2017 බක් පොහෝ දින ධර්ම දේශණය 2017-06-14T14:38:00+00:00

Project Description

අචේලකස්සප සූත්‍රය | 2017 බක් පොහෝ දින ධර්ම දේශණය

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

අද බක් පුර පසළොස්වක් පොහෝ දවසේ අපි සියලු දෙනා බලාපොරොත්තු වන්නේ අපගේ ශ්‍රාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන් වහන්සේ විසින්වි වදාරණ ලද උතුම් ධර්මය ශ්‍රවණය කරන්ටයි. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයේ මිනිස්සුන්ගේ සිත් වල ඉතා සොඳුරු හැඟීම් ඇති වුනා. ඒ තමයි “කුසල් මොනවාද ? සත්‍ය කුමක් ද?” කියලා මිනිස්සු ඒ කාලේ හොයාගෙන ගියා. අද තියෙන්නේ මොනවා ද? අද හොයන්නේ රොඩු මොනවා ද කියලා. ඒ කියන්නේ කුණු රොඩු හොයන යුගයේ හැමතැනම හොයන්නේ රොඩු… ඒ කාලේ හෙව්වේ සත්‍යය මොනවා ද (කිං සච්ච ගවේසි), කුසල් මොනවා ද කියලා හොයනවා. එතකොට සත්‍යය මොනවා ද කුසල් මොනවාද කියලා හොයද්දිත් රොඩු මොනවා ද කියලා හොයද්දිත් ඒකේ වෙනසක් නැද්ද ?. වෙනසක් තියෙනවා.

ඒ කුසල් මොනවා ද (කිං කුසල ගවේසී) සත්‍යය කුමක් ද කියලා හොයපු යුගයේ තමයි අපගේ ශාස්තෘන් වහන්සේ පහළ වුනේ. ඒ කාලේ මනුශ්‍යයන්ට ඉතාම පහසුවෙන් වටහාගැනීමේ පහසුව තිබ්බා. ඒ කාලේ මිනිසුන් අහපු දේවල් ඇසීම් මාත්‍රයකින් අවසන් වුනේ නෑ… ඒ කියන්නේ ඒ අහන දේවල් ඔවුන්ගේ සිත් තුළට කිඳා බහිනවා. ඊලඟට ඒ අහන දේවල් ඔවුන්ට අවබෝධ වෙනවා. ඒ අහන දේවල් වලින් ඔවුන් ප්‍රතිඵල නෙලාගන්නවා. එතකොට එබඳු යුගයක නානාප්‍රකාර මිනිස්සු හිටියා. නමුත් ඒ මනුශ්‍යන් තුළ අර අපි කියපු “මේ සත්‍යය කුමක් ද? කුසල් කුමක් ද?” කියලා අවංකව සොයන අදහස ඔවුන්ගේ සිත් තුළ දැල්වී දැල්වී තිබුනා.. පහනක් දැල්වෙනවා වගේ ඔවුන්ගේ සිත් තුළ දැල්වෙමින් තිබුනා. සත්‍යය දැකීමේ ආශාව.. ඉතින් එබඳු මිනිස්සුන්ට තමයි අපේ ශාස්තෘන් වහන්සේ ධර්මය දේහනා කළේ. අද අපි ඒ එක් දහමක් අසන්නටයි සූදානම් වෙන්නේ… මේ දේශනාවේ නම අචේල කස්සප සූත්‍රය. මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ දෙවෙනි කොටසේ.

කස්සප කියන වචනය සාමාන්‍යෙයෙන් යොදන්නේ බ්‍රහ්මණයන්ට.. ඒ කියන්නේ ගෝත්‍රයක් තියෙනවා කාශ්‍යප කියලා.. එතකොට ඒ කාශ්‍යප ගොත්‍රයෙන් ආපු තවුසෙක් අචේල කස්සප කියන්නේ. චේල කියන්නේ වස්ත්‍ර. අචේල කියන්නේ වස්ත්‍ර නැති තාපසයෙක්. ඒ කාළේ සමහරු තාපසයෝ හිටියා අතහැරීම කොච්චර  බරපතල විදියට කරාද කියන්නේ, ඔවුන් අතහැරියේ තමන්ගේ ඥාති පරිස විතරක් නොවේ. ඔවුන් අතහැරියේ තමන්ගේ ගෙවල් දොරවල්, ධන ධාන්‍ය විතරක් නොවේ. ඔවුන් තමන්ගේ වස්ත්‍රත් අතහැරියා. අතහැරලා ගම් නියම් ගම් ගානේ ගියා. ඔවුන්ගේ සිත් වල තියෙන කුසල් දැකීමේ, සත්‍යය දැකීමේ ආසාව උදෙසා.

 

පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ ධර්ම දේශණා

අචේලකස්සප සූත්‍රය | 2017 බක් පොහෝ දින ධර්ම දේශණය

අචේලකස්සප සූත්‍රය | 2017 බක් පොහෝ දින ධර්ම දේශණය | Shraddha TV

One Comment

  1. nilantha April 23, 2017 at 3:17 pm - Reply

    namo buddhaya

Leave A Comment