අමා දම්විල

මහමෙව්නාව භාවනා අසපු වාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් පවත්වන ධර්ම දේශනා

Previous Programmes – අමා දම්විල

අමා දම්විල පසුගිය වැඩසටහන් නැරඹීමට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැකිය

අනෝතප්ත විල – පිවිතුරු දියෙහි පිපි සදහම් මල් නෙළන්නට

ඉධ තප්පති පෙච්ච තප්පති – පාපකාරී උභයත්ථ තප්පති

පාපං මේ කතන්ති තප්පති – භිය්‍යෝ තප්පති දුග්ගතිං ගතෝ

පව් කරන පුද්ගලයා තමයි මෙලොවදී පසුතැවෙන්නෙ. පරලොවදී පසුතැවෙන්නෙත් ඔහු මයි. ඔහු දෙලොවදීම පසුතැවෙනව. ‘අයියෝ! මං පව් කරගත්තා’ කියලා පසුතැවෙනවා. අපායේ ඉපදුණාට පස්සෙ ඔහු ගොඩක් පසුතැවෙනවා.

(ජේතවනාරාමයේදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි ෴)

අනෝතප්ත විල පසුගිය වැඩසටහන් නැරඹීමට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැකිය

දහම් සක්මන වැඩසටහන වෙත යොමු කරන ලද ගැටලු සඳහා ලබා දුන් පිළිතුරු මෙහි අන්තර්ගත වේ.

දහම් සක්මන

උතුම් සම්බුද්ධ දේශනා අධ්‍යනයේදී ඔබට පැන නගින ගැටළු සඳහා මහමෙව්නා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා වෙතින් උතුම් වූ සද්ධර්මය ආශ්‍රයෙන්ම විසදුම් ලබාදෙන ගුවන්විදුලි සජීව සදහම් සාකච්ඡා වැඩසටහන

Previous Programmes – දහම් සක්මන

දහම් සක්මන පසුගිය වැඩසටහන් නැරඹීමට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැකිය

අපි හැමෝම ලෙඩ වෙනවා. ලෙඩ හැදුණම බෙහෙත් ගන්න රජයේ හෝ පෞද්ගලික රෝහලකට යනවා. එතනිනුත් හරි නොගියොත් ආයුර්වේදයට යනවා. ඒත් බැරිනම් සල්ලි යහමින් තිබෙන අය නම් පිටරට රෝහලකට ගිහින් කොහොම හරි සනීප කරගන්නවා. ආත්ම ශක්තිය නැති සමහරු කායික ව ලෙඩ වුණා ම මානසිකවත් ලෙඩ වෙනවා. ලෙඩට බය වෙලා මානසිකව දුක් විඳිනවා. හැම වෙලාවෙ ම නැතත් සමහරුන්ට විටින් විට එක ම රෝගී තත්ත්වයන් ඇති වෙනවා. මේ හැම දේකින් ම අපි දුක් විඳිනවා. හැම තැනකින් ම ඒවාට විසඳුම් අහනවා. ප්‍රතිකාර හොයනවා.

මේ බව දන්න නිසා ම යි, විවිධ රෝග තත්ව නිසා දුක් විඳින ඔබ බටහිර සහ ආයුර්වේද ප්‍රතිකාර සම්බන්ධයෙන් දැනුවත් කර ඒ ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් වෛද්‍යවරුන් සමග කතාබස් කිරීමටත් අවස්ථාව සලසා දෙන  ‘ආරෝග්‍යා‘ සෑම සඳුදා දිනක ම රාත්‍රී 8 සිට පුරා හෝරාවක්  ශ්‍රද්ධා ගුවන් විදුලියෙන්  ඔබ වෙත ගෙන එන්නේ ඔබේ දෙලොව ම සුවපත්භාවය අපේ ඒකායන ප්‍රාර්ථනය නිසාවෙනි.

Previous Programmes – ආරෝග්‍යා

ආරෝග්‍යා පසුගිය වැඩසටහන් නැරඹීමට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැකිය

ගී රස විනිස

ගීතය වනාහි අද ඊයේ බිහිවුණක් නොවිය හැකි යි. මිනිසා භාෂාවක් කතා කරන්නටත් පෙර යම් විදිහකින් සිවුරුහන් බෑමකින් හෝ ගීත නිර්මාණය කරන්නට ඇති. එය විටෙක පුද්ගල මනස සුවපත් කරන්නට වගේ ම විටෙක ක්ලේශයන් අවුස්සන්නටත් හැකි අපූරු භාවාත්මක සංකලනයක්. මිනිසා නොදන්නවා වුණාට ඔහු උපන් දා සිට මියෙන තුරාවට ඇසුරු නිසුරු කරන්නේ කලාව යි. සෞන්දර්ය ය යි.

ඕනෑම දෙයක පවතින සෞන්දර්ය කලාත්මක බව ඉතා මැනවින් රස විඳින යම් පිරිසක් වෙත් නම් ඒ නිකෙලෙස් මහරහත් උත්තමයන් පමණ යි. ඒ බව උදෙක්ම පසක් කරගත හැකි වන්නේ ථේර ථේරි ගාථා කියවීමේ දී යි. නිකෙලෙස් සිතක උපදින සෞන්දර්යාත්මක හැඟීම් අතිශය සෝබමාන යි. එය අදටත් අපේ සිත් නිවා සනසනවා.

පංචසිඛ විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වීණා වයමින් ගායනා කළ විරහා ගීතය උන්වහන්සේ මැනවින් අගය කළ සේක. මන්ද ඒ ගීතය නියමාකාරයෙන් විනිසිය කළ හැකි අපූර්ව හැකියාවක් නිකෙලෙස් මනසක් උන්වහන්සේට තිබූ නිසාවෙනි.

Previous Programmes – ගී රස විනිස

ගී රස විනිස පසුගිය වැඩසටහන් නැරඹීමට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැකිය