Gee Rasa winisa | ගී රස විනිස

ගීතය වනාහි අද ඊයේ බිහිවුණක් නොවිය හැකි යි. මිනිසා භාෂාවක් කතා කරන්නටත් පෙර යම් විදිහකින් සිවුරුහන් බෑමකින් හෝ ගීත නිර්මාණය කරන්නට ඇති. එය විටෙක පුද්ගල මනස සුවපත් කරන්නට වගේ ම විටෙක ක්ලේශයන් අවුස්සන්නටත් හැකි අපූරු භාවාත්මක සංකලනයක්.  මිනිසා නොදන්නවා වුණාට ඔහු උපන් දා සිට මියෙන තුරාවට ඇසුරු නිසුරු කරන්නේ කලාව යි. සෞන්දර්ය ය යි. Gee Rasa winisa

ඕනෑම දෙයක පවතින සෞන්දර්ය කලාත්මක බව ඉතා මැනවින් රස විඳින යම් පිරිසක් වෙත් නම් ඒ නිකෙලෙස් මහරහත් උත්තමයන් පමණ යි. ඒ බව උදෙක්ම පසක් කරගත හැකි වන්නේ ථේර ථේරි ගාථා කියවීමේ දී යි. නිකෙලෙස් සිතක උපදින සෞන්දර්යාත්මක හැඟීම් අතිශය සෝබමාන යි. එය අදටත් අපේ සිත් නිවා සනසනවා.

පංචසිඛ විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වීණා වයමින් ගායනා කළ විරහා ගීතය උන්වහන්සේ  මැනවින් අගය කළ සේක. මන්ද ඒ ගීතය නියමාකාරයෙන් විනිසිය කළ හැකි අපූර්ව හැකියාවක් නිකෙලෙස් මනසක් උන්වහන්සේට තිබූ නිසාවෙනි. Gee Rasa winisa

ගීතයේ සැබෑ අරමුණ විය යුත්තේ ශ්‍රාවකයාගේ හදවත ඇද බැඳ තබා ගැනීම ම පමණක් නොවේ. එය ඔවුන්ගේ බුද්ධිය ද ආමන්ත්‍රණය කිරීමේ සමත්කම් දැක්විය යුතු ය. ආනන්දයෙන් ප්‍රඥාවට යෑම සඵල වන්නේ එවිට යි. Gee Rasa winisa

ගීත සාහිත්‍ය පෝෂණය කළ ඇතැම් නිර්මාණකරුවන් අතින් බිහිවුණ ශේෂ්ඨ නිර්මාණ අතලොස්සක් ශ්‍රාවක හදවත ඉක්මවා ගොස් බුද්ධිය ආමන්ත්‍රණය කළ අවස්ථා අපට දැකගත හැකි වෙනවා. එකී නිර්මාණ මගින් ජීවිතය ගැන පුළුල් දැක්මක් ගොඩනගා ගන්නට හැකි වීම සුවිශේෂ කාරණාවකි.

බැති ගීය වේවා ගුණ ගීය වේවා ආදර හෝ විරහා ගීය වේවා මේ ඕනෑම ගීතයකින් ළාමක පාපී සන්තානයක් නොව පදරුත් සමගින් අළාමක නිකෙලෙස් බවක් ඇති කරයි නම් එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සුභාවිත ගීතය ලෙස හැඳින්විය හැකි ය.

එවන් භාවපූර්ණ ගීත වර්තමානයේ නො ඇසෙන සමයක අතීතයට එක් වෙමින් පවතින එකී සුභාවිත ගීතවල පදරුත් විනිශ්චය කරමින් අර්ථයත් ශබ්දයත් එකසේ දනවනු පිණිස ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පාතේගම ඤාණිස්සර ස්වාමීන්වහන්සේ ශ්‍රද්ධා ගුවන්විදුලිය ඔස්සේ ගෙන එන ගීතමය හෝරාව යි “ගී රස විනිස“.