Milindu raja prashnaya | මිළිඳු රාජ ප්‍රශ්නය

මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණි වූත්, සැදැහැවත් බෞද්ධයින්ගේ මහත් සම්භාවනාවට ලක් වූත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජුන්ගේත්, නාගසේන මහරහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදුවී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගත වූ කල්හි ය. Milindu raja prashnaya
බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට අනුව නාගසේන මහරහතන් වහන්සේ වයඹදිග ඈත ඉන්දියාවේ පංජාබයට ආසන්න ප්‍රදේශයක වැඩසිටි බව පෙනේ. මිළිඳු රජුන් හඳුනාගෙන ඇත්තේ බැක්ට්‍රියන් රජෙකු වන මිනැන්ඩර් නම් රජු ලෙසය. එම ප්‍රෙද්ශය තුළත්, ඈත බටහිර ඉන්දියාවේත්, කාබුල් ප්‍රෙද්ශයේත්, නැගෙනහිර මාථුරාවේත්, උතුරු කාශ්මීරයේත්, මේ රජුගේ කාසි බහුල වශයෙන් හමු වී තිබේ. මිළිඳු රජතුමාගේ බෞද්ධාගමනයෙන් පසු ඔහු කොතරම් ජනප්‍රිය වූයේද යත්, ඔහුගේ අභාවයෙන් පසු ශාරීරික භෂ්මාවශේෂ තැන්පත් කරමින් තැන තැන ස්මාරක ද තනවා තිබේ, විශේෂයෙන් වර්ථමාන ඇෆ්ගනිස්ථානය මිළිඳු රජුගේ විජිතය බව බොහෝ විද්වතුන්ගේ මතයයි. Milindu raja prashnaya
මෙම මිළිඳු රජු ග්‍රීක ජාතිකයෙකු වන අතර මොහුගේ ඇති විමංසනශීලී කුසලතාව ඉතා අගනේය. කරුණු ඉස්මතු කිරීමෙහි ලා, ප්‍රශ්න කිරීමෙහි ලා, වාද නැංවීමෙහි ලා මෙම රජු තුළ ඇති දක්ෂතාවය සිතාගත නොහැකි තරම්ය. එකල වැඩ සිටි රහතන් වහන්සේලා පවා මොහුගේ පාදප්‍රතිවාදයන්ට මුහුණ දිය නොහැකිව එම ප්‍රෙද්ශ හැරගිය බව සඳහන් ය. මෙම රජුට මෙතරම් තීක්ෂණ වීමංසනයක් පිහිටා තිබෙන්නේ පෙර භවයක සාමණේර නමක් වශයෙන් සිට කරන ලද ප්‍රාර්ථනාවක් අනුව බව නිධාන කතාවේ විස්තර වේ. නාගසේන මහරහතන් වහනසේගේ පහළ වීම සිඳු වන්නේ ද එකී ප්‍රාර්ථනාවට අනුකූලව ඇතිකරගත් පැතුමක් අනුව ය. Milindu raja prashnaya

බුදුරජුන්ගේ ලාභයට අනතුරු කිරීම ගැන….

මහරජාණෙනි, දෙවියන් සහිත, බඹුන් සහිත, මරුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන ලද, ළගට පමුණුවන ලද, පරිභෝගයට අන්තරාය කරයි නම්, එබන්දෙක් නොදකිමි

ඉදින් යමෙක් ඊර්ෂ්‍යාවෙන් භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන ලද, ළගට පමුණුවන ලද, පරිභෝගයට අන්තරා කරන්නේ නම්, ඔහුගේ හිස මුදුනෙන් සතකට හෝ දහසකට හෝ පැළෙන්නේ ය.
මහරජාණෙනි, කිසිවෙකු විසින් හෝ නොවැසිය හැකි මේ ගුණ සතරක් තථාගතයන් වහන්සේට ඇත්තේය. ඒ කවර ගුණ සතරක් ද යත්,
මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන ලද, ළගට පමුණුවන ලද ලාභයට කිසිවෙකු විසින් හෝ අනතුරු කරන්නට නොහැක්කේය.
මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ‍ගේ ශරීරයට අනුගත වූ බුදුරැස් මාලාවට කිසිවෙකු විසින් හෝ අනතුරු කරන්නට නොහැක්කේය.
මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඥානරත්නයට කිසිවෙකු විසින් හෝ අනතුරු කරන්නට නොහැක්කේය.
මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට කිසිවෙකු විසින් හෝ අනතුරු කරන්නට නොහැක්කේය..
 Milindu raja prashnaya

මලපුඩුවෙන් මිදීම ගැන ප්‍රශ්නය

Milindu raja prashnaya malpunduwen midima“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරන ලද්දේ ය.

