2016 ඇසළ පොහෝ දින ධර්ම දේශණය 2017-02-21T14:57:02+00:00

Project Description

ආනන්ද සූත්‍රය | 2016 ඇසළ පොහෝ දින ධර්ම දේශණය

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

රෝගයක් තියෙද්දි ඒකට ප්‍රතිකර්ම නොකර රෝගයෙන් සුවපත් වීමක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේ මේ දුකක් තියෙන මේ ලෝකේ මේ දුකෙන් නිදහස් වෙන්න බලාපොරොත්තු වෙන්න බෑ එයට ප්‍රතිකර්මයක් නැතුව. ඒ ප්‍රතිකර්මය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ඉතින් මේ මූලික කරුණු හතරට කියනවා ආර්ය සත්‍යය කියලා. යම් කිසි කෙනෙකුට මේ ආර්ය සත්‍යය වැටහුනොත්, බුදුරජාණන් වහන්සේ තෝරලා දුන්නා මේ ආර්ය සත්‍යය අවබෝධ වෙන අවස්ථා හතරක්. මොනවද ඒ අවස්ථා හතර සෝවාන් වීම, සකෘදාගාමී වීම, අනාගාමී වීම, රහත් ළුලයට පත්වීම. මේ අවස්ථා හතර තමයි, මේ චතුරාර්ය සත්‍යය අවබෝධය ඇති කරලා දෙන්නේ. ඉතින් මේ ආර්ය සත්‍යය අවබෝධයට පැමිණෙන්න මුලිකම අවස්ථාවට මොකක්ද කියන්නේ සෝවාන් වීම කියලා.

සෝත කියලා කියනවා සැඩ පහරට. සෝත කියනවා කනට. සෝත කියනවා ආර්ය අෂ්ඨාංගික මාර්ගයට. එතකොට යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ඨාංගික මාර්ග අංග දැනගෙන, පළවෙනි මාර්ග අංගය හොඳට තේරුම් අරන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුනොත් එයාට කියනවා සෝතාපන්න කියලා. එතකොට ඒක නිකන් කට වචනෙන් වෙන එකක් නෙවෙයි. එතකොට ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුන කෙනාගේ ලක්ෂණ තියෙනවා. ඒවට කියන්නේ සෝතාපත්ති අංග කියලා. අන්න ඒ සෝතාපත්ති අංග ගැන මේ දේශණාවේ තියෙන්නේ. ඒ සෝවාන් වුණ අයගේ තියෙන ගති ගුණ, ඇති කරගන්න තමුනුත් උත්සහ කිරීමට මේ දෙසුම් උදව් වෙනවා. මේ දේශණාව සංයුත්ත නිකායේ තියෙන්නේ. මේ සූත්‍ර දේශණාවේ නම ආනන්ද සූත්‍රය.

එදා අපේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත්, අපගේ ආනන්දයන් වහන්සේත් සැවැත්නුවර ජේතවනයේ වැඩ සිටියා. එදා අපේ සාරිපුත්තයන් වහන්සේ භාවනාවෙන් නැගිටලා, අපගේ ආනන්දයන් වැඩහුන් තැනට වැඩම කළා. සාරිපුත්තයන් වහන්සේ එතනට වැඩම කරලා, ආනන