholarships book

ශ්‍රී බුද්ධ වර්ෂ 2559 | ව්‍යවහාරික වර්ෂ 2015
දෙවන කලාපය

“දැන ඉගෙන ගත්තම – තමයි කෙනෙකුගෙ වත්කම
ගුණ නුවණ දැක්කම – ඔබට සලකයි රටේ ඔක්කොම”

මේ කවිය ඔයාලා හැමෝම අහලා ඇති. කියවලත් ඇති දැන ඉගෙන ගත් උගත් කෙනෙක් වෙන එක වත්කමක් කියලයි. මේ කවියෙන් කියන්නේ “වත්කම” කියන දේ ගොඩක් අය මනින්නේ මිල මුදල්වලින්නේ හැබැයි සල්ලි කියන දේ හොරෙකුට වුණත් ගන්න පුළුවන්. ගින්නෙන් වුණත් විනාශ වෙන්න පුළුවන්. රජවරුන්ට රාජසන්තක කරන්නත් පුළුවන්. ඒ කියන්නේ “මිල මුදල්” කියන වත්කම ඕනෑම වෙලාවක නැති වෙලා යන්න පුළුවන්. එහෙම වුණාට මේ කවියේ කියන “දැන උගත්කම” කියන වත්කම කිසි ම කෙනෙකුට අපෙන් උදුරලා ගන්න පුළුවන් ද ? බෑ නේ ද? හොරෙකුට ගන්න බැරි, රජෙකුටවත් ගන්න බැරි, ගින්නෙන් විනාශ වෙන්නෙත් නැති ඒ වගේ වස්තු සම්භාරයක් හරි හම්බ කර ගන්න කැමතියි නේ ද ? Education Scholarships

සම්පූර්ණ ලිපියට

අනෙකුත් විශේෂාංග

තම පුතුට මෙන්, තම දුවට මෙන් ලොවේ සියලූ දුවා දරුවන් වෙත දයාබර වූ පින්වත් කැපකරු දෙමාපියනි, ඔබේ පරිත්‍යාගය වෙනුවෙන් පුංචි සිත් තුළ ඇති වූ හැඟීම් අකුරු කර තිබුනේ මෙසේ ය.
මේ තෝරාගත් ලිපියකි.

තෙරුවන් සරණයි!

කරුණාබර මගේ කැපකරු දෙමාපියනි,

අප ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ සරණ සොයා යන මෙම දුෂ්කර දිවි ගමනේදී, පෙර සංසාරයේ කවදා හෝ කැපකරු දෙමාපියන් මගේ සැබෑම දෙමව්පියන් වී සිටින්නට ඇතැයි කියා මට සිතේ. මෙම මස මා වෙත ශ්‍රද්ධා සමාජ සත්කාර මාධ්‍යජාලය තුලින් එවා තිබූ දහම් පොතේ තිබූ කරුණු කියවා බැලීමේ දී මට මගේ කැපකරු දෙමව්පියන් ඇත්තට ම මැවී පෙනෙන්නට විය. මන්ද යත් එම දහම් පොතේ තිබූ ලෙසට සියලූම සාර්ථකත්වයන් අපේ ජීවිත වලට එක්කර ගැනීමේ හැකියාව ලැඛෙන්නේ බුදු සමිඳුන් දෙසූ ලෙස “දහම් කණ්ණාඩිය” සම්පූර්ණ කරගත් අයටයි. මට සිතෙන්නේ මගේ කැපකරු දෙමාපියන් ද පෙර සංසාරයේ පටන් එම දහම් කණ්ණාඩියට අයත් කාරණා හතර සම්පූර්ණ කරගෙන ඇති බවයි. education scholarships
මගේ කැපකරු දෙමව්පියනි, මගේ අධ්‍යාපනයට මා වෙනුවෙන් ලබා දෙන මෙම මාසික ශිෂ්‍යාධාර අරමුදල මගේ ජීවිතයේ මෙතුවක් කල් කිසිවෙකු මට ලබාදී නොමැත. මගේ රත්තරං අම්මයි තාත්තයි මගේ සහ නංගිගේ සියලූම එදිනෙදා අවශ්‍යතාවයන් ඉතාමත් අපහසුවෙන් ඉටු කරන බව මට හොදාකාරව ම පෙනෙයි. කැපකරු දෙමව්පියන් මට ලබාදෙන මාසික ශිෂ්‍යාධාර මුදල වගේ දෙයක් මගේ මව්පියන්ට මා අතට ලබාදිය නො හැක. අනේකවිද දුෂ්කරතා මධ්‍යයේ අපගේ අඩුපාඩුකම් සොයා බලා කරන ඔවුන්ගෙන් මට මෙවැනි මුදලක් කිසිසේත් ම ඉල්ලා සිටීමට ද නො සිතෙයි. දැන් මා ගැන සොයා බලා මගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙසෙන තවත් අයෙකු මොලොව ඇත. ඒ පිංබර කැපකරු දෙමව්පියනි ඔබයි. education scholarships
කැපකරු දෙමව්පින් විසින් මට ලබාදෙන මාසික ශිෂ්‍යාධාර මුදල මා දෝතට ගනුයේ දහස් වරක් ඔබතුමන්ලාට පින් දෙමිනි. මා හට ලබාදෙන එම මුදල මෙන් දස දහස් ගුණයක් මගේ පින්වන්ත කැපකරු දෙමව්පියන්ට ලැබේවා! මට මෙලෙස ආධාර කරන මගේ කැපකරු දෙමව්පියන් මෙලොවට බිහි කළ උත්තම දෙමව්පියන්ට ද මේ පින අත්පත් වේවා! මගේ දෙමව්පියන්ද නිතරම වාගේ “දුවගේ කැපකරු දෙමව්පියන්ට වැඩි වැඩියෙන් ලැබේවා! එතුමන්ට පින් අත්වේවා! ” ලෙස පවසනවා මට අනේකවාරයක් ඇසී ඇත. අප බුදුසමිඳුන් වදාළ ධර්මය තුළ ජීවමානව හිඳින්නා සේ මගේ කැපකරු දෙමව්පියන් ද මගේ ජීවිතයේ වැඩ සිටියි. කැපකරු දෙමව්පියනි නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට ඔබතුමන්ලාට හැකි වේවා!
කැපකරු දෙමව්පියනි, ගිය වසරේ වාර විභාග වලදී වැඩිපුර ලකුණු ගත් සිසුවියන්ගේ නම් අතර විද්‍යාලයේ දැන්වීම් පුවරුවේ මගේ නම ද ඵල විය. සිංහල විෂය හා පුරවැසි අධ්‍යාපනය යන විෂයන් දෙක හට ලෝකඩ පදක්කම් දෙකක් තෑගි ප්‍රධානෝත්සවයේ දී මට ලැබීමට නියමිතය. මාගේ දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට සෙමින් සෙමින් පියවර තබා යන ගමනේ දී මා හට යෝධ අත්වැලක් සපයන මාගේ කැපකාරු දෙමව්පියන් මට දෙන පින්වන්ත ශිෂ්‍යාධාරයද ලබා ගෙන මෙම වසරේදීත් ගිය වසරට වඩා පියවරක් හෝ ඉදිරියට තැබීමට කැපකරු දෙමව්පියනි ඔබගේ ආශිර්වාදය ද මට ලබා දෙන්න. මාගේ කැපකරු දෙමව්පියන් විසින් මැයි මස 30වන දින මා හට ලබා දුන් ශිෂ්‍යාධාර මුදල ඉතා භක්තියෙන් හා අරපිරිමැස්මෙන් මා වියදම් කළ අයුරු මෙසේය. නිල් පෑන් 2යි, කළු පෑන් 2, පැන්සල් 1යි, මකන 1යි, රතු පෑන් 1යි, පැන්සල් පෑන් ර`දවනයක් රුපියල් 180යි, විද්‍යා පන්තියට ගාස්තුව රුපියල් 350යි, පාසලේ පුස්තකාලයට පොතක් රු.160 ය, අප ප්‍රදේශයේ (පිටුම්පේ) පන්සලේ අවාස ගෙය සෑදීමට ආධාර රු.75යි, නංගිට ද පැන්සල් 2ක් රු.30, තාත්තාට රැකියාවට යෑමට මුදල් නොමැති දිනක බස් වියදම සඳහා රු.50ක මුදලක් ලබා දුන්නෙමි. education scholarships
අසිරිමත් සම්බුදු සමිඳුන්ගේ සුන්දර ගුණකඳ හඳුනා ගන්නට අපොහොසත් වූ මිනිසුන් එකල සේ ම මෙකල ද සිටියි. එවැනි සමාජයක මාගේ කැපකරු දෙමව්පියන් මඩගොහොරක පිපි සුන්දර සියපතක් බඳුය. මාගේ අධ්‍යාපනයට අත්වැලක් සපයන කැපකරු දෙමව්පියනි ඔබතුමන්ලාට තෙරුවන් සරණයි. දිනෙන් දින ජයටැඹ කරා ම ළඟා වේවා. කැපකරු දෙමව්පියනි ඔබට පිනක් ම අත් වේවා!
මෙයට,
අධ්‍යාපන ශිෂ්‍යත්ව ලාභී,
ජී.හිරුෂි.

බුද්ධ වන්දනාවට පුරුදු වෙමු !

01. සම්බුද්ධ නමස්කාරය

අපගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ව සිහි කොට උන්වහන්සේ ට නමස්කාර කිරීම උන්වහන්සේ ගේ ශ්‍රාවක වූ අප විසින් කළයුතු ම දෙයකි. නමස්කාරය කියවන විට දෑත ඵක් කොට වැඳගෙන ම කියන්න. මිහිරි ස්වරයෙන් හඬනගා කියන්න. තෙ වරක් ම කියන්න.

ඒ මෙසේ ය :-

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

තේරුම :-

මගේ නමස්කාරය වේවා! (නමෝ)
ඵ් භාග්‍යවතුන් වහන්සේ ට (තස්ස භගවතෝ)
රාග – ද්වේෂ – මෝහාදී සියලූ කෙලෙසුන් ප්‍රහීණ කිරීමෙන්
සදාකාලික පාරිශුද්ධභාවයට පත් වූ (අරහතෝ)
ගුරූපදේශ රහිත ව චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොට වදාළා වූ (සම්මා සම්බුද්ධස්ස)

02. තෙරුවන් සරණගත වීම

මෙය කළ යුත්තේ අවබෝධයෙන් ම යි. කියන්නන් වාලේ තිසරණය කිය වු පමණින් සරණගත වීමක් සිදු නොවේ. තමන් සරණගත වන බුදුරජාණන් වහන්සේ වනාහී කවරෙක් දැයි ගුණ වශයෙන් දැන හඳුනා ගෙන තේරුම් ගෙන තිබිය යුතු ය. ඵමෙන් ම සරණගත වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් මනා කොට දේශනා කර වදාළ ශ්‍රී සද්ධර්මය ම බව ගුණ වශයෙන් දැන හඳුනා ගෙන තේරුම් ගෙන තිබිය යුතු ය. එමෙන් ම තමන් සරණගත වන ශ්‍රාවක සඟ පිරිස වනාහී බුදූරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක වූ මාර්ගඵල ලාභී ශ්‍රාවකයින් වහන්සේලා බව ගුණ වශයෙන් දැන හඳුනා ගෙන තේරුම් ගෙන තිබිය යුතු ය.

03. තෙරුවන් සරණගත වන්නේ මෙසේ ය.

සම්බුද්ධ නමස්කාරය තෙවරක් කීමෙන් අනතුරු ව තෙරුවන් සරණගත විය යුතු ය. කාටවත් නැසෙන පරිදි කෙඳිරිලි හඬින් තොල් මතුරා කීමෙන් සරණාගමනය සිදු නොවේ. එය කාටත් ඇසෙන පරිදි මිහිරි ස්වරයෙන් හඬ නගා කිව යුතු ය.

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි

තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි

මෙසේ තුන්වරක් ම හඬනඟා ප්‍රකාශ කිරීමෙන් තෙරුවන් සරණට පැමිණේ. එවිට ඒ තැනැත්තා හෝ තැනැත්තිය බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක බවට පත් වේ. මෙසේ තිසරණ සරණගත වීම සුළු පටු දෙයක් නොවේ. පරම ගම්භීර වු උත්කෘෂ්ට වු මහා කුසල කර්මයකි !

බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක වු අරහත්වය ට පත් භිඬුන් වහන්සේලා මුල් කාලයේ දී ධර්මප්‍රචාරයට ගම් නියම්ගම්හි වැඩියහ. උන්වහන්සේලා පරම පිරිසිදු වු බුද්ධ වචනය ම අන්‍යයන්ට පැහැදිළි කරදෙන විට ඒ අසන්නා වූ පිරිසට ශ්‍රද්ධාව ඇති විය. ඔවුන්ට ද බුදු සසුනට ඇතුළුව පැවිදි ජීවිතයක් ගත කොට නිකෙලෙස්භාවයට පත්වීමේ ආශාව ඇති විය. එවිට භික්ෂූන් වහන්සේලා කරන්නේ ඒ පිරිස බුදුරජාණන් වහන්සේ වෙත කැඳවාගෙන පැමිණීමයි. ඉතා දුරබැහැර වැඩමකළ භික්ෂූන් වහන්සේලාට මෙය අපහසු බව දුටු භාග්‍යවතුන් වහන්සේ බුද්ධ ශාසනයට තවත් කෙනෙකු ඇතුළු කරගැනීමේ අවසරය භික්ෂූන් වහන්සේලාට ද ලබා දුන් සේක.