යම් තැනක සිටි විට මරණය නැමති මලපුඩුවෙන් මිිදෙයි නම් එබඳු තැනක් අහසේද නැත්තේය.සමුද්‍රයේ මැදද නැත්තේය. කඳු විවිරයකට පිවිසුනද නැත්තේය. එබඳු තැනක් ලෝකයෙහි නැත්තෙහි ය යනුවෙනි.

නැවතත් භාග්‍යවතුන් වහන්සේ විසින් ආරක්ෂාව පිණිස රතන සූුත්‍රය, කරණිය මෙත්ත සූත්‍රය, ඛන්ද පිරිත, මෝර පිරිත, දජග්ග පිරිත, ආටානාටිය පිරිත, අංගුලිමාල පිරිත ආදිය නියම කරන ලද්දේය. Milindu raja prashnaya

ඍද්ධිබල දැක්වීම ගැන ප්‍රශ්නය

Milindu raja prashnaya erdhi bala dakwima“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරන ලද්දේ ය.

‘ආනන්දයෙනි, තථාගතයන් වහන්සේ තුළ සතරක් වූ ඍද්ධිපාදයෝ දියුණු කොට, බහුල ව ප්‍රගුණ කොට, යානයක් මෙන් කොට, සිටින තැනක් මෙන් කොට, සම්පූර්ණ කොට, හොඳින් ප්‍රගුණ කොට, හොඳින් අරඹන ලදු ව ඇත්තාහු ය.

‘ආනන්දයෙනි, ඒ තථාගතයාණෝ කැමති නම්, කල්පයක් හෝ කල්පයකට වැඩියෙන් හෝ සියිය හැක්කාහු ය‘ යනුවෙනි.

නැවතත් මෙසේ වදාරන ලද්දේ ය.

‘මෙයින් තුන් මාසයක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවන් පාන්නාහු ය‘ යනුවෙනි.

ඉදින් ස්වාමීනී, නාගසේනයන් වහන්ස, ‘ආනන්දයෙනි, තථාගතයන් තුළ සතරක් වූ ඍද්ධිපාදායා් දියුණු කොට, බහල වප්‍රගුණ කොට, යානයක් මෙන කොට, සිටින තැනක් මෙන් කොට, සම්පූර්ණ කොට, හොඳින් ප්‍රගුණ කොට, හොඳින් අරඹන ලදු ව ඇත්තාහ ය. ආනන්දයෙනි, ඒ තථාගතයාණෝ කැමති නම්, කල්පයක් හෝ කල්පයකට වැඩියෙන් හෝ සිටිය හැක්කාහු ය යන්න භාග්‍යවතුන් වහන්සේ වදාරන ලද්දේ ද, යම් කරුණකින් තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ‘මෙයින් තුන් මාසයක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවන් පාන්නාහු ය‘ යන යම් වචනයක් ඇද්ද, එය බොරුවක් වෙයි.

පිළිතුරු නොදෙන දේ ගැන ප්‍රශ්නය

Milindu raja prashnaya pilithuru nodena prashnaya“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරන ලද්දේ ය.

‘ආනන්දයෙනි, තථාගත ධර්මයෙහි ශාස්තෘන් වහන්සේ සමීපයෙහි තබා ගත් රහස්‍ය කරුණු නැත්තේ ය‘ යනුවෙනි.

නැවතත් මාලුංක්‍යපුත්ත තෙරුන් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු නොදුන් සේක.

ස්වාමීනී, නාගසේනයන් වහන්ස, මේ ප්‍රශ්නය අන්ත දෙකකින් යුක්ත ය. නොදැනීමෙන් හෝ සැඟවීමෙන් හෝ එක් අන්තයක් මිශ්‍රව ඇත්තේ ය. ඉදින් ස්වාමීනී, නාගසේනයන් වහන්ස, ‘ආනන්දයෙනි, තථාගත ධර්මයෙහි ශාස්තෘන් වහන්සේ සමීපයෙහි තබා ගත් රහස්‍ය කරුණු නැත්තේ ය‘ යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ නම්, යම් කරුණකින් මාලුංක්‍යපුත්ත තරෙුන්ට නොදැනීම හේතුවෙන් පිළිතුරු නොදුන් සේක.

ඉදින් දැනගෙන පිළිතුරු නොදුන් සේක් නම්, තථාගතයන් වහන්සේගේ ධර්මයෙහි ශාස්තෘන් වහන්සේ සමීපයෙහි තබා ගත් රහස්‍ය කරුණු ඇත්තේය.

මරණයට භය වීම – නොවීම ගැන ප්‍රශ්නය

Milindu raja prashnaya maranayata bhaya wima- nowima“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරන ලද්දේ ය.

‘සියලු සත්වයෝ දඬුවමට තැති ගනිති. සියලු සත්වයෝ මරණයට භය වෙති. යනුවෙනි.‘

නැවත ත් මෙසේ ත් වදාරන ලද්දේ ය.

‘රහතන් වහන්සේලා සියලු භය ඉක්මවා සිටින්නේ ය‘ යනුවෙනි.

කිම, ස්වාමීනී, නාගසේනයන් වහන්ස, රහතන් වහන්සේ දඬුවමට භයෙන් තැති ගනිත් ද? නරකයෙහි පවා නිරසතුන් ගිනි ඇවිළෙමින් සකල ශරීරය දැවෙමින්, උණුවෙමින්, තිබෙද්දී ත්, ඒ දැල්වෙන මහා ගිනිජාලාවෙන් යුතු මහා නිරයෙන් පිටවනෙ කල්හී මරණයට භය වෙති. ඉදින් ස්වාමීනී, නාගසේනයන් වහන්ස, ‘සියලු සත්වයෝ දඬුවමට තැති ගනිති. සියලු සත්වයෝ මරණයට බිය වෙති‘ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාරන ලද්දේ නම්, යම් කරුණකින් ‘රහතන් වහන්සේලා සියලු භය ඉක්මවා සිටින්නෝ ය‘ යනුවෙන් වදාරන ලද වචනය බොරුවක් වෙයි.

ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘රහතන් වහන්සේලා සියලු භය ඉක්මවා සිටින්නෝ ය‘ යනුවෙන් වදාරන ලද්දේ නම්, ‘සියලු සත්වයෝ දඬුවමට තැති ගනිති. සියලු සත්වයෝ මරණයට බිය වෙති‘ යනුවෙන් වදාරන වචනය බොරුවක් වෙයි.

මෙයත් උභතෝකෝටික ප්‍රශ්නයකි. එය ඔබ වහන්සේ වෙත පැමිණියේ ය. ඔබ වහන්සේ විසින් එය සංසිඳවිය යුත්තේ ය.“

තවදුරටත් කළයුතු දේ ගැන ප්‍රශ්නය

Milindu raja prashnaya thawaduratath kalayuthu de“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඔබ වහන්සේලා මෙසේ පවසන්නෝ ය. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් කළ යුතු යම් කිසිවක් ඇද්ද ඒ සියල්ල බෝධි මූලයේ දී පිරිපුන් කරන ලද්දේ ය. තථාගතයන් වහන්සේ විසින් තවදුරටත් කළ යුතු දෙයක් නැත්තේ ය. නැවත නැවත කිරීමක් ද නැත්තේ ය‘ යනුවෙනි.

ස්වාමීනී, නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් කළ යුතු යම් කිසිවත් ඇද්ද, ඒ සියල්ලම බෝධි මුලයෙහිදී ම පිරිපුන් කරන ලද්දේ නම්, තථාගතයන් වහන්සේ විසින් තවදුරටත් කළ යුතු දෙයක් නැත්නම්, කළ යුතු දෙයෙහි නැවත නැවත කිරීමක් ද නැත්නම්, යම් කරුණකින් තථාගතයන් වහන්සේ තුන් මාසයක් හුදෙකලාවෙහි භාවනාවෙන් සිටින සේකැයි යන වචනයක් ඇද්ද, එය බොරුවකි. ඉදින් තථාගතයන් වහන්සේ තුන් මාසයක් භාවනාවෙන් හුදකලාවෙහි සිටිත්නම්, යම් කරුණකින් තථාගතයන් වහන්සේ විසින කළ යුතු යම් කිසිවක් ඇද්ද, ඒ සියල්ල බෝධි මූලයේහිදී ම පිරිපුන් කරල ලද්දේ ය යන වචනයක් ඇද්ද එය බොරු වෙයි. Milindu raja prashnaya