Loading...
ශ්‍රද්ධා අභයදාන 2017-05-01T15:44:43+00:00

ශ්‍රද්ධා අභයදාන

ජාති භේද, කුල භේද, ආගම් භේද නොතකමින් සකළ ලෝ තලය පුරා විසිරී පැතිරී සිටින අනේක විද වූ සත්වයින්ට මහත් වූ බියක් තැති ගැන්මක් උපදවන, මරණ බිය තරම් වෙනත් කාරණයක් නොමැති තරම් ය. උපන් සත්වයාට නිතැතින්ම උරුම වූ මේ අමිහිරි අත්දැකීම ඹවුන් ව කොතරම් අසරණ කරනවා ද යන්න මරණ මංචකයේ අසරණව විලාප දෙන, දඟලන සත්වයින් දුටු විට යන්තම් හෝ තේරුම් ගත හැකිය.

සුලු දේටත් කම්පිතව බය තැති ගැනීමෙන් මුලු ජීවිත කාලයම වෙලාගෙන සිටින තිරිසන් ලෝකයට යන්තම් හෝ පිළිසරණක් ලබා දිය හැක්කේ මිනිස් ලොව උපන් අපටය. නානා විද හේතූන් නිසා මරණයට වෙන් වූ සත්වයින් බොහෝමයි… ආහාර පිණිස දවසකට මරණයට පත්වන ගවයන්, කුකුළන්, මත්සයින් වැනි අප්‍රමාණ සතුන් ප්‍රමාණයක් කිසිදෙයක් කරකියා ගත නොහැකිව මරණය පෙනි පෙනී අසරණ වී සීටී.

තවත් සතුත් මිනිසුන්ගේ සිරකරුවන් බවට පත් වී සිටී.

මේ සියලූම සතුන්ට අවශ්‍ය වනුයේ අභයයි – බය රහිත බවයි

මහා කාරුණිකයාණන් වහන්සේ ගේ ශ්‍රාවක දරුවන් වූ අපි ඒ සතුන් වෙනුවෙන් දක්වන කරුණාව දයාව අති මහත් ය.

එක් මොහොතක්, හෝ ඒ සතුන්ගේ නිදහස, ජීවත් වීම දිය හැකිනම් ඒ පින මහත් ඵල – මහානිසංස වේවි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ දිවියක් උරුම වේවි. සසර දුක් කෙළවර කිරීමට මහත් රුකුලක් වේවි.

ශ්‍රද්ධා අභයදාන පින්කම්

2017-09-18T12:07:03+00:00

ගවයින් නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍යකර්මය… 2017-09-17

, ,

ගවයින් නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍යකර්මය… 2017-09-17 ද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් සහ වසුපැටවුන් 16 දෙනෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ [...]

2017-08-08T09:59:08+00:00

ගවයින් නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍යකර්මය… 2017-08-06

, , ,

ගවයින් නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍යකර්මය… 2017-08-06 ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් සහ වසුපැටවුන් 16 දෙනෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී [...]

2017-07-03T10:27:01+00:00

ගවයින් නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍යකර්මය… 2017-07-02

, , ,

ගවයින් නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍යකර්මය… 2017-07-02 ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් සහ වසුපැටවුන් 17 දෙනෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී [...]

2017-05-08T10:48:29+00:00

ගවයින් නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍යකර්මය | 2017-05-07

, , ,

ගවයින් නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍යකර්මය | 2017-05-07 ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් සහ වසුපැටවුන් 13 දෙනෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ [...]

2017-05-08T11:11:02+00:00

ගවයින් නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍යකර්මය | 2017-04-02

, , ,

ගවයින් නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍යකර්මය | 2017-04-02 ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් සහ වසුපැටවුන් 10 දෙනෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ [...]

2017-04-18T11:58:24+00:00

ගවයින් නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍යකර්මය… 2017-03-29

, ,

ගවයින් නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍යකර්මය… 2017-03-29 ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් සහ වසුපැටවුන් 5 දෙනෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී [...]

විටෙක  සුගතියේ ද, විටෙක දුගතියේ ද, සැප විදිමින්, දුක් විදිමින් අනන්ත වූ සසර පුරා අපි ආවෙමු. බොහෝ වාර ගණනක් අපිත් තිරිසන් ලොව අසරණ කමට බියට මුහුණපාන්නට ඇති, බොහෝ ආත්ම ගණනක් තවත් සතෙකුගේ කුසගින්නට අහරක් වන්නට ඇති, බත් පතක ව්‍යාංජනයක් වන්නට ඇති. ඒ තරම්ම මේ සංසාරය අඳුරුය, බියකරුය .මහා කාරුණිකයාණන් වහන්සේ බොහා් තැන්වලදී ඒ අදුරු බව ,ඒ බියකරු බව මනාකොට පෙන්වා දී තිබේ.

අසරණ වූ සතුන්ට සරණක් වීමේ උදාර පුණ්‍ය පරමාර්ථය පෙරදැරිව ආරම්භ කල ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතිය හා අත්වැල් බැද ගැනීමට ඔබටත් මෙත් සිතින් යුතුව ආරාධනා කරන්නෙමු.

එක්වන්න අප සමග…

දුරකථන අංකය 0714 371 522

විද්‍යුත් ලිපිනය: charity@shraddha.lk


අභය දාන – ගිණුම් විස්තර

නම – ශ්‍රද්ධා මාධ්‍ය ජාලය / ගිණුම් අංකය – 0162 10000 910

සම්පත් බැංකුව – කඩුවෙල ශාඛාව

ශ්‍රද්ධා අභයදාන ගවයන්

භයදාන පින්කම යටතේ ගවයකු නිදහස් කිරීමේදී ගවයන් ඝාතනය කරන ස්ථානයට ගොස් එම සතා නිදහස් කර සතුන් රැකබලා ගැනීම පිණිස ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් තෝරා ගත් විශ්වාසවන්ත පිරිසකට එම සතුන් බාරදීම සිදුකරයි.

මෙහිදී සතුන් නිදහස් කරගැනීමට අමතරව සතුන් රැකබලා ගැනීම සඳහා තෝරාගත් පවුල් වෙතට ප්‍රවාහනය කිරීමට ද අවශ්‍ය වේ. මේ අනුව එක් සතෙකු මරණයෙන් බේරා සුවසේ ජීවත් වීමට කටයුතු යෙදීම පිණිස රු.60 000ක් පමණ වැය වේ. නමුත් අභයදාන පින්කමට දායක වීමට කැමති පින්වතුන්ට ඕනෑම අවස්ථාවක තමන්ට පහසු මුදලක් මෙම පින්කමට යෙදවිය හැකිය. මෙසේ එක් සතෙකු නිදහස් කර ගැනීමට හෝ කිහිපදෙනෙක් නිදහස් කර ගැනීමට එසේ එකතු වන මුදල් යෙදවීම සිදුකරයි.

මේ සඳහා මුදල් යොමුකල යුතු ආකාරය….

071 4371522 අපගේ දුරකථන අංකයට අමතා ගිණුම් විස්තර ලබාගෙන ඉන් අනතුරුව මුදල් තැන්පත් කර අප වෙත නැවතත් දැනුම්දීම කලයුතුය. මුදල් තැන්පත් කල රිසිට්පතේ “අභයදාන ගවයකු නිදහස් කිරීම සඳහා ලෙස සටහන් කර ශ්‍රද්ධා මාධ්‍ය ජාලය,හේවාගම,කඩුවෙල ලිපිනයට තැපැල් කර එවීම මගින් හෝ charity@shraddha.lk යන විද්‍යුත් ලිපිනයට ඡාරූපයක් ලෙස හෝ ස්කෑන් කර එවිය යුතුවේ.

ශ්‍රද්ධා අභයදාන කුරුල්ලන්

කුරුල්ලන්, මත්‍ස්‍යයින්, කකුළුවන් වැනි සතුන් නිදහස් කිරීමේදී ස්වභාවික පරිසරයේ හැදී වැඩී පසුව මිනිස් ග්‍රහනයට හසුවූ සතුන් නිදහස් කිරීම මෙහිදී සිදුකරයි.(සමහර කුරුල්ලන් කූඩු තුලම හැදී වැඩී ඇති හෙයින් ස්වභාවික පරිසරය ඔවුනට හුරු නැත.)

ගිරවුන්, වී කුරුල්ලන් වැනි පක්ෂීන් ද, මිරිදියේ හෝ කරදියේ ජීවත් වී මිනිසුන්ගේ සුරතල් සතුන් ලෙස හෝ ආහාර පිණිස තවමත් ජීවත්ව සිටින සතුන් තෝරා ගැනීම සිදුකරයි.මෙසේ නිදහස් කර ගන්නා සත්වයින් මිනිස් ග්‍රහනයට හසුවීමට ඉඩකඩ අවම ස්ථාන නිරීක්ෂනය කොට එම ස්ථාන වෙත මුදාහැරීම සිදුකරයි.(විශේෂයෙන් මතස්‍ය විශේෂ හා කකුළුවන්)

මීට අමතරව නිදහස් කල යුතු යැයි හැගෙන නිදහස් පරිසරයේ ජීවත් විය හැකි සියළු සත්වයින් නිදහස් කිරීම සිදුකල හැකිය.

ඔබටත් ඉහත දක්වා ඇති පරිදි සතුන් නිදහස් කර ගැනීමේ පුණ්‍ය ව්‍යාපෘතිය හා එක්වීමට අවශ්‍ය නම් 071 4371522  යන දුරකථන අංකයට අමතා ගිණුම් විස්තර ලබාගෙන අදාල ගිණුමේ මුදල් තැන්පත් කල රිසිට්පත ශ්‍රද්ධා මාධ්‍ය ජාලය,හේවාගම,කඩුවෙල යන ලිපිනයට තැපැල් කිරීමෙන් හෝ charity@shraddha.lk යන විද්‍යුත් ලිපිනයට එවීමෙන් මෙම පුණ්‍ය ව්‍යාපෘතිය හා එක්විය හැකිය.එසේත් නැත්නම් අප ආයතනයට පැමිණ ඔබගේ දායකත්වය ලබා දීමට හැකිවේ.