ස්වභාවික ආපදාවන්ගෙන් විපතට පත්වූවන් සඳහා ආධාර සැපයීම 2017-05-29T15:44:21+00:00

Project Description

ස්වභාවික ආපදාවන්ගෙන් විපතට පත්වූවන් සඳහා ආධාර සැපයීම

අප මාතෘභූමියට බලපා ඇති ගංවතුර සහ නාය යෑම් ආදී ස්වාභාවික විපත් නිසා අවතැන් වී සිටින අපේ රටේ ජනතාවට කඩිනම් සහනාධාර ලබා දීම සඳහා පිහිටුවා ඇති ශ්‍රද්ධා සහනාධාර මධ්‍යස්ථානය මඟින් ඊයේ සහ අද දිනයේ දී උදෑසන සිට රාත්‍රිය දක්වා ම සහනාධාර බෙදා දීමේ කටයුතු සිදු කරනු ලැබුවා.

එ් අනුව පිසූ ආහාර, වියළි ආහාර, පානීය ජල බෝතල්, බෙහෙත් ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදී බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිහිටක් ලැබිය යුතු සියලු දෙනා වෙත බෙදා දෙනු ලැබූවා. තව දුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන සහන සැලසීමේ ක්‍රියාන්විතයට පින්වත් ඔබටත් දායක වීමේ අවස්ථාව තිබෙන අතර ඒ පිළිබඳ සියලු විස්තර අපගේ ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.

මේ සියලු කටයුතු සඳහා අප හට නිබඳ ආශිර්වාද කරනා අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් උපකාර කරනා සියලු පින්වතුන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා! සසරේ කිසිදු භවයක දී මෙවන් විපකට මුහුණ නොදී මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය ලබත්වා!

Leave A Comment