ඒ සඳහා පැවිදි කිරීමත් උපසම්පදා කිරීමත් කරන්නේ එකවරටයි. එසේ පැවිදි උපසම්පදාව ලබාදෙන්නේ තෙරුවන් සරණගත වීම මගින්ය. මුල් කාලීන බුදු සසුන තුළ පැවිදි වීමත් කරන්නේ තිසරණගතවීමෙනි. උපසම්පදා වීමත් කරන්නේ තිසරණගතවීමෙනි. සඟ පිරිස වැඩිවෙත්ම එයට තව කොටසක් භාග්‍යවතුන් වහන්සේ විසින්ම එක් කරන ලදී.
ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, යමෙක් තිසරණගතවන්නේ නම් එය අවබෝධයෙන් ම කළ යුතු ය. එය තමන්ගේ ජීවිතයට ලැඛෙන උත්තරීතර ආශීර්වාදය වේ. education scholarships

සම්බුදු සරණ පිහිටීමට බාධා ඇති වීම.

යමෙක් මෙසේ සිතයි, බුදු රජාණන් වහන්සේට වඩා උසස් වූ දෙවියන් බඹුන් ආදී පිරිස් සිටිත්. බුදුරජුන් පිරිනිවන් පා ඇති හෙයින් උන් වහන්සේ සරණ යාම වෙනුවට අපි දෙවි කෙනෙකු හෝ සායි බබා වැනි වෙන කෙනෙකු ව හෝ සරණ යමු. එහි ඇති වරද කුමක් ද? යනාදිය සිතූ පමණින් ඔහුගේ සරණ කිළිටි වේ. ප්‍රකාශ කළ සැනින් ඔහුගේ සරණ අහෝසි වේ. එමෙන්ම, බුදු සරණ යාම යනු බුද්ධිය සරණ යාම ය කී පමණින්, ඔහුගේ සරණාගමනය අහෝසි වේ. education scholarships

දහම් සරණ පිහිටීමට බාධා ඇති වීම.

ධර්මය යනු බුදුරජාණන් වහන්සේ විසින් ඉතා ම පැහැදිළි ලෙසත් පිරිසිදු ලෙසත් වදාරන ලද ශ්‍රී ස්දධර්මයයි. දැන් ඒ ධර්මය ඉතාමත් පිරිසිදුව සූත්‍ර – විනය ආදී ශුද්ධ ග්‍රන්ථ වල සටහන් ව පවතී. ඒ ධර්මයෙන් පවසන්නේ මෙ ලොව, පරලොව ජීවිත සුරක්ෂිත කරගන්නා ආකාරයත්, සදහට ම සංසාර දුකින් අත්මිදෙන ආකාරයත් ය. ඒ නිසාමයි ඒ ධර්මය අප සරණ යන්නේ.
එහෙත් යමෙක් මෙසේ කියත් නම්, දැන් කාලයේ ඔය ධර්මයෙන් ඵලක් නැත. ඔයිට වඩා වටිනා දේ මොන තරම් තිබේ ද, ඔවැනි සංසාරයක් තිබේ නම් ඔප්පු කරන්නේ කෙසේදැ යි, මෙවැනි දේ සිතූ කෙණෙහි දහම් සරණ කිළිටි වේ. ප්‍රකාශ කළ සැණින් සරණ බිඳි යයි. එමෙන් ම යමෙක් මෙසේ කියත් නම් ඔය නිවන පැත්තකින් දමන්න. මොන මාර්ගඵල ද? හැම දේට ම පළමු කීයක්හරි හොයාගන්නා හැටි හිතපන්. ගිහියන්ට මොන භාවනා ද? ගිහියන්ට මොන මග ඵලද? යනාදි ය පැවසූ සැණින් ම ඔහු ගේ දහම් සරණ බිඳෙයි. දහම් සරණ බිෙඳන විට ම තිසරණය ම බිඳෙයි. ශ්‍රාවකභාවය අහෝසි වෙයි. education scholarships

සඟ සරණ පිහිටීමට බාධා ඇති වීම.

අප සරණ යන බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සඟ පිරිස වනාහි පෘතග්ජන පිරිසක් නොවේ. උන්වහන්සේලා වනාහී මාර්ගඵල ලාභී උත්තමයෝ ය. සෝවාන් මාර්ගයේ සිට අරහත් ඵලය දක්වා වූ නිවන් මඟට අයත් පිරිස ය.
එහෙත් යමෙක් මෙ කරුණ දැන නොගෙන භික්ෂු වේශයෙන් සිටින මිත්‍යාදෘෂ්ටික පැවිද්දෙකු දෙන්නෙකු ඇසුරු කොට සියළුම ශ්‍රාවක සඟ පිරිස ඒ මිම්මෙන් මනිමින් දොස් පරොස් නගමින්, බුදුරජුන් ගේ ශ්‍රාවක පිරිස හෙළා දකී නම්, ඒ සැණින් සඟ සරණ අහෝසි වේ. එවිට තිසරණය ම බිඳී යයි. ශ්‍රාවකභාවය අහෝසි වෙයි. education scholarships

කල්පනාකාරී වන්න.

තිසරණය තුළ නො පිහිටා ගතහොත් එය තමා හට මහා අනර්ථයෙකි. තිසරණය පිළිබඳ ව කිසිම අවබෝධයක් නැති ව වචන කියූ පමණින් සරණ නො පිහිටයි. වර්තමාන ලක්දිව ගිහි – පැවිදි බොහෝ දෙනෙකුට තිසරණයවත් නැත. අන්‍යාගම් වලට ත් නොයෙකුත් දුරාචාරවලට ත් ගොදුරු වන්නේ ඒ තිසරණය නැති පිරිසයි. තිසරණය ට නො පැමිණ ඔවුන්ට ඒ විපතින් මිදෙන්නට වෙන ක්‍රමයක් නැත්තේ ම ය.
යමෙකු ගේ තිසරණය බිඳි ගොස් තිඛෙන බව මේ කරුණු තුළින් වැටහේ නම්, ඒ තැනැත්තා වහාම කළ යුත්තේ තිසරණය සමාදන් ව තරයේම එහි සිත පිහිටුවා ගැනීමයි. ඉන්පසු තමාගේ තිසරණයට හානි සිදු නොවන පරිදි හැම විට ම කල්පනාවෙන් සිටිය යුතු ය.

තිසරණයේ පිහිටීම මහත් ම ලාභයයි.

යම් කෙනෙකුට මේ උතුම් තිසරණයෙහි මනාව පිහිටා සිටින්නට ලැබුණ හොත් එය වනාහී ඔහු ලබන මහත් ම ලාභයයි. පින්වත් ආනන්ද, යම් කෙනෙකු කෙරෙහි අනුකම්පා කරව් නම්, ඒ යමෙක් එනම්, සුහද මිත්‍රයෝ හෝ වෙත් නම්, ඤාති හිතෛෂීහු වෙත් නම්, ඔවුහු (ඔබ පවසන දෙය) ඇසිය යුතු යැයි සිතත් ද, පින්වත් ආනන්ද, ඔබ විසින් ඔවුන් ව කරුණු තුනක් තුළ සමාදන් කරවිය යුතු ය. ඇතුළත් කරවිය යුතු ය. පිහිටවිය යුතු ය.
කවර තුන් කරුණක් ද යත්, බුදුරජුන් කෙරෙහි නො සෙල්වෙන ප්‍රසාදයක් සමාදන් කරවිය යුතු ය. බුදුරජුන් වනාහි මෙසේ අරහත් ය.
සද්ධර්මය කෙරෙහි නො සෙල්වෙන ප්‍රසාදයක් සමාදන් කරවිය යුතු ය. භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට දෙසන ලද මේ සද්ධර්මය වනාහී සන්දිට්ඨිකය. ශ්‍රාවක සඟ පිරිස කෙරෙහි ත් නො සෙල්වෙන ප්‍රසාදයක් සමාදන් කරවිය යුතු ය. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සඟ පිරිස වනාහී සුපටිපන්න වේ.
පින්වත් ආනන්දය, මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන් වනාහී වෙනස් ස්වභාවයට පත් වන්නේ ම ය. එහෙත් බුදුරජුන් කෙරෙහි, සද්ධර්මය කෙරෙහි, ශ්‍රාවක සඟ පිරිස කෙරෙහි නො සෙල්වෙන ප්‍රසාදයෙන් යුතු තැනැත්තා එසේ වෙනස් ස්වභාවයට පත් නොවේ. වෙනස් ස්වභාවයට පත් වීම යනු මෙයයි.
පින්වත් ආනන්දය, බුදුරජුන් කෙරෙහි, සද්ධර්මය කෙරෙහි, ශ්‍රාවක සඟ පිරිස කෙරෙහි නො සෙල්වෙන පැහැදීම ඇති ඒ ආර්ය ශ්‍රාවකයා කිසි සේත් ම නිරයේ හෝ තිරිසන් ලෝකයෙහි හෝ, ප්‍රේත ලෝකයෙහි හෝ උපත ලබන්නේ ය යන කරුණ සිදු නො වන්නේ ම ය.
(අංගුත්තර නිකාය – 3 නිපාතය)
සම්බුදු මුවින්ම වදාරණ ලද මේ උතුම් දෙසුම ගැන සිත යොමු කොට අපි කවුරුත් වහ වහා තිසරණයෙහි ම මනාකොට පිහිටිය යුතු ය. තිසරණයෙහි ම ගුණ සිහි කළ යුතු ය. තිසරණය නම් වූ මහානීය ධනයෙන් ධනවත් වන තැනැත්තා සිතින් දිළින්දෙක් නොවේ. එම නිසා තිසරණයෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන අනන්ත සැප උදා කර දෙන ශ්‍රද්ධා ධනය ලබා ගනිමු.

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත සැදැහැවතුන්ගේ වන්දනාපොතෙන් උපුටා ගන්නා ලදි.

ආදරණීය පුංචි දුවේ පුතේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මඟින් අරඹන ලද අධ්‍යාපනික ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය යටතේ ශිෂ්‍යත්වයක් ලැබීමට ඔබ වාසනාවන්ත වුනා. අප වෙත එවන ලද අති විශාල අයදුම්පත් අතරින් ඔබ ව ශ්‍රද්ධා අධ්‍යාපනික ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය යටතේ ශිෂ්‍යත්වයක් ලැබීමට සුදුකම් ලැබුවේ ඒ නිසාමයි. ඔබට මුදල් පමණක් ලබා දීම අපේ අරමුණ නොවෙයි. අධ්‍යාපනය තුළින් ඉහලට ම රැගෙන යාම අපගේ අරමුණයි. ඒ සඳහා අපට කළ හැකි සෑම දෙයක් ම ඔබ වෙනුවෙන් සිදු කරනවා. එනිසා ඉගෙන ගැනීමේ දී ඔබට අතිශයින් ම වැදගත් කරුණු සහ මතක තබා ගැනීමේ කෙටි ක්‍රම ආදී මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔබ වෙත මාසික ව එවීමට අප අදහස් කලා.
අද ඔබට ලැඛෙන්නේ ඒ යටතේ ලැඛෙන පළමු ලිපිය යි. මේ තොරතුරු කියවලා ඔබේ කුසලතා වැඩි කරගැනී ම ට මෙන් ම මේ තොරතුරු පාසලේ මිතුරු මිතුරියන් සමඟ බෙදාගෙන පින් රැස් කර ගැනීමටත් ඔබට අවස්ථාව තිඛෙනවා.‍
මුලින් ම අපි ඔබට ලබා දෙන්නේ ඔබ විසින් ඔබේ ආකල්ප සහ අරමුණු ගොඩනනංවා ගත යුතු ආකාරය පිළිබඳ ඉතා ම වටිනා තොරතුරු කිහිපයක්.
මුලින් ම ඔබ අළුතින් ඇරඹුණු අධ්‍යයන වර්ෂය සඳහා විශේෂ අරමුණු ඔබ විසින් ගොඩ නංවා ගත යුතු යි.
අපි හිතමු ඔබට ගියවර වාර විභාගයේ දී ග‚තය විෂය සඳහා ළකුණු සැළකිය යුතු ලෙස අඩු වෙලා කියලා. එසේනම් මේ වාරය ආරම්භයේ දී ම ඔබ අරමුණක් ඇති කර ගත යුතුයි.

උදා: අරමුණ – ගණිතය විෂයට ලකුණු 95 ක් ලබාගැනීම

නමුත් අරමුණ පැහැදිලි කරගෙන මොකුත් ම නොකර සිටියට කවදාවත් ම ඒ අරමුණු ඉටු වන්නේ නැහැ. ඒ අරමුණු යථාර්තයක් බවට පත් කර ගැනීමටනම් ඔබ විසින් ම සැළසුමක් සදා ගත යුතු යි.

සැලසුම :-

  • නොකඩවා පන්තියට සහභාගි වීම
  • ගෙදර වැඩ මඟහැර නොගැනීම
  • සෑම දිනකම අරමුණ ට ළඟා වීම වෙනුවෙන් පාඩම් කිරීම
  • තමාට නොතේරෙන තැන් පැහැදිලි කරගැනීම.

ඔබගේ හැකියාවන් ගැන දන්නේ ඔබ ම යි. දැන් ඔබේ අරමුණ වෙත යාමට ඇති හැකියාව අඩු බව ඔබට ම තේරෙනවානම් උපකාරක පන්තියකට යාම වරදක් නොවේ. නමුත් එය කිසිසේත්ම තරඟයකට හෝ අනිත් අය කරන නිසා සිදු කිරීමක් නොවිය යුතුයි. දෙමාපියන් කියන නිසා හෝ යහළුවන් යන නිසා ත් නොවිය යුතුයි.
එසේම ඔබේ අරමුණ පිරිසිදු වීම තුළින් ඔබටත්, අන් අයටත් පහසුවක් ඇති කරනවා. එයට හේතුව අපේ ඉලක්කය තමාගේ දියුණුව ගැන සිතීමක් මිස අන් කෙනෙකු අභිබවා ඉදිරියට යාමක් නොවේ. ඒ තුළ ද්වේශය, ඊර්ෂියාව ගැබ් වී නැහැ. ඒ නිසා ම සිතට කිසි බරක් නැහැ. අපි සදා ගත් අරමුණ සහ ඒ සඳහා සිදු කෙරෙන වැඩ පිළිවෙල තුළ ද්වේශය හෙවත් ව්‍යාපාදය නම් වූ අකුසලය පෝෂණය නොවීම නිසා ඔබේ මතකය වැඩිවීමට පවා විශාල තල්ලූවක් තිඛෙනවා.

Shraddha Education Scholarships download pdf

මෙතෙරින් එතෙරට

ශ්‍රී බුද්ධ වර්ෂ 2559 | ව්‍යවහාරික වර්ෂ 2015
පළමු කලාපය

Shraddha Education Scholarships

 බෞද්ධයා යනු කවරෙක් ද?

බෞද්ධයා කියන්නෙ අවබෝධයෙන් ම තෙරුවන් සරණ ගිය කෙනාට යි. මෙතැන දි අපට අවබෝධයෙන් තෙරුවන් සරණ ගියා කෙනා කියල විශේෂයෙන් කියන්න සිදු වුනේ උපතින් බෞද්ධ වූ බොහෝ දෙනෙක් අවබෝධයෙන් ම තෙරුවන් සරණ යන ආකාරය නො දන්නා නිස යි. ඔබ ම ටිකක් හිතා බලන්න ඔඛෙන් කවුරු හරි ඇහුවොත්, ඔබ තෙරුවන් සරණ ගියේ මොකට ද කියලා. මොකක්ද ඔබ දෙන පිළිතුර? සමහර විට පිළිතුරක් දෙන්න නො දන්නා නිසා ම ඔබ නිහඬ වේවි. එ් කෙන් පේන්නේ අද රටේ බොහෝ පිරිසක් නාමිකව තෙරුවන් සරණ ගියාට තේරුමක් නො දැනයි සරණ ගියේ. සමහර විට තවත් කෙනෙක් කියන නිසා අපි තෙරුවන් සරණ යනවා. එහෙම නැතිනම්, දෙමව්පියන් තෙරුවන් සරණ යන නිසා අපිත් තෙරුවන් සරණ යනවා. සමහරු චාරිත්‍රයක් විදහටත් තෙරුවන් සරණ යනවා. එහෙම කළා මිසක් අපි තෙරුවන් සරණ යාමෙන් හැබෑවට ම බලාපොරොත්තු විය යුත්තේ මොකක් ද කියන එක පිළිබඳවත් එ් බලාපොරොත්තුව ඇත්තට ම හරියන එකක් ද කියන කාරණය ගැනත් චුට්ටක්වත් හිතලා බැලූවේ නෑ නේද? නිවැරදිව තෙරුවන් සරණ නො ගිය නිසා ම අපේ බෞද්ධයන් අද ඉතාම අසරණ පිරිසක් බවට පත් වෙලා. Education Scholarships

සම්පූර්ණ ලිපියට

අනෙකුත් විශේෂාංග

අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙලොව පහළ වූ ආශ්චර්යවත් ම මනුෂ්‍යයා යි. මේ මුළු ලෝකයේ ම යථා ස්වභාවය ඒ ආකාරයෙන් ම අවබෝධ කරගන්නට බුදු සමිඳුන්ට හැකියාව ලැබුණා. සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරාවට ම පිරූ පාරමී බලය එඒ උතුම් මුනිඳාණන් පසුපස තිබුණා. දස දහසක් ලෝක ධාතුව ම කම්පා කරවමින් අපගේ බුදු සමිඳුන් ඒ අනුත්තර අමා මහ නිවන සාක්ෂාත් කළ විට, මේ මුළු මහත් ලෝකයට ම සැඟවී තිබුණු නව මාවතක් විවර වුණා. ඒ සනාතන විමුක්තියේ මාවත යි. අවිද්‍යා තිමිර පටල සිඳ බිඳ දමා ලොවේ උතුම් ම මනුෂ්‍යයා බවට පත් වූ ඒ බුදු සමිඳුන් අනන්ත වූ ගුණ සමුදායකින් යුක්තව වැඩ සිටියා. ඒ බුදු සමිඳුන් කිසිම විටෙක බාහිර රූප ඔස්සේ තමන් වහන්සේව ශ්‍රාවකයන්ට සමීප කළේ නැහැ. ඒ අනන්ත වූ අසිරිමත් සම්බුදු ගුණ සියල්ල ම දරාගන්න තරම් අපේ සිත් පුංචි වැඩි යි. ඒ නිසා, උන්වහන්සේ තමන් වහන්සේව ලෝක වාසීන්ට හඳුන්වා දුන්නේ අසිරිමත් ගුණ නවයක් ඔස්සේ යි. ඒ අසිරිමත් ගුණ නවය මේ ලෝකයේ සම්බුදු රජාණන් වහන්සේ නමක් තුළ හැර, වෙනත් කිසිම අයෙකු තුළ පිහිටන්නේ නැහැ. ඒ නිසයි, භාග්‍යවතුන් වහන්සේට අසමසම කියලා කියන්නේ. එදා විතරක් නොවෙයි, අදටත් මේ ලෝකයේ ඉපදෙන පින්බර මිනිසුන්ට ඒ බුදු සමිඳුන්ව මේ අසිරිමත් ගුණ නවය ඔස්සේ දැකබලා ගත හැකියි. ඒ අසිරිමත් බුදු ගුණ තුළ උන්වහන්සේ තවමත් ජීවමාන යි. අපිත් ඒ මහා පුණ්‍ය ලක්ෂණයන්ගෙන් යුත් ගුණ සයුරාණන් වහන්සේව සිත් පුරා දැක ගනිමු. Education Scholarships


අප ගේ බුදු සමිඳුන් ගේ අරහං ගුණය

බුදු රජාණන් වහන්සේ සියළු කෙලෙසුන්ගෙන් නිදහස් වීඑ වදාළා. “කෙලෙස්” කියල කියන්නේ හිත කෙලෙසන දේවල් වලටයි. සිත කෙලෙසන දේවල් වලින් නිදහස් වූ සිත තමයි ඉතාමත් ම පිරිසිඳු නිකැළැල් සිත බවට පත්වන්නේ. සිත කෙලෙසන දේවල් තුනක් මූලිකව ම අපට හඳුනාගන්න පුළුවන්. ඒවා තමයි, රාගයත්, ද්වේෂයත්, මෝහයත්. මේ සිත අපිරිසිඳු කරන දේවල් තුනෙන් ම බුදු සමිඳුන් පරිපූර්ණ වශයෙන් ම නිදහස් වී වදාළා. “රාගය” කියල කියන්නේ විවිධ දේවල් වලට සිත ඇදිලා යන ගතිය. ඇළුම් කරන ගතිය. අපි මේ ඉපදිලා ගතවුනු කාලය තුළ මොනතරම් නම් දේවල් වලට ඇළුම් කළා ද? ඒ නිසා ම, මොනතරම් නම් දේවල් පස්සේ හති දම දමා දිව්ව ද? නමුත්, බුදු සමිඳුන් රාගය සම්පූර්ණයෙන් ම ප්‍රහාණය කළා. සම්බුදු රජාණන් වහන්සේ ගේ නෙත් සඟල හරිම සුන්දර යි. මේ ලෝකයේ තිබුණ ලස්සන ම ඇස් දෙක තිබුණේ උන්වහන්සේට යි. අපි ඒ නෙත් වලට කියනවා අභිනීල නෙත් කියලා. ඒ කියන්නේ, ඉතාමත් සුන්දර නිල්පාට ඇස් දෙකක් තමයි උන්වහන්සේට තිබුණෙ. ඒ ඇස් දෙකෙන් බුදු සමිදුන් දුටුවේ මේ ලෝකය විතරක් නොවෙයි. මිනිස් ඇස ඉක්මවා ගිය පිරිසිදු දිවැස ඉතාම හොදින් උපදවාගෙන තිබුණ නිසා, අපගේ ශාස්තෘන් වහන්සේට විවිධාකාරයේ දිව්‍යලෝක, බ්‍රහ්ම ලෝක ආදියත්, ඒවායේ උපන් දෙවිවරුන් ඉතාමත් ඉහළ සැප සම්පත් විදිනා අයුරුත් දැක ගන්න ලැබුණා. නමුත්, සම්බුදු සමිඳුන්ගේ ඒ අසිරිමත් බුදු සිතේ ඒ කිසිම දෙයකට ඇල්මක් ඇති වුනේ නැහැ. ඒකට හේතුව, බුදු සමිඳුන් රාගය නැවත කිසිදාක ඇති නොවෙන අයුරින් මුළුමනින් ම නැති කොට තිබීම යි. දඔදිව් තලයේ පරිසරය ඉතාමත් කටුක යි. දූවිලි පිරුන මංමාවත් පසු කරමින් මහා අනුකම්පාවක් උපදවාගෙන, බුදු සමිඳුන් ගමින් ගමට වැඩියේ පාවහන් පැළඳගෙන නොවෙ යි. පිඩු සිඟා ගෙයින් ගෙට වැඩම කරද්දී, පුන් සඳ මඬලක් තමන් ගේ නිවසට පැමිණුනා හා සමානව ඒ මිනිසුන්ට දැනෙන්නට ඇති. ඒ නිසා ම, තමන්ට හැකි පමණින් දානය පිළිගන්නවලා, ඒ මිනිසුන් මහත් වූ පුණ්‍ය ධර්මයන් රැස් කරගත්තා. නමුත්, අසරණ මිනිසුන් සිටිය මංමාවත් වල දී දවසට ම ලැබුනේ ඉතාමත් ස්වල්ප ආහාර ප්‍රමාණයක්. ඇතැම් විට, රජ ගෙදර දී ප්‍රණීත ආහාර පාන පාත්‍රය පුරාවට ලැබුණා. නමුත්, ඒ කිසිදෙයකින් සම්බුදු සිතේ අමුතු ගැටීමක්වත් ඇලීමක්වත් ඇති වුනේ නැහැ. අසිරිමත් සම්බුදු සමිඳුන් ගේ සුන්දර ගුණ කඳ හඳුනා ගන්නට අපොහොසත් වූ, පව්කාර මිනිසුන් මෙකල වගේ ම එද ත් සිටියා. ඒ පව්කාර මිනිසුන් තමන් ගේ පාපී අදහස් ඉටුකර ගන්නට බුදු සමිඳුන්ට විවිධාකාරයෙන් කරදර කරන්නට පටන් ගත්තා. ඒත්, ඒ කිසි කෙනෙකුට බුදු සමිඳුන් ගේ සිතේ තරහවක්, ද්වේෂයක් උපදවන්නට නො හැකි වුණා. ඒ කරදර කම්කටොළු සියල්ල ම පාහේ අනන්ත පාරමී බලයකින් යුතු බුදු සමිඳුන් ඉදිරියේ දී, හිරු දුටු පිණි බිදු වගේ නො පෙනී ගියා. ඒ සම්බුදු හඳ ම~ලින් ගලා ගියේ අප්‍රමාණ මෛත්‍රියක්. ඒ මෙත් කැන් දහරා, මුළු මහත් තුන් ලොවේ ම සුවහසක් දුකින් පෙළෙනා හදවත් සනහාලමින් ඇදී ගියේ අප්‍රමාණ ශාන්තියක් කැන්දවමිනු යි. ඒකට හේතුව, බුදු සමිඳුන් ද්වේෂය මුළුමනින් ම ප්‍රහාණය කොට තිබීම යි. මේ ලෝකයේ හැමෝම වගේ ජීවත් වෙන්නේ, මේ ලෝකයට ම මුලා වූ සිතිනු යි. තමන් මුලා වූ බව බොහෝ දෙනෙකුට නො තේරෙන්නේ, ඒ මුලාව ඒ තරමට ම ප්‍රබල නිස යි. මේ රැවටෙන ගතිය නිසා ම යි, අපි මේ දුක්ඛිත සංසාර ගමනට තවමත් ඇළුම් කරන්නේ. ඒ රැවටෙන ස්වභාවයට කියන්නේ මෝහය කියල යි. අපගේ බුදු සමිඳුන් මේ ලෝකයේ ඇත්ත ස්වභාවය තමා තුලින් ම දැක ගත් උත්තමයන් වහන්සේ යි. උන්වහන්සේ මෝහය සම්පූර්ණයෙන් ම දුරු කළා. විද්‍යාව උපදවා ගත්තා. ඒ නිසා මෝහය නිසා ඇති වන කෙලෙස් සියල්ලමත් බුදු සමිඳුන්ට ප්‍රහීණ යි. ඒ ශාන්ති නායකයන් වහන්සේ දිවි ගෙව්වේ මුලාව දුරු වුණ සිතින්. මේ අයුරින් සියලූ ම ආකාරයේ සිත කෙලෙසන දේවල් වලින් බුදු රජාණන් වහන්සේ නිදහස් වී වදාළා. රහසින්වත් පව් කළේ නැහැ. සියලූ ම කුසල් දහම් උපදවා ගත්තා. ඒ නිසා ම, ඇස, කණ, නාසය, දිව, කය හා මනස කියන මේවට තිඛෙන ඇල්මත්, ගැටෙනා ගතියත්, රැවටෙන බවත් මුළුමනින් ම දුරු කළා. මේ නිසා ම තමයි බුදු සමිඳුන් සියලූ දෙව් මිනිසුන් ගේ සියලූ ම ආකාරයේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වන්නේ. මෙවන් වූ සුන්දර නිකෙලෙස් දිවි පෙවෙතක් ගත කළ නිසා අපේ බුදු සමිඳුන් අරහං නම් වූ ගුණයෙන් යුක්තයි කියලා හිත පහදවා ගන්න ඕනෙ. මෙවන් අසිරිමත් වූ පිවිතුරු දිවියක් ගත කළ සම්බුදු රජාණන් වහන්සේව අපි මුළු හදවතින් ම සරණ යමු. Education Scholarships


අප ගේ බුදු සමිඳුන් ගේ සම්මා සම්බුද්ධ ගුණය

මේ ලෝකයේ පවතින යථාර්ථය නම්, චතුරාර්ය සත්‍යය යි. ලෝකයේ කවුරුවත් දැනගෙන සිටියෙ නැති, සෑම කාලයක දී ම ලෝකය තුල පවතින මේ සනාතන සත්‍යයන් අවබෝධ කර ගත්තේ, බුදු රජාණන් වහන්සේ විසිනු යි. සැඟවිලා තිබුණු වටිනා නිධානයක් මතු කර ගන්නවා වගේ, මේ අසිරිමත් ධර්මය සම්බුදු සිත තුළ මෝදු වුනා. බුදු සමිඳුන් මේ ධර්මය අවබෝධ කළේ, කාගෙන්වත් අහලා නොවෙයි. සම්පූර්ණයෙන් ම, ගුරු උපදේශ රහිත ව යි. ජීවිතයේ ඇත්ත ගැන දන්න කෙනෙක්, ඒ කාලයේ මේ ලෝක ධාතුවේ පහළ වෙලා සිටියේ නැහැ. ඒ නිසා, බුදු සමිඳුන් මේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කළේ තමා තුළින් ම යි. කිසිදු ගුරු උපදේශයකින් තොරව යි.

ඒ චතුරාර්ය සත්‍යය ධර්මය මෙසේ යි. Education Scholarships

01. කිසිදාක වෙනස් නො වන සත්‍යයක් ලෙස ලොව තුල පවතින, අවබෝධ කළ යුතු වූ දුක නම් වූ ස්වභාවය
02. කිසිදාක වෙනස් නො වන සත්‍යයක් ලෙස ලොව තුල පවතින, ප්‍රහාණය කළ යුතු ඒ දුකේ හට ගැනීම
03. කිසිදාක වෙනස් නො වන සත්‍යයක් ලෙස ලොව තුල පවතින, සාක්ෂාත් කළ යුතු දුකේ නිරුද්ධ වීම නම් වූ අමා මහ නිවන
04. කිසිදාක වෙනස් නො වන සත්‍යයක් ලෙස ලොව තුල පවතින, ප්‍රගුණ කළ යුතු වූ දුක නිරුද්ධ වන ප්‍රතිපදාව මෙන්න මේ සනාතන සත්‍යයන් හතරට තමයි චතුරාර්ය සත්‍යය කියලා කියන්නේ. Education Scholarships

සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වශයෙන් පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළොසකින් ඒ චතුරාර්ය සත්‍යය ධර්මය, කිසිදු උපකාරයකින් තොරව අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ යි. උන්වහන්සේ අවබෝධ කළේ, කිසිදු පොතක පතක තිබුන දෙයක් නොවෙයි. ආධ්‍යාත්මයේ තමා තුළ ම උපදවා ගත් ඤාණ දර්ශනයන් ඇසුරෙනු යි, බුදු සමිඳුන් මේ අසිරිමත් දහම කිසි ම ආකාරයක ගුරු උපදේශයක් නැතිව ම අවබෝධ කළේ. සැබවින් ම බෝ රුකක් යට වැඩ හිදිමින් පුන් සඳ පායපු රාත්‍රියක දී, මේ කළ සොයා ගැනීම අසිරිමත් එකක්. මේ අයුරින් සම්බුදු සිතක මෝදු වූ, ආර්යය වූ පර්යේෂණයේ අවසන් ප්‍රතිඵලය තමයි, සියළු දුකින් මුළුමනින් ම නිදහස් වූ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ව ලොවට දායාද වීම. ඉතින්, මේ නිසා තමයි බුදු සමිඳුන් ට සම්මා සම්බුද්ධ කියල කියන්නේ. ඒ පිළිබදව අපි සිත පහදවා ගනිමු. සම්මා සම්බුද්ධ වූ අසිරිමත් මුනිවරයන් වහන්සේ ව මුළු හදවතින් ම සරණ යමු.


අප ගේ බුදු සමිඳුන් ගේ විජ්ජාචරණ සම්පන්න ගුණය

ඒ බුදු සමිඳුන්, අෂ්ඨ විද්‍යාවන්ගෙනුත් පසළොස් චරණ ධර්මයන්ගෙනුත් යුක්ත යි. තමන් වහන්සේ යමක් අවබෝධ කළා නම්, එයට ගැලපෙන අයුරින් ම යි ජීවිතය ගත කළේ. අවබෝධයට අනුව ම හැසිරෙන අය මේ ලෝකයේ ගොඩක් දුර්ලභ යි. අද බොහෝ දෙනා හැසිරෙන්නේ අවබෝධයක ට අනුව නො වෙයි. අප ගේ බුදුරජාණන් වහන්සේ ට පෙර ජීවිත දැකීමේ හැකියාව තිබුණා. (පුබ්බේ නිවාසානුස්සති ඤාණය) සියලූ ලෝක සත්වයන් චුත වන ආකාරයත්, උපදින ආකාරයත් දැකීමේ හැකියාව තිබුණා. (චුතූපපාත ඤාණය) ඒ බුදු සමිඳුන්, දුර තිඛෙන දේත්, ළඟ තිඛෙන දේත් බාධාවකින් තොරව දැකීමේ හැකියාවෙන් යුක්ත යි. (දිබ්බචක්ඛු ඤාණය) ඕනෑම දුරක තිඛෙන ශබ්දත්, ළඟ තිඛෙන ශබ්දත් බාධාවකින් තොරව ඇසීමේ හැකියාවෙන් යුක්ත යි. (දිබ්බසෝත ඤාණය) දෙව් මිනිස් ආදී සියලූ සත්වයන් ගේ, සිත් වල ස්වභාවය දැකීමේ හැකියාවෙන් යුක්ත යි. (පරචිත්ත විජානන ඤාණය) දෙව් මිනිස් සියලූ සත්වයන් ගේ, සිත් තුළ වූ කෙළෙස් සැගවී පවතින ආකාරය දැකීමේ හැකියාව උපදවා ගත්තා. (ආසයානුසය ඤාණය) දෙව් මිනිස් සියලූ සත්වයන් තුළ, මේ සුන්දර ධර්මය අවබෝධ කිරීමේ කුසලතාවය තිඛෙන ආකාරයත්, නො තිඛෙන ආකාරයත් දැකීමේ හැකියාවෙන් යුක්ත යි. (ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණය) තමන් වහන්සේ තුළ පැවති සියලූ ආකාරයේ ආශ්‍රවයන් මුළුමනින් ම ප්‍රහාණය කිරීම සිදු කොට වදාළා. (ආසවක්ඛය ඤාණය) ඒ වගේ ම, අහසින් ගමන් කිරීමේ හැකියාව, ජලයේ සක්මන් කිරීමේ හැකියාව, පොළවේ කිමිදී වෙනත් තැනකින් මතු වීමේ හැකියාව, සියල්ල විනිවිද නො පෙනී ගමන් කිරීමේ හැකියාව ආදී කොට ඇති අනන්ත සෘද්ධි ප්‍රාතිහාර්යය පෑමේ හැකියාවෙන් යුක්ත වූවා. (සෘද්ධිවිධ ඤාණය) මේ ආදී කොට ඇති විවිධාකාර ඤාණ දර්ශනයන් රැසක් ම සම්බුදු හද මඬල තුළ ඉපදුනේ නිරායාසයෙන් ම යි. මෙවන් වූ අනන්ත ඤාණයන්ගෙන් සමන්විත වූ බුදු සමිඳුන්, ඒ ඤාණයන්ට අනුව ම තම ජීවිතය ගත කළා. සොඳුරු චරණ ධර්මයන්ගෙන් යුතු වුනා. ඒ බුදු රජාණන් වහන්සේ ගේ වචන ඉතාමත් මිහිරි යි. බොරුවෙන් තොර යි. කේළාම් කීමෙන් තොර යි. පරුෂ වචන වලින් තොර යි. නුවණැස පාදා දෙන ස්වභාවයෙන් යුක්ත යි. අර්ථ ශුන්‍ය වූ හිස් ප්‍රලාප ඒ සම්බුදු වචනය තුළ තිබුණෙ නැහැ. කෙලෙස් සංසිඳුවාලන, සමාධිය ඇති කරවන, මට සිළුටු, කණට ප්‍රිය උපදවන්නා වූ ස්වභාවයෙන් ම යුතු වචන නිරන්තරයෙන් ම සම්බුදු මුව මඬලින් පිටවූයේ, හිස් වා තලය ම සුවඳවත් කරවමිනු යි. මහා කරුණාබර වූ බුදු සමිඳුන් කිසිවෙකුටවත් ශාප කළේ නැහැ. දඬුවම් කළේ නැහැ. අච්චු දුන්නේ නැහැ. එවන් වූ පාපී හැසිරීම් තිඛෙන්නේ කෙළෙස් සහිත අය තුළ යි. නිකෙලෙස් වූ සම්බුදු සමිඳුන් සියලූ ම ආකාරයේ හිංසා වලින් දුරු වූ, අබ්‍රහ්මචාරී පැවැත්මෙන් දුරු වූ, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් දුරු වූ, මිත්‍යා ආජීවයෙන් දුරු වූ පරම පාරිශුද්ධ දිවියක් ගත කළා. මෛත්‍රී සහගතව ම කය හැසිර වූ, වචනය හැසිර වූ, සිත හැසිර වූ ඒ බුදු සමිඳුන්, අවබෝධයට ගැලපෙන ලෙසට ම ජීවිතය ගත කළ බව අප කවුරුත් දන්නවා. ඒ නිසා, අප ගේ බුදු සමිඳුන් ගේ ඒ විජ්ජාචරණ සම්පන්න නම් වූ අසිරිමත් සම්බුදු ගුණය පිළිබඳව සිත පහදවා ගනිමු. මේ සම්බුදු ගුණ මේ ලෝකයේ පහළ වූ, කිසිම අන්‍ය ශාස්තෘන් වහන්සේ නමක් තුළ දැකිය නො හැකියි. මෙවන් වූ අසිරිමත් හැකියාවලින්, ඤාණයන්ගෙන් හා දිවිපැවැත්මෙන් යුතු වූ වෙනත් ශාස්තෘන් වහන්සේ නමක් පිළිබඳ ව ඔබ අසා නො තිඛෙනවාට කිසිදු සැකයක් නැහැ. ඒ නිසා විජ්ජාචරණ සම්පන්න වූ බුදු සමිඳුන් ව මුළු හදවතින් ම සරණ යමු. Education Scholarships


අප ගේ බුදු සමිඳුන් ගේ සුගත ගුණය

ඒ භාග්‍යවතුන් වහන්සේ සුන්දර මාර්ගයක ගමන් කොට පරම සුන්දර වූ අමා මහ නිවනට පැමිණ වදාළා. රාග, ද්වේෂ, මෝහාදී කෙළෙසුන් දුරු කිරීම පිණිස පවතින්නා වූ, සීල, සමාධි, ප්‍රඥාවෙන් යුක්ත වූ, මුළුමනින් ම සුන්දර වූ නිකෙලෙස් දිවියක් කරා ගෙන යන්නා වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය සොයා ගත්තේ, සම්බුදු සමිඳුන් විසින් ම යි. එම නිකැළැල් මාර්ගයේ ගමන් කොට, හැම අතින් ම විසිතුරු වූ අමා මහ නිවන සාක්ෂාත් කළ නිසා ම භාග්‍යවතුන් වහන්සේ ව, සුන්දර මාර්ගයක ගමන් කළ කෙනා (සුගත) කියල හඳුන්වනව. ඒ සුන්දර ගති ඇති සුගතයන් වහන්සේ ව අපි මුළු හදවතින් ම සරණ යමු. Education Scholarships


අප ගේ බුදු සමිඳුන් ගේ ලෝකවිදූ ගුණය

මේ ලෝක ධාතුව තුළ කිසිදු රහසක් නො තිඛෙන තරමට ම තම සිත දියුණු කරන්නට බුදු සමිඳුන් ට හැකි වුණා. කෙළෙස් සහිත විද්‍යාඥයන් තවමත් මේ ලෝකය පිළිබඳවත්, මේ ලෝකයෙන් එහා දේ පිළිබඳවත් පරීක්ෂණ පවත්වමින් සොයා බලන්නේ, ඒ පිළිබඳව ඒ උදවිය නො දන්නා නිස යි. ඒ පිළිබඳව දන්නා අයෙකුට, අමුතුවෙන් නිරීක්ෂණ අවශ්‍ය වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකය පමණක් නොව, විශ්වය පුරාවට විසිරී පවතින සියලූ ලෝක අවබෝධ කළා. ඒ ලෝක වල ස්වභාවය විතරක් නො වෙයි, ඒ ලෝක වල උපතට හේතුවත්, ඒ ලෝක වලින් නිදහස් වන ආකාරයත්, අවබෝධ කරගත් අප ගේ ශාස්තෘන් වහන්සේ ඒ සියලූ ලෝකයන් ගෙන් නිදහස් වී වදාළා. සදහට ම නිදහස් වුණා. බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, මිනිස් ලෝකය, ප්‍රේත ලෝක, තිරිසන් ලෝකය, නිරය ආදී ලෝකයන් පිළිබඳ ව පරිපූර්ණ අවබෝධයක් ඒ සම්බුදු සිත තුළ ඉපදී තිබුණා. ඒ සියලූ ලෝකයන් පිළිබඳ ව වූ සියලූ රහස් හෙළි කළ සුගත වූ ශෘස්තෘන් වහන්සේ ගේ ලෝකවිදූ ගුණය පිළිබඳ ව සිත පහදවා ගනිමු. ඒ ලෝකවිදූ වූ මුනිරජාණන් වහන්සේ ව ආදරයෙන් සරණ යමු.


අප ගේ බුදු සමිඳුන් ගේ අනුත්තරෝ පුරිසදම්ම සාරථී ගුණය

ලෝකයේ කවදත් අකීකරු අය ඉන්නව. ඒ මේ ලෝකයේ විතරක් නොවෙයි, කෙළෙස් සහිත වූ සෑම ලෝකයක් ම අකීකරු අයගෙන් නම් අඩුවක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඒ කාලයේ සිටි බොහෝ අකීකරු දෙවියන් වත්, මිනිසුන් වත් අල්ප මාත්‍රයක හිංසාවකින් තොරව, පීඩාවකින් තොරව දමනය කොට වදාළා. අසිරිමත් සම්බුදු බලයෙන් දමනය වූ ඒ සියලූ දෙනා ම ලෝකය ම ලස්සන කළ සුන්දර චරිත බවට පත්වුණා. බොහෝ දෙනෙක් මේ දහම් මගේ හික්මිලා සියලූ දුකින් නිදහස් වුණා. ඒ බුදු සමිඳුන් දුසිල්වතුන් සිල්වත් කළා. අකීකරු උදවිය කීකරු උදවිය බවට පත් කළා. නපුරු උදවිය දයාවන්තයින් බවට පත් කළා. මසුරු අය දානපතියන් බවට පත් කළා. නුවණ නැති අය ප්‍රඥාවන්තයින් බවට පත් කළා. සසර දුකට වැටී සිටි අසරණ සත්වයන්ට එයින් නිදහස් වී අමා නිවන කරා යෑමට මග පෙන්වා වදාළා. බුදු සමිඳුන් එසේ දමනය කළේ අවි ආයුධ භාවිතා කොට නොවේ. ඒ සඳහා කිසිම විටක දී කිසිවෙකුට වත් ශාප කළේ වත්, අච්චු දුන්නෙ වත්, දඩුවම් කළේ වත් නැහැ. ඒ සියල්ල සිදු කළේ අප්‍රමාණ කරුණාවකින් යුතුව පරම අවිහිංසාවෙන් ම යි.ඒ සඳහා වෙන කිසිවෙකුට වත් නැති තරමට දියුණු වූ අපූර්ව හැකියාවල් තුනක් බුදු සමිඳුන් තුළ පිහිටා තිබුණා.
ඒවා නම්,

1. අහසින් ගමන් කිරීම, ජලයේ සක්මන් කිරීම ආදී මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විස්මිත හැකියාවල් රැසකින් යුතු ඍද්ධි ප්‍රාතිහාර්ය ය.
2. අනුන් ගේ සිත් සතන් කියවා බලා දහම් දෙසීම නම් වූ ආදේශනා ප්‍රාතිහාර්ය ය.
3. ශ්‍රී සද්ධර්මය ම විස්තර වශයෙන් මනාකොට දේශනා කිරීම නම් වූ අනුශාසනා ප්‍රාතිහාර්ය ය.

මේ ආදී වූ විස්මිත හැකියාවල් බුදු සමිඳුන් සතු වුවත් උන්වහන්සේ වඩාත් ම අගය කළේ අනුශාසනා ප්‍රාතිහාර්ය යි. මේ අයුරින් දමනය වූ අය අතර අංගුලිමාල, උරුවෙල් කාශ්‍යප, ආලවක යක්ෂයා සහ නලාගිරි ඇතා ආදීන් ප්‍රධාන යි. නමුත්, අදටත් බුදු සමිඳුන් ගේ ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරනා සුවහසක් පිරිසක් දුසිල්වත්කම් අත්හැර සිල්වත් වෙන හැටි සැබැවින් ම අසිරිමත්. එනම්, අදටත් ඒ අසිරිමත් පුරිසදම්ම සාරථී ගුණය මේ ලොව තුළ විද්‍යමාන යි. මොහොතක් සිතා බලන්න. බුදු සමිඳුන් නිසා ප්‍රාණඝාතය අත්හළ අය නිසා, ලෝකයේ කී දහසක් නම් සත්වයන් අදත් සුව සේ ජීවත් වෙනවා ද? කොපමණක් නම් සත්ව පිරිසක් ජීවිත දානය ලබනවා ද? තෙරුවන් සරණ ගිය බෞද්ධයන් අතින්, දියේ වැටී පණ අදිනා කුරා කුහුඹුවාගේ සිට සුවහසක් ප්‍රාණීන්ට ජීවිතය දානය ලැබීම සැබැවින් ම බුදු සමිඳුන්ගේ ම අසිරිය මිස වෙන කුමක් ද? මෙතරම් හොඳින් අප ව දමනය කළ අනුත්තර පුරිසදම්ම සාරථී වූ ඒ බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා.


අප ගේ බුදු සමිඳුන් ගේ සත්ථා දේවමනුස්සානං ගුණය

මිනිසුන් ලෙස මෙලොව උපන් අප මිනිස් ලොවට පැමිණියේ කොහි සිට දැ යි නො දන්නෙමු. එමෙන් ම, මේ මිනිස් ලොවෙන් සමුගෙන යන විට, ඒ යන තැන පිළිබඳ ව ද නො දන්නෙමු. අන්ධයින් සේ ආ මග නො දැන, යන මග නො දැන දුක්ඛිත සංසාර ගමනක් ගමන් කරනා අප වැනි මිනිසුන්ටත්, දෙව් ලොව දෙවියන්ටත්, මේ නො නවතින ගමන පිළිබඳව අනුකම්පාවෙන් කරුණු පහදා දුන්නේ, බුදු රජාණන් වහන්සේ ම ය. සංසාර දුකින් පීඩා විඳිමින් දුක්ඛිත ගමනක යන අපට ඒ ගමන නවතන මග පෙන්වා දෙන්නේ ඒ බුදු සමිඳුන් ය. ඒ නිසා ම සාරිපුත්ත, මොග්ගල්ලාන ආදී පින්වත් මහරහතන් වහන්සේලා සුවහසක් මේ ලෝ තලයේ බිහි විය. මිනිසුන් මෙන් ම දෙවියන් විශාල ප්‍රමාණයක් ද, මේ දිවියේ යථා ස්වභාවය අවබෝධ කළෝ ය. තව්තිසා දෙව් ලොව පංචසිඛ නම් ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා ගේ පටන් සක් දෙව් රජු දක්වා ත්, අනෙකුත් දිව්‍ය ලෝක වල බොහෝ දෙවිවරුත්, සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වල සනත් කුමාර ආදී මහා බ්‍රහ්ම රාජයනුත්, මුළු හදවතින් ම සරණ ගියේ ඒ භාග්‍යවතුන් වහන්සේව යි. එවන් වූ ගුණ රැසකින් යුත්, දෙව් මිනිසුන් ගේ එක ම ගැලවුම්කරුවා වූ, එක ම මග පෙන්වන්නා වූ සම්බුදු සමිඳුන් පිළිබඳ ව සිත පහදවා ගනිමු. ඒ අසිරිමත් සම්බුදු පෙළහරට එක් වී අප ගේ ශාස්තෘ වූ සම්බුදු සමිඳුන් සරණ යමු. Education Scholarships


අප ගේ බුදු සමිඳුන් ගේ අසිරිමත් බුද්ධ ගුණය

තමන් වහන්සේ අවබෝධ කරගත් ඒ අසිරිමත් වූ ධර්මය, මනා කොට දේශනා කිරීමේ හැකියාව බුදු සමිඳාණන් සතු විය. සැබැවින් ම, ඒ හැකියාව අසිරිමත් ය. මේ චතුරාර්ය සත්‍යය ධර්මය ම විවිධාකාරයට ඛෙදා දක්වමින්, විග්‍රහ කරමින් දේශනා කළ සැටි සැබැවින් ම අසිරිමත් ය. ලෝකයේ බොහෝ දෙනාට විවිධ දේ පිළිබඳ ව යම් දැනුමක් ඇතත්, ඒවා ඒ අයුරින් ම කියා දීමේ හැකියාව නැත්තේ ය. නමුත්, සියල්ල දත් බුදු සමිඳුන් එයින් අපට අවශ්‍ය කොටස මනා කොට ඛෙදා දක්වමින්, විග්‍රහ කරමින්, පැහැදිලි වචන වලින්, පැහැදිලි අර්ථ වලින් පිරිසිදු නිවන් මග ම මතු කරමින් දේශනා කළ අයුරු කාගේත් සිත් පැහැද වීමට සමත් ය. දිනක්, ඇට්ටේරියා වනයේ දී වනය පුරාවට වැටී තිබුණු අට්ටේරියා කොළ වලින් මිටක් අතට ගත් බුදු සමිඳුන් වදාළේ, මේ මහා ඇට්ටේරියා වනය තරම් ම දෙයක් තමන් වහන්සේ අවබෝධ කළේ නමුත් එයින්, දේශනා කොට වදාළේ අතට ගත් ඇට්ටේරියා කොළ මිට තරම් සුළු ප්‍රමාණයක් බව යි. නමුත්, ඒ තුළ සංසාර දුකින් නිදහස් වීමට අවශ්‍ය සියලූ කරුණු අඩුවක් නැතිව ඇතුළත් ව ඇති බව උන්වහන්සේ වදාළ සේක. සූත්‍ර පිටකය තුළ පමණක් උතුම් සම්බුදු දෙසුම් දහඅටදහස ඉක්මවා ඇත්තේ ය. කිසිදු පරස්පරතාවයකින් තොරව එම දෙසුම් එකින් එකට ගැලපී යන සැටි දකිනා විට බුදු සමිඳුන් ගේ විස්මිත දේශනා කෞෂල්‍යය පිළිබඳ ව සිත නො පහදින්නේ කාගේ ද? චතුරාර්ය සත්‍යය ධර්මය ඛෙද ඛෙදා දේශනා කළ බුද්ධ නම් වූ ලෝකනාථයන් වහන්සේ ව මුළු හදවතින් ම සරණ යමු. Education Scholarships


අප ගේ බුදු සමිඳුන් ගේ අසිරිමත් භගවා ගුණය

භාග්‍යවතුන් වහන්සේ වනාහී මේ ලෝකයේ විසූ වාසනාවන්ත ම මනුෂ්‍ය රත්නය යි. සියලූ දේ අවබෝධ කර ගැනීමට තරම් භාග්‍ය සම්පන්න වූ ඉසිවරයාණන් වහන්සේ බුදු සමිඳුන් ය. අනන්ත වූ ඤාණයෙනුත්, අනත්ත ගුණයෙනුත් යුතුව වැඩසිටීමට තරම් උන්වහන්සේ භාග්‍යවන්ත විය. දෙතිස් මහා පුරිස ලකුණින් බැබලී ගිය සිරුරකින් යුතු වූ බුදු රජාණන් වහන්සේ, අනන්ත රූප සෝභාවෙන් යුතු වූ මේ ලෝකයේ සුන්දරතම මනුෂ්‍යයා යි. සියලූම ලෝක ධාතූන් අවබෝධ කොට, ඒ සියලූ ලෝකයෙන් නිදහස් වූ බුදු සමිඳාණන් කිසිවෙකුට සම කළ නො හැකි සීලයකින් ද, සමාධියකින් ද, අනන්ත වූ ප්‍රඥාවකින් ද සමන්විත වන්නට තරම් භාග්‍යවන්ත විය. මේ ලොවේ මිනිසුන් ද, දෙව් ලොවේ දෙවියන් ද, ආදරයෙන් සරණ ගිය අනන්ත පුණ්‍ය ලක්ෂණයන්ගෙන් යුත්, මේ සියලූ බුදු ගුණ දැරීමට තරම් භාග්‍යවන්ත වූ බුදු සමිඳුන් පිළිබඳව සිත පහදවා ගනිමු. ඒ භාග්‍යවත් වූ බුදු සමිඳුන් ව ආදරයෙන් සරණ යමු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. Education Scholarships

අප ගේ බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය, ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා. එදා පස්වග මහණුන් අරඹයා බරණැස ඉසිපතන නම් වූ මිගදායේ සිට අවදි වූ ඒ අසිරිමත් සදහම් ඒ ස්වරය පුරා වසර හතලිස් පහක් පුරාවට ම ලෝ සතුන් ගේ සිත් සතන් නිවා සනහාලමින් අමා දම් රස ලබා දුන්නා. ඒ ශ්‍රී සද්ධර්මය ලොව පවතින අනෙකුත් විෂය පථයන් ඉක්මවා යන අනන්ත ගුණයන්ගෙන් යුක්ත යි. ලෝකයේ කිසිදු විෂය පථයක නොමැති ඒ අසිරිමත් ගුණ අතුරින් ගුණ හයක් ඇසුරෙන් බුදු සමිඳුන් ශ්‍රී සද්ධර්මය පිළිබඳව පැහැදිලි කොට දුන්නා. මේ ගුණ හය, බුදු දහමේ හැර ලෝකයේ කිසිදු දහමක් තුළ හෝ කිසිදු විෂයයක් තුළ දැකිය නොහැකි යි. ඒ නිසා ම යි අප ඒ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය නම් වූ වටිනා රත්නය ආදරයෙන් සරණ යන්නෙ.


ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ස්වක්ඛාත ගුණය

මේ ශ්‍රී සද්ධර්මය මනාකොට දේශනා කරන ලද්දක්. එහි මුල, මැද, අග මනාව ගැලපෙනවා. මුලත් සුන්දර යි. මැදත් සුන්දර යි. අගත් සුන්දර යි. නමුත් ලෝකයේ බොහෝ විෂයයන් තුල හා වෙනත් ධර්මයන් තුල මුලින් කියන දේ මැදට ගැලපෙන්නේ නැහැ. මැද කියන දේ අගට ගැලපෙන්නේ නැහැ. අග කියනා දේ මුලට ගැලපෙන්නේ නැහැ. නමුත්, මේ ශ්‍රී සද්ධර්මය ඊට වඩා වෙනස්. බුදු සමිඳුන් වදාළ දහඅටදහසක් පමණ වූ සූත්‍ර දේශනා තුළ නො ගැලපෙන්නා වූ මූලික ඉලක්කයෙන් බැහැර වූ එකදු දේශනාවක්වත් නැහැ. සීල, සමාධි, ප්‍රඥා වශයෙන් අනුපිළිවෙලින් ගොනු වූ මේ අසිරිමත් දහම අර්ථ සහිතව වදාරන ලද්දක්. ඒ වගේ ම පැහැදිලි අර්ථ වලින්, පැහැදිලි වචන වලින් යුක්ත යි. කාටවත් නො තේරෙන ප්‍රහේලිකා මේ ධර්මය තුළ නැහැ. ක්‍රමයෙන් ගැඹුරට යන අයුරින් අතිශයින් ම පරිපූර්ණ වූ පාරිශුද්ධ වූ නිකෙලෙස් ජීවිතයකට මග පෙන්වන ස්වභාවයෙන් යුක්ත යි. මේ අයුරින් අප ගේ ශාස්තෘන් වහන්සේ මනා කොට වදාළ මේ ධර්මයට අමුතුවෙන් දේවල් එකතු කළ යුත්තේ නැහැ. මෙවන් වූ මනා කොට දෙසන ලද ශ්‍රී සද්ධර්මය ස්වක්ඛාත ගුණයෙන් යුක්ත යි.


ආශ්චර්යවත් වූ ශ්‍රී සද්ධර්මයේ සන්දිට්ඨික ගුණය

මේ ධර්මය මේ ජීවිතයේ දී ම අවබෝධ කළ හැකි එකක්. මේ තුළ අන්තර්ගත වන්නේ මේ දිවියේ දී ම සාක්ෂාත් කළ යුතු දෙයක් මිස, මරණයට පත් වූ පසු ලබනා විමුක්තියක් නොවේ. ඒ නිසා ධර්මයේ හැසිරෙන කා හටත් එහි සත්‍යය අසත්‍යයතාවය දැකිය හැකියි. ඒ අයුරින් මනාව ධර්මයේ හැසිරෙන අයට, මේ ජීවිතයේ දී ම ඒකාන්ත වශයෙන් ප්‍රතිඵල ලැබිය හැකියි. එනම් මේ ජීවිතයේ දී ම සද්ධානුසාරී, ධම්මානුසාරී ආදී වශයෙන් සෝවාන් මාර්ගයටත්, සෝතාපන්න ඵලයටත් පැමිණිය හැකි යි. බුදු සමිඳුන් ගේ ශ්‍රාවකයන්ට අවශ්‍ය නම්, සකදාගාමී මාර්ගයටත් – ඵලයටත්, අනාගාමී මාර්ගයටත් – ඵලයටත්, අරහත් මාර්ගයටත් – ඵලයටත් මේ ජීවිතයේ දී ම පැමිණිය හැකියි. දැන් ඔබට පැහැදිලි ඇති, අමා මහ නිවන අත්විඳින්නට තිඛෙන්නේ මරණින් මත්තේ නො වන බව. මේ ජීවිතය තුළ දී ම යි ඒ පරම සැනසීම අත්විඳිය යුත්තේ. එනම්, මේ ධර්මය තුළ තිඛෙන්නේ ඉතාමත් ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ලෝකයේ බොහෝ අන්‍ය වූ ධර්මයන් තුළ තිඛෙනා අවසන් ඵලය දැකිය හැක්කේ මරණින් පසුව යි. නමුත්, මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රතිඵල මේ දිවිය තුළ දී ම අත්විඳිය හැකියි. ඒ නිසයි මේ ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨික වන්නේ.


ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ අකාලික ගුණය

ලෝකයේ පවතින බොහෝ දේ කාලයකට අයිති යි. බටහිර විද්‍යාව තුළ අද සොයා ගන්නා දෙය, හෙට සොයාගන්නා අලූත් දෙයක් තුළින් ප්‍රතික්ෂේප වී යනවා. එනම්, බටහිර විද්‍යාව ආදී බොහෝ අන්‍ය ධර්මයන් කාලික ස්වභාවයෙන් යුක්තයි. එනම්, කාලයකට අයිති යි. නමුත් බුදු සමිඳුන් වදාළ මේ ශ්‍රී සද්ධර්මය කාලයේ පහර කෑමට කිසිසේත් ම හසුවන්නේ නැහැ. එයට හේතුව, ඒ ශ්‍රී සද්ධර්මය තුළ – අකාලික – සියලූ කාලයට ගැලපෙන සත්‍යයක් අඩංගු වීම යි. බුදු සමිඳුන් පිරිනිවන් පා වසර 2550 ක් ගත වී ඇතත්, කාරණා සහිත ව මේ ශ්‍රී සද්ධර්මය අදට නො ගැලපෙන බව පවසන්නට හැකි අයෙක් තවමත් බිහි වී නැහැ. එය කිසිදා සිදු නො වන්නක්. ඇස, කණ, නාසය, දිව, කය හා මනස යන ජීවිතය නම් වූ ලෝකයේ යථා ස්වභාවය නො වළහා පවසන මෙම අපූරු ධර්මය, ඇස තිඛෙනා තුරු, කණ තිඛෙනා තුරු, නාසය – දිව – කය හා මනස නම් වූ මේ ජීවිතය තිඛෙනා තුරු සජීවී ව අත්දැකිය හැකි යි. මොහොතක් සිතා බලන්න. බුදු සමිඳුන් ගේ යුගයේ දී මේ ධර්මය ශ්‍රවණය කොට මග ඵල ලාභීන් බිහි වූ බව ඔබ දන්නවා. මේ කාලික ධර්මයක් නම්, අද මේ ධර්මය අවබෝධ කොට මග ඵල ලැබිය නො හැකි විය යුතු යි. නමුත්, අදටත් මේ ධර්මයට අනුව දිවිය ගත කරනා පින්බර මිනිසුන්ට මේ ධර්මය අවබෝධ කොට සංසාර දුකින් නිදහස් විය හැකි යි. එවන් වූ සුන්දර මිනිසුන් අදටත් අප ට දැකගත හැකි යි. අනාගතයේත් එසේ ම යි. එනම්, මේ දහම කාලයකට අයිති නොවන්නක් බව පැහැදිලියි නේ ද? ඒ නිසා, මේ දිවියේ දී ම අකාලික වූ ශ්‍රී සද්ධර්මයේ අකාලික බව අත්විඳින්නට අදිටන් කර ගනිමු.


ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ඒහිපස්සික ගුණය

ලෝකයේ පවතින අන්‍ය වූ ධර්මයන් තුළ ශ්‍රාවකයින් ගේ නුවණින් විමසීමේ හැකියාව අහුරා හුදෙක් ගුප්ත ඇදහීමේ රටාවක් තුළ කොටු කොට තිඛෙනු දැකිය හැකි යි. නමුත්, බුදු සමිඳුන් ගේ ශ්‍රී සද්ධර්මය ඕනෑම අයෙකුට ඇවිත් බලන්න යැයි කියා දක්වා ලිය හැකි යි. එනම්, මේ ශ්‍රී සද්ධර්මය විවෘත එකකි. ඒ තුළ සැඟවුණු ගුප්ත දේ නොමැත. රහස් බණ, සැඟවී කථා බස් කිරීම් නැත. පැමිණ මේ පිළිබඳ ව විමසනා ඕනෑම අයෙකුට, ඇවිත් බලන්න යැයි කියා අහසේ බබළන හිරු මඬල පෙන්වන්නා සේ, සඳ මඬල පෙන්වන්නා සේ විවෘත ව දක්වා ලිය හැකි යි. මේ ධර්මය අවබෝධ වන්නේ හුදු ඇදහීමක් තුළින් නොව, ඇදහීම ඉක්මවා ගිය නුවණින් විමසීම තුළිනි. බුදු සමිඳුන් වදාළේ, අන්‍ය බොහෝ ධර්මයන් සැඟ වී තිඛෙනා තුරු (නුවණින් විමසීම අහුරා තිඛෙනා තුරු) බැබලූනත්, මේ ශ්‍රී සද්ධර්මය විවෘත වූ විට ම බබලන බව යි. මොහොතක් සිතා බලන්න. ඔබ සරණ ගිය ශ්‍රී සද්ධර්මය සඳ මඬල සේ ය. හිරු මඬල සේ ය. විවෘත වූ විට ම බබලයි. පැමිණ බලන්න යැයි ඕනෑම අයෙකුට පවසා පැහැදිලි ව දක්වා ලිය හැකි යි. ඒ නිසා, ඒහිපස්සික වූ මේ ශ්‍රී සද්ධර්මය පැමිණ බලන්න ට මේ සුදුසු කාලය යි.


ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ඕපනයික ගුණය

අද ලෝකයේ පවතින බොහෝ දැනුම් පද්ධති වනාහී කිසි වැදගම්මකට නැති බාහිර දේ ඔස්සේ ගමන් කරනා ඒවා යි. නමුත්, මේ ධර්මය එයට වෙනස් ය. එනම්, තමන් තුළට පමුණුවා ගත යුත්තකි. එනම්, මෙය දැකිය යුත්තේ තමා තුලිනි. සීලය තමා තුළට පමුණුවා ගත යුත්තකි. සමාධිය ද අත්දැකිය යුත්තේ තමා ම ය. ජීවිතය පිළිබඳ වූ නිරවුල් අවබෝධය (ප්‍රඥාව) උපදවා ගත යුත්තේ ද තමා ම ය. එනම්, මෙය බාහිර ව පර්යේෂණාගාර තුළ සිදුවන ආකාරයේ බාහිර දේ පිළිබඳ ව කෙරෙනා හිස් හෙළිදරව්වක් නොවේ. මේ ධර්මය තමා ගේ මෙලොවටත්, පරලොවටත් බලපාන්නා වූ, තමා තුළට ම පමුණුවා ගත යුතු වූවකි. මනා කොට ශ්‍රවණය කිරීමෙන්, මනා කොට ධාරණය කර ගැනීමෙන්, වචනයෙන් පුහුණු කිරීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන් හා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදීමෙන් ය මේ ශ්‍රී සද්ධර්මය තමා තුළට පමුණුවා ගත යුත්තේ. තමා තුළට පමුණුවා ගත් ධර්මයකින් පමණි, තමාට ප්‍රතිලාභ ලැබිය හැක්කේ. තමන් මේ දහම් මගෙහි ගමන් කළ හොත් මග ඵල ලබන්නේ තමන් ය. එනම්, මේ දහම කිසිසේත් ම කෙසෙල් ගස් මෙන් වඳ බසිනා දෙයක් නොවේ. එනිසා, වහ වහා මේ ඕපනයික වූ ධර්මය අප ගේ දිවිය තුළට පමුණුවා ගැනීමට උත්සාහ කරමු.


ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ පච්චත්තං වේදිතබ්බ විඤ්ඞ්හි ගුණය

මේ ධර්මය සඳහා පවුරු පදනම් නැත. වයස් භේද නොමැත. ඕනෑම ජාතියක, ඕනෑම කුලයක, ඕනෑම ගෝත්‍රයක සිටිනා බුද්ධිමත් මිනිසුනට මෙය අවබෝධ කරගත හැකිය. කපටි නැති, මායා නැති, වංචා නැති, අවංක ගති ඇති, ඕනෑම අයෙකුට මේ දහම තුළ ප්‍රතිඵල ලැබිය හැකිය. නමුත්, තම තමන්ගේ නැණ පරිදි ය, මෙය අවබෝධ වන්නේ. එක් අයෙකුට අවබෝධ වූ පරිදි ඒ අයුරින් ම අන් අයට අවබෝධ වන්නේ නැත. එය වෙන් වෙන් වශයෙන්, තම තමන් ගේ අභ්‍යන්තරික කුසලතා (යෝනිසෝ මනසිකාරය, ඉන්ද්‍රිය ධර්ම ආදිය) වැඩී තිඛෙනා ආකාරයට අවබෝධ වන්නකි. එනිසා ම, අභ්‍යන්තරික කුසලතා ඇති කාහටත් මේ සුන්දර දහමට පිවිසීමට හැකිය. එනිසා ම, මේ අසිරිමත් දහම තම තමන් ගේ නැණ පමණින් අවබෝධ කර ගැනීමට වීර්යය කරමු. මෙවන් අසිරිමත් ගුණ සයකින් පරිපූර්ණ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අපි මුළු හදවතින් ම සරණ යමු. ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මයට අප ගේ නමස්කාරය වේවා.


අප ගේ බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය, ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා. එදා පස්වග මහණුන් අරඹයා බරණැස ඉසිපතන නම් වූ මිගදායේ සිට අවදි වූ ඒ අසිරිමත් සදහම් ඒ ස්වරය පුරා වසර හතලිස් පහක් පුරාවට ම ලෝ සතුන් ගේ සිත් සතන් නිවා සනහාලමින් අමා දම් රස ලබා දුන්නා. ඒ ශ්‍රී සද්ධර්මය ලොව පවතින අනෙකුත් විෂය පථයන් ඉක්මවා යන අනන්ත ගුණයන්ගෙන් යුක්ත යි. ලෝකයේ කිසිදු විෂය පථයක නොමැති ඒ අසිරිමත් ගුණ අතුරින් ගුණ හයක් ඇසුරෙන් බුදු සමිඳුන් ශ්‍රී සද්ධර්මය පිළිබඳව පැහැදිලි කොට දුන්නා. මේ ගුණ හය, බුදු දහමේ හැර ලෝකයේ කිසිදු දහමක් තුළ හෝ කිසිදු විෂයයක් තුළ දැකිය නොහැකි යි. ඒ නිසා ම යි අප ඒ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය නම් වූ වටිනා රත්නය ආදරයෙන් සරණ යන්නෙ. ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ස්වක්ඛාත ගුණය මේ ශ්‍රී සද්ධර්මය මනාකොට දේශනා කරන ලද්දක්. එහි මුල, මැද, අග මනාව ගැලපෙනවා. මුලත් සුන්දර යි. මැදත් සුන්දර යි. අගත් සුන්දර යි. නමුත් ලෝකයේ බොහෝ විෂයයන් තුල හා වෙනත් ධර්මයන් තුල මුලින් කියන දේ මැදට ගැලපෙන්නේ නැහැ. මැද කියන දේ අගට ගැලපෙන්නේ නැහැ. අග කියනා දේ මුලට ගැලපෙන්නේ නැහැ. නමුත්, මේ ශ්‍රී සද්ධර්මය ඊට වඩා වෙනස්. බුදු සමිඳුන් වදාළ දහඅටදහසක් පමණ වූ සූත්‍ර දේශනා තුළ නො ගැලපෙන්නා වූ මූලික ඉලක්කයෙන් බැහැර වූ එකදු දේශනාවක්වත් නැහැ. සීල, සමාධි, ප්‍රඥා වශයෙන් අනුපිළිවෙලින් ගොනු වූ මේ අසිරිමත් දහම අර්ථ සහිතව වදාරන ලද්දක්. ඒ වගේ ම පැහැදිලි අර්ථ වලින්, පැහැදිලි වචන වලින් යුක්ත යි. කාටවත් නො තේරෙන ප්‍රහේලිකා මේ ධර්මය තුළ නැහැ. ක්‍රමයෙන් ගැඹුරට යන අයුරින් අතිශයින් ම පරිපූර්ණ වූ පාරිශුද්ධ වූ නිකෙලෙස් ජීවිතයකට මග පෙන්වන ස්වභාවයෙන් යුක්ත යි. මේ අයුරින් අප ගේ ශාස්තෘන් වහන්සේ මනා කොට වදාළ මේ ධර්මයට අමුතුවෙන් දේවල් එකතු කළ යුත්තේ නැහැ. මෙවන් වූ මනා කොට දෙසන ලද ශ්‍රී සද්ධර්මය ස්වක්ඛාත ගුණයෙන් යුක්ත යි. ආශ්චර්යවත් වූ ශ්‍රී සද්ධර්මයේ සන්දිට්ඨික ගුණය මේ ධර්මය මේ ජීවිතයේ දී ම අවබෝධ කළ හැකි එකක්. මේ තුළ අන්තර්ගත වන්නේ මේ දිවියේ දී ම සාක්ෂාත් කළ යුතු දෙයක් මිස, මරණයට පත් වූ පසු ලබනා විමුක්තියක් නොවේ. ඒ නිසා ධර්මයේ හැසිරෙන කා හටත් එහි සත්‍යය අසත්‍යයතාවය දැකිය හැකියි. ඒ අයුරින් මනාව ධර්මයේ හැසිරෙන අයට, මේ ජීවිතයේ දී ම ඒකාන්ත වශයෙන් ප්‍රතිඵල ලැබිය හැකියි. එනම් මේ ජීවිතයේ දී ම සද්ධානුසාරී, ධම්මානුසාරී ආදී වශයෙන් සෝවාන් මාර්ගයටත්, සෝතාපන්න ඵලයටත් පැමිණිය හැකි යි. බුදු සමිඳුන් ගේ ශ්‍රාවකයන්ට අවශ්‍ය නම්, සකදාගාමී මාර්ගයටත් – ඵලයටත්, අනාගාමී මාර්ගයටත් – ඵලයටත්, අරහත් මාර්ගයටත් – ඵලයටත් මේ ජීවිතයේ දී ම පැමිණිය හැකියි. දැන් ඔබට පැහැදිලි ඇති, අමා මහ නිවන අත්විඳින්නට තිඛෙන්නේ මරණින් මත්තේ නො වන බව. මේ ජීවිතය තුළ දී ම යි ඒ පරම සැනසීම අත්විඳිය යුත්තේ. එනම්, මේ ධර්මය තුළ තිඛෙන්නේ ඉතාමත් ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ලෝකයේ බොහෝ අන්‍ය වූ ධර්මයන් තුළ තිඛෙනා අවසන් ඵලය දැකිය හැක්කේ මරණින් පසුව යි. නමුත්, මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රතිඵල මේ දිවිය තුළ දී ම අත්විඳිය හැකියි. ඒ නිසයි මේ ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨික වන්නේ. ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ අකාලික ගුණය ලෝකයේ පවතින බොහෝ දේ කාලයකට අයිති යි. බටහිර විද්‍යාව තුළ අද සොයා ගන්නා දෙය, හෙට සොයාගන්නා අලූත් දෙයක් තුළින් ප්‍රතික්ෂේප වී යනවා. එනම්, බටහිර විද්‍යාව ආදී බොහෝ අන්‍ය ධර්මයන් කාලික ස්වභාවයෙන් යුක්තයි. එනම්, කාලයකට අයිති යි. නමුත් බුදු සමිඳුන් වදාළ මේ ශ්‍රී සද්ධර්මය කාලයේ පහර කෑමට කිසිසේත් ම හසුවන්නේ නැහැ. එයට හේතුව, ඒ ශ්‍රී සද්ධර්මය තුළ – අකාලික – සියලූ කාලයට ගැලපෙන සත්‍යයක් අඩංගු වීම යි. බුදු සමිඳුන් පිරිනිවන් පා වසර 2550 ක් ගත වී ඇතත්, කාරණා සහිත ව මේ ශ්‍රී සද්ධර්මය අදට නො ගැලපෙන බව පවසන්නට හැකි අයෙක් තවමත් බිහි වී නැහැ. එය කිසිදා සිදු නො වන්නක්. ඇස, කණ, නාසය, දිව, කය හා මනස යන ජීවිතය නම් වූ ලෝකයේ යථා ස්වභාවය නො වළහා පවසන මෙම අපූරු ධර්මය, ඇස තිඛෙනා තුරු, කණ තිඛෙනා තුරු, නාසය – දිව – කය හා මනස නම් වූ මේ ජීවිතය තිඛෙනා තුරු සජීවී ව අත්දැකිය හැකි යි. මොහොතක් සිතා බලන්න. බුදු සමිඳුන් ගේ යුගයේ දී මේ ධර්මය ශ්‍රවණය කොට මග ඵල ලාභීන් බිහි වූ බව ඔබ දන්නවා. මේ කාලික ධර්මයක් නම්, අද මේ ධර්මය අවබෝධ කොට මග ඵල ලැබිය නො හැකි විය යුතු යි. නමුත්, අදටත් මේ ධර්මයට අනුව දිවිය ගත කරනා පින්බර මිනිසුන්ට මේ ධර්මය අවබෝධ කොට සංසාර දුකින් නිදහස් විය හැකි යි. එවන් වූ සුන්දර මිනිසුන් අදටත් අප ට දැකගත හැකි යි. අනාගතයේත් එසේ ම යි. එනම්, මේ දහම කාලයකට අයිති නොවන්නක් බව පැහැදිලියි නේ ද? ඒ නිසා, මේ දිවියේ දී ම අකාලික වූ ශ්‍රී සද්ධර්මයේ අකාලික බව අත්විඳින්නට අදිටන් කර ගනිමු. ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ඒහිපස්සික ගුණය ලෝකයේ පවතින අන්‍ය වූ ධර්මයන් තුළ ශ්‍රාවකයින් ගේ නුවණින් විමසීමේ හැකියාව අහුරා හුදෙක් ගුප්ත ඇදහීමේ රටාවක් තුළ කොටු කොට තිඛෙනු දැකිය හැකි යි. නමුත්, බුදු සමිඳුන් ගේ ශ්‍රී සද්ධර්මය ඕනෑම අයෙකුට ඇවිත් බලන්න යැයි කියා දක්වා ලිය හැකි යි. එනම්, මේ ශ්‍රී සද්ධර්මය විවෘත එකකි. ඒ තුළ සැඟවුණු ගුප්ත දේ නොමැත. රහස් බණ, සැඟවී කථා බස් කිරීම් නැත. පැමිණ මේ පිළිබඳ ව විමසනා ඕනෑම අයෙකුට, ඇවිත් බලන්න යැයි කියා අහසේ බබළන හිරු මඬල පෙන්වන්නා සේ, සඳ මඬල පෙන්වන්නා සේ විවෘත ව දක්වා ලිය හැකි යි. මේ ධර්මය අවබෝධ වන්නේ හුදු ඇදහීමක් තුළින් නොව, ඇදහීම ඉක්මවා ගිය නුවණින් විමසීම තුළිනි. බුදු සමිඳුන් වදාළේ, අන්‍ය බොහෝ ධර්මයන් සැඟ වී තිඛෙනා තුරු (නුවණින් විමසීම අහුරා තිඛෙනා තුරු) බැබලූනත්, මේ ශ්‍රී සද්ධර්මය විවෘත වූ විට ම බබලන බව යි. මොහොතක් සිතා බලන්න. ඔබ සරණ ගිය ශ්‍රී සද්ධර්මය සඳ මඬල සේ ය. හිරු මඬල සේ ය. විවෘත වූ විට ම බබලයි. පැමිණ බලන්න යැයි ඕනෑම අයෙකුට පවසා පැහැදිලි ව දක්වා ලිය හැකි යි. ඒ නිසා, ඒහිපස්සික වූ මේ ශ්‍රී සද්ධර්මය පැමිණ බලන්න ට මේ සුදුසු කාලය යි. ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ඕපනයික ගුණය අද ලෝකයේ පවතින බොහෝ දැනුම් පද්ධති වනාහී කිසි වැදගම්මකට නැති බාහිර දේ ඔස්සේ ගමන් කරනා ඒවා යි. නමුත්, මේ ධර්මය එයට වෙනස් ය. එනම්, තමන් තුළට පමුණුවා ගත යුත්තකි. එනම්, මෙය දැකිය යුත්තේ තමා තුලිනි. සීලය තමා තුළට පමුණුවා ගත යුත්තකි. සමාධිය ද අත්දැකිය යුත්තේ තමා ම ය. ජීවිතය පිළිබඳ වූ නිරවුල් අවබෝධය (ප්‍රඥාව) උපදවා ගත යුත්තේ ද තමා ම ය. එනම්, මෙය බාහිර ව පර්යේෂණාගාර තුළ සිදුවන ආකාරයේ බාහිර දේ පිළිබඳ ව කෙරෙනා හිස් හෙළිදරව්වක් නොවේ. මේ ධර්මය තමා ගේ මෙලොවටත්, පරලොවටත් බලපාන්නා වූ, තමා තුළට ම පමුණුවා ගත යුතු වූවකි. මනා කොට ශ්‍රවණය කිරීමෙන්, මනා කොට ධාරණය කර ගැනීමෙන්, වචනයෙන් පුහුණු කිරීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන් හා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදීමෙන් ය මේ ශ්‍රී සද්ධර්මය තමා තුළට පමුණුවා ගත යුත්තේ. තමා තුළට පමුණුවා ගත් ධර්මයකින් පමණි, තමාට ප්‍රතිලාභ ලැබිය හැක්කේ. තමන් මේ දහම් මගෙහි ගමන් කළ හොත් මග ඵල ලබන්නේ තමන් ය. එනම්, මේ දහම කිසිසේත් ම කෙසෙල් ගස් මෙන් වඳ බසිනා දෙයක් නොවේ. එනිසා, වහ වහා මේ ඕපනයික වූ ධර්මය අප ගේ දිවිය තුළට පමුණුවා ගැනීමට උත්සාහ කරමු. ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ පච්චත්තං වේදිතබ්බ විඤ්ඞ්හි ගුණය මේ ධර්මය සඳහා පවුරු පදනම් නැත. වයස් භේද නොමැත. ඕනෑම ජාතියක, ඕනෑම කුලයක, ඕනෑම ගෝත්‍රයක සිටිනා බුද්ධිමත් මිනිසුනට මෙය අවබෝධ කරගත හැකිය. කපටි නැති, මායා නැති, වංචා නැති, අවංක ගති ඇති, ඕනෑම අයෙකුට මේ දහම තුළ ප්‍රතිඵල ලැබිය හැකිය. නමුත්, තම තමන්ගේ නැණ පරිදි ය, මෙය අවබෝධ වන්නේ. එක් අයෙකුට අවබෝධ වූ පරිදි ඒ අයුරින් ම අන් අයට අවබෝධ වන්නේ නැත. එය වෙන් වෙන් වශයෙන්, තම තමන් ගේ අභ්‍යන්තරික කුසලතා (යෝනිසෝ මනසිකාරය, ඉන්ද්‍රිය ධර්ම ආදිය) වැඩී තිඛෙනා ආකාරයට අවබෝධ වන්නකි. එනිසා ම, අභ්‍යන්තරික කුසලතා ඇති කාහටත් මේ සුන්දර දහමට පිවිසීමට හැකිය. එනිසා ම, මේ අසිරිමත් දහම තම තමන් ගේ නැණ පමණින් අවබෝධ කර ගැනීමට වීර්යය කරමු. මෙවන් අසිරිමත් ගුණ සයකින් පරිපූර්ණ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අපි මුළු හදවතින් ම සරණ යමු. ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මයට අප ගේ නමස්කාරය වේවා.
බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයන් ද, අසිරිමත් ගුණ සමුදායකින් යුක්ත ය. එදා බරණැස ඉසිපතන මිගදායේ දී, මේ දහම අවබෝධ කළ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගෙන් පැවත එන උතුම් වූ ශ්‍රාවකයන් වහන්සේලා, ලොව අන් පිරිස් කිසිවකවත් දැකිය නොහැකි අන්දමේ ගුණ රැසකින් යුක්ත ය. ඒ උතුම් රහතන් වහන්සේලා පල කළ උදානයන් (ථේර ‍ථේරී ගාථා) විමසා බලන විට, ඒ නිකෙලෙස් හදවත් තුළ මෝදු වී තිබුණු අප්‍රමාණ වූ ගුණස්කන්ධය පිළිබඳ ව යම් වටහා ගැනීමක් ලබා ගත හැකිය. අප ගේ ශාස්තෘන් වහන්සේ එම අසිරිමත් සඟ ගුණ අපට පෙන්වා වදාළ සේක.


භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝරත්නයේ සුපටිපන්න ගුණය

බුදු සමිඳුන් ගේ ශ්‍රාවක සඟරුවන රාග, ද්වේෂ, මෝහ දුරු කර ගැනීමට වෙහෙසෙන පිරිසකි. ලෝකයේ සිටිනා බොහෝ පිරිස් උත්සාහ කරන්නේ තමන් තුළ පවතින රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් අවුස්සා ගන්නා අතරේ අනිත් අයව ද එයට පොළඹවා ගැනීමට ය. නමුත් බුදු සමිඳුන් ගේ ශ්‍රාවක පිරිස එසේ නොවේ. රාග, ද්වේෂ, මෝහ නම් වූ ලාමක අකුසල් මුලිනුපුටා දමන, සීල, සමාධි, ප්‍රඥා නම් වූ ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මෙන වැඩපිළිවෙලකට මනාකොට පිළිපන් පිරිසක් නිසා, ආර්ය මහා සංඝරත්නය සුපටිපන්න වේ. 


භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝරත්නයේ උජුපටිපන්න ගුණය

මේ පින්බර ශ්‍රාවකයන් වහන්සේලා ඍජු මාවතක ගමන් ගන්නා සේක. මේ ලෝකයේ තිඛෙන්නේ එක ම ඍජු මාවතකි. එනම්, මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. එය තුළ කයෙන් සිදුවන වැරදි නිවැරදි වන නිසා එය ඍජු ය. වදනින් සිදුවන වැරදි නිවැරදි වන නිසා ද එය ඍජු ය. මනසින් සිදුවන වැරදි නිවැරදි වන නිසා ද එය ඍජු ය. මෙවන් වූ ත්‍රිවිධ සුචරිතයෙන් යුත්, සුන්දර වූ ඍජු මාවතක ගමන් ගන්නා ශ්‍රාවක සඟ රුවන උජුපටිපන්න වේ.


භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝරත්නයේ ඤායපටිපන්න ගුණය

බුදු සමිඳුන් වදාළ මග ගමන් කරනා ශ්‍රාවකයන් වහන්සේලා චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට වෙහෙසෙන පිරිසකි. තමා තුළ නොමැති ඤාණදර්ශනයන් උපදවා ගැනීමට වෙහෙසෙන පිරිසකි. ඒ නිසා ම දිනෙන් දින ම මේ ලෝකය පිළිබඳ ව පවතින අවබෝධ ඤාණය වැඩි කර ගන්නා පිරිසකි. ඒ සඳහා ම පිළිපන් හෙයින් ශ්‍රාවක සඟරුවන ඤාණපටිපන්න වන්නේ ය.


භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝරත්නයේ සාමීචිපටිපන්න ගුණය

ඒ බුදු සමිඳුන් වදාළ ශ්‍රී සද්ධර්මය ලොව තුළ පතුරවා හරින්නේ මහ සඟරුවන විසිනි. මහා ධර්ම ගෞරවයකින් යුතුව බුදු සමිඳුන් වදාළ දෙය ම පවසමින්, අර්ථ විකෘති කිරීමකින් තොරව අවබෝධය පිණිස ම ඒ දෙය කරන්නේ ය. නොයෙක් මිත්‍යා දෘෂ්ඨි පවසන පිරිස අතර පිරිසිදු වූ දහම් මග ම පවසන නිසා ශ්‍රාවක සඟරුවන සාමීචිපටිපන්න වන්නේ ය.


භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝරත්නයේ ආහුණෙය්‍ය ගුණය

නිකෙලෙස් සිතක අසිරිය අත්විඳිනා ශ්‍රාවක සඟරුවන දුර සිට ගෙනෙනා දානය පිළිගැනීමට සුදුසු වන්නේ ය. බොහෝ දෙනා විවිධාකාරයෙන් විවිධ අයට දන් දුන්නත්, විශේෂයෙන් සකස් කොට දුර සිටිනා පිරිසකට දන් දෙන්නේ කලාතුරකිනි. නමුත්, බුදු සමිඳුන් ගේ ශ්‍රාවක සඟරුවනට, දුර සිට ගෙනෙනා විශේෂයෙන් සකස් කළ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදී සිව්පසයෙන් අඩුවක් නැත. මහත් වූ පුණ්‍යලක්ෂණයන්ගෙන් හෙබි ඒ අසිරිමත් ශ්‍රාවකයන් වහන්සේලා දුර සිට ගෙනෙනා පුද පූජා පිළිගැනීමට සුදුසු නිසා ආහුණෙය්‍ය නම් වේ.


භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝරත්නයේ පාහුණෙය්‍ය ගුණය

අප ගේ නිවෙස් වලට හදිසියේ ම ආගන්තුකයෝ පැමිණෙති. නමුත්, අප ඒ අයට සලකන්නේ විවිධාකාරයෙනි. බුදු සමිඳුන් ගේ ශ්‍රාවකයන් වූ, මග ඵල ලාභී මහ සඟරුවන ආගන්තුකයන් වශයෙන් වැඩම කල කල්හි පවා, සිවුපසයෙන් උපස්ථාන කිරීම සුදුසු ය. ගරු සත්කාර කිරීමට සුදුසු ය. ඒ නිසා ම මහ සඟරුවන පාහුණෙය්‍ය වන්නේ ය.


භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝරත්නයේ දක්ඛිණෙය්‍ය ගුණය

මෙලොව පරලොව සැප විඳීමට කැමති කෙනා පින් කර ගත යුතු ය. පින වනාහී සැපය හඳුන්වන තවත් වදනක් ලෙසයි බුදු සමිඳුන් වදාළේ. එනිසා ම, පින් කැමති අය පින් සලකා ගෙන විවිධාකාර දේ කරති. බොහෝ දෙනෙක් පින් සලකා දන් දෙති. මෙසේ මෙලොව පරලොව යහපත ළඟා කරගැනීම පිණිස, පින් සලකා දෙන දානය පිළිගැනීමට සුදුසු වන්නේ, බුදු සමිඳුන් ගේ ශ්‍රාවක සංඝරත්නය යි. කෙලෙස් සහිත උදවිය ඒ කෙලෙස් නිසා ම ප්‍රමාණයන් ගෙන් යුක්ත වන්නෝ ය. කෙලෙස් ප්‍රහාණය කරනා ශ්‍රාවක සඟරුවන කෙලෙස් ප්‍රහාණය කරනා නිසා අප්‍රමාණ – ප්‍රමාණ කළ නො හැකි – වෙති. පින් සලකා දන් දෙන විට කෙලෙස් සහිත අයෙකුට දෙන දානයට වඩා, කෙලෙස් රහිත මුනිවරයෙකුට දෙන දානය මහත්ඵල මහානිසංශ වේ. බුදු සමිඳුන් ගේ ශ්‍රාවකයන් වහන්සේලා නිරතුරුව ම කෙලෙස් ප්‍රහාණය වන වැඩ පිළිවෙලක හික්මෙන නිසා උන්වහන්සේලා ඒ සඳහා ඉතාමත් සුදුසු ය.එනිසා ය ශ්‍රාවක සඟරුවන දක්ඛිණෙය්‍ය වන්නේ.


භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝරත්නයේ අඤ්ජලිකරණීය ගුණය

ලෝකයේ බොහෝ දෙනා යම් යම් දේවල් වලට, යම් යම් පුද්ගලයන්ට වැඳුම් පිදුම් කරති. ඇතැමෙක් මෙසේ කරන්නේ බිය නිසා ය. එසේත් නැතිනම්, පක්ෂපාතී බව පෙන්වීම පිණිස ය. මෙසේ වැඳුම් පිදුම් ලබනා අය අතර බුදු සමිඳුන් ගේ ශ්‍රාවක සඟරුවන අග්‍ර වේ. ශ්‍රාවක සඟරුවනට වැඳුම් පිදුම් කරන්නේ භය නිසා නොවේ. උන්වහන්සේලා අනන්ත වූ ගුණයන්ගෙන් සාමාන්‍ය මිනිසුන් ඉක්මවා වැඩ වසන්නෝ ය. එනිසා ම, ගරු කිරීම පිණිස අප සඟරුවනට නමස්කාර කරන්නෙමු. මෙසේ නිකෙලෙස් මුනිවරුනට, ඇඳිලි බැඳ වන්දනා කරනා බුද්ධිමත් මිනිසුනට අග්‍ර වූ දෙයකට වන්දනා කරනා නිසා අග්‍ර වූ විපාක ලැබේ. දස දහසක් ලෝක ධාතුව තුළ වසනා අනන්ත වූ දෙව් බඹ පිරිස ද, මෙවන් වූ අප්‍රමාණ ගුණයන් ගෙන් යුතු වූ ශ්‍රාවක සඟ රුවනට නමස්කාර කරති. එනිසා ම, ඒ අසිරිමත් ශ්‍රාවකයන් වහන්සේලා අඤ්ජලිකරණීය වන්නේ ය‍.


භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝරත්නයේ අනුත්තර පුඤ්ඤක්‍ඛෙත්ත ගුණය

කෙත යනු කුඹර යි. ගොවියා කුඹුරෙහි වපුරන්නේ මහත් වූ අස්වැන්නක් අපේක්ෂා කරගෙන ය. එසේ ම, ලොවේ දෙව් මිනිසුනට පින් අස්වනු නෙලා ගැනීමට තිඛෙන්නා වූ අනුත්තර පින් කෙත නම් බුදු සමිඳුන් ගේ ශ්‍රාවක සඟපිරිසයි. ඒ අසිරිමත් ශ්‍රාවකයන් වහන්සේලා උදෙසා සුළු දෙයක් පරිත්‍යාග කළ ද, අග්‍ර වූ විපාක ලැබේ.මේ බුදු සමිඳුන් ගේ ශ්‍රාවකයන් වහන්සේලා තුළ පවතින අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත ගුණය යි.


බුදු සමිඳුන් ගේ ශ්‍රාවක පිරිස ලැබූ මග ඵල අනුව පුද්ගලයන් වශයෙන් අට දෙනෙක් ද, යුගල වශයෙන් ගත් කළ යුගල සතරක් ද වේ. අවබෝධයෙන් ම බුදු සමිඳුන් සරණ ගිය ඒ සුන්දර ජීවිත ගෙවනා මග ඵල ලාභී ශ්‍රාවක සඟරුවන මුළු හදවතින් ම සරණ යමු. භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ශ්‍රාවක සඟරුවනට නමස්කාර වේවා.

Shraddha Education Scholarships download pdf

අවසන්  ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන් වල ඡායාරූප

ශිෂ්‍යත්වලාභී දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීම – 2016-12-23

, ,

ශිෂ්‍යත්වලාභී දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීම.... 2016-12-23 ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වලාභී දරු දැරියන් වෙත [...]