Little Hearts 2017-02-21T17:36:39+00:00

Video Updates

Video Updates

පුංචි හදට සුවය දෙන්න මනුෂ්‍යත්වයේ පාගමනේ වීඩීයෝ දර්ශණ

Image Gallery

Image Gallery

පුංචි හදට සුවය දෙන්න මනුෂ්‍යත්වයේ පාගමනේ ඡායාරූප එකතුව

Press & Media

Press & Media

පුංචි හදට සුවය දෙන්න මනුෂ්‍යත්වයේ පාගමනේ මුද්‍රිත මාධ්‍ය සටහන්

Visit Littlehearts.lk

Visit Littlehearts.lk

වැඩිදුර තොරතුරු හා මුදල් දායකත්වය සඳහා පහත සඳහන් සබැඳියෙන් පිවිසෙන්න


අප මාතෘ භුමියේ වසරකට උපදින දරුවන්ගෙන් 3000 පමණ දෙනා හෘදාශි‍්‍රත රෝග සහිතව ඉපදෙනවා. ඉන් තුනෙන් දෙකකට පමණ යම් ප‍්‍රතිකාරයක් අවශ්‍ය වෙනවා.

නමුත්, දැනට අප හෘද රෝග ඒකකයේ පවතින පහසුකම් අනුව වසරකට කළ හැක්කේ විවෘත හදවත් සැත්කම් 900 ක් සහ හෘද කැතීටර්කරණ මගින් කරන සැත්කම් 700 ක් පමණයි.

මේ නිසාම ළමයින් 1000 – 1500 අතර පිරිසක්, ප‍්‍රතිකාර ලැබීමේ පහසුකම් නොමැති නිසාම, හෘද රෝග සහ වෙනත් අසාධ්‍ය රෝග තත්ත්ව හේතුවෙන් මිය යනවා.

  • ශ‍්‍රී ලංකාව තුළ ඉපදෙන දරුවන්ගෙන් වසරකට මිය යන ළමුන් සංඛ්‍යාව, වාර්ෂිකව 3700ක් පමණ වෙනවා.

  • ඉන් ළමුන් 3000ක් පමණ දෙනා මිය යන්නේ ඉපදී පළමු අවුරුද්ද තුළයි.

  • මොවුන්ගෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් සංජානනීය හෘද රෝග හේතුවෙන් ජීවිත අවදානමට පත්වී සිටින්නවුන් වන අතර.

  • ඔවුන් වැඩි හරියක් මිය යන්නේ නියුමෝනියව, දරුණු රුධිර ආසාදන සහ අවයව කිහිපයක් අකර්මන්‍ය වීම වැනි කාරණ නිසයි.

මෙම අවාසනාවන්ත තත්ත්වය මඟහරවා අවශ්‍ය සේවාවන් සියල්ල එකම ස්ථානයකින් ලබාදී ළමා මරණ ඉතා අවම මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය සියලූ පහසුකම් සහිත මහල් 10කින් යුත් ගොඩනැගිල්ලක් ජාතික ළමා රෝහලට අනුයුක්තව ඉදිකිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

මෙවන් සංකීර්ණයක් ගොඩනැඟීමෙන් නොයෙක් හේතු නිසා
මියයන බොහෝ ළමුන්
බේරාගැනීමට හැකියාව ලැබේ.

මෙම ව්‍යාපෘතියේ වියදම කොපමණද?

ඉන්ජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය (CECB) කළ ගණන් බැලීමට අනුව

රුපියල් මිලියන දෙදහසක්. (රු. 2,000,000,000)

මෙම ව්‍යාපෘතියට ඔබ දායක විය යුත්තේ ඇයි?

දැනට

අසාධ්‍ය දරුවෙකු ඇතුළත් කළහොත්, එම දරුවාට දැඩිසත්කාර ඒකකයේ ඇඳක් ලැබීමේ ප්‍රතිශතය 40% පමණයි.

එම දරුවාට හදවතේ සිදුරක් යැයි නිශ්චය වූවහොත් නිසි වේලාව තුළ දී ශල්‍යකර්මය සිදුවීමේ ප්‍රතිශතය 50%.

ළමයාට නිසි කල ප්‍රතිකාර නොලැබීමේ හෝ ජීවිත අවදානමක් ඇතිවීමේ 50%-60% අතර සම්භාවිතාවක් තියෙනවා.

එනමුත්  අංගසම්පූර්ණ මෙම විශේෂඥ රෝහල් පරිශ්‍රය ඉදිකිරීමෙන් පසු ප්‍රතිකාර අවශ්‍ය වේලාවට නොලැබීමෙන් අකාලයේ මිලින වී යන බිළිඳු ජීවිතවලට ආදරණීය රැකවරණයක් ලැඛෙනවා නොඅනුමානයි. 

ගොඩනැගිල්ල ඉදිකිරීමේ ක්‍රියාපටිපාටිය

ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (SLCP)- මෙරට ළමා සෞඛ්‍යය පිළිබඳ ප්‍රධාන ආයතනය යි. මෙහි සාමාජිකයන් සියලූ දෙනා ළමා රෝග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝ ය. (SLCP)ප්‍රමුඛත්වය ගෙන මෙම අරමුදල් රැස්කිරීම සිදුකරන අතර ආයතන කිහිපයක් සහ පුද්ගලයින් කිහිප දෙනෙක් ඔවුන් සමඟ අත්වැල් බැඳගෙන මෙම කර්තව්‍යයේ නියැලී සිටිති. මෙහි ගණකාධිකරණ කටයුතු සිදු කරන්නේ ලොව සුපතල (KPMG) සමාගමයි. මේ සඳහා ලැඛෙන සියලූ මුදල් ජාතික සෞඛ්‍යය සංවර්ධන අරමුදලට (NHDF) යොමු කරනු ලැබේ. ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය පහසුකම්(NHDF)ඟින් සලසා දෙන අතර එහි සැලසුම්, නිර්මාණය, වියදම් ගණනය යනාදි සියලූ වගකීම් (CECB) සතුය. මෙම පුණ්‍ය ක්‍රියාදාමය (SLCP)අධීක්ෂණය යටතේ පූර්ණ විනිවිදභාවයෙන් යුක්තව සිදුකෙරේ.