සුව අරණ 2016-11-25T12:12:52+00:00

Suwa Arana | සුව අරණ

 Suwa Arana shraddha tv buddhist

හේතුවක් නිසා ඉපදුන හැම කෙනෙක්ට ම හැම කෙනෙක්ට ම මුහුණ දෙන්න වෙන පොදු ස්වභාවයක් තමයි ලෙඩ රෝග කියන්නේ. මිනිස්සු, තිරිසන් සත්තු විතරක් නෙවෙ යි ගහ කොළවලට පවා ලෙඩ රෝග හැදෙනවා. කර්මය, වා පිත් සෙම් කිපීම, ඍතු වෙනස් වීම, වැරදි ලෙස කය පරිහරණය කිරීම, උපක්‍රම මේ ආදී වශයෙන් ලෙඩ රෝග හැදෙන්න හේතුවෙන කාරණා බොහෝමයක් ගිරිමානන්ද සූත්‍රෙ‍යේ දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තිබෙනවා. එම දේශනාව අනුව බඩගින්න, පිපාසය සහ මළ මුත්‍ර පහ කිරීම කියන්නෙත් රෝගී තත්ත්වයන්. Suwa Arana

ඒ වගේ ම වර්තමානයේ අපි නිතර අහන දකින උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, ඇදුම, පීනස, අර්ශස්, දද, කුෂ්ඨ, දියවැඩියා, අපස්මාර, හිසරදය, පිළිකා, ක්ලාන්තය මේ වාගේ නොයෙක් රෝග ගැනත් මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. බලන්න, මොන තරම් ආශ්චර්යක් ද බුදුරාණන් වහන්සේගේ දැනුම සහ ප්‍රඥාව. උන්වහන්සේ දේශනා කළේ මේ හැම රෝගයක ම නිවස වුණ මේ කය ලැබීම සදහට ම නැති කරන මාර්ගය යි. Suwa Arana

ඒ කාලයේ මිනිසුන්ට නො වැළඳුන නමුත්  ඉතා මෑතක ඇතිවුණ අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ඒඩ්ස්, වකුගඩු රෝග, වසූරිය, කුරුලු උණ, ඉබෝලා මේ වාගේ නොයෙක් බෝ නොවෙන වගේ ම වසංගත ලෙඩ රෝග බොහෝමයක් ගැන දැන් දැන් අපිට අහන්න ලැබෙනවා. නමුත් ඉපදුන අපි කාටවත් මේ මේ ලෙඩ මට හැදෙන්නේ නැහැ කියලා නම් සහතික වෙන්න බැහැ.

අපි හැමෝම ලෙඩ වෙනවා. ලෙඩ හැදුණම බෙහෙත් ගන්න රජයේ හෝ පෞද්ගලික රෝහලකට යනවා. එතනිනුත් හරි නොගියොත් ආයුර්වේදයට යනවා. ඒත් බැරිනම් සල්ලි යහමින් තිබෙන අය නම් පිටරට රෝහලකට ගිහින් කොහොම හරි සනීප කරගන්නවා. ආත්ම ශක්තිය නැති සමහරු කායික ව ලෙඩ වුණා ම මානසිකවත් ලෙඩ වෙනවා. ලෙඩට බය වෙලා මානසිකව දුක් විඳිනවා. හැම වෙලාවෙ ම නැතත් සමහරුන්ට විටින් විට එක ම රෝගී තත්ත්වයන් ඇති වෙනවා. මේ හැම දේකින් ම අපි දුක් විඳිනවා. හැම තැනකින් ම ඒවාට විසඳුම් අහනවා. ප්‍රතිකාර හොයනවා. Suwa Arana

මේ බව දන්න නිසා ම යි, විවිධ රෝග තත්ව නිසා දුක් විඳින ඔබ බටහිර සහ ආයුර්වේද ප්‍රතිකාර සම්බන්ධයෙන් දැනුවත් කර ඒ ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් වෛද්‍යවරුන් සමග කතාබස් කිරීමටත් අවස්ථාව සලසා දෙන  ‘ආරෝග්‍යා‘ සෑම සඳුදා දිනක ම රාත්‍රී 8 සිට පුරා හෝරාවක්  ශ්‍රද්ධා ගුවන් විදුලියෙන්  ඔබ වෙත ගෙන එන්නේ ඔබේ දෙලොව ම සුවපත්භාවය අපේ ඒකායන ප්‍රාර්ථනය නිසාවෙනි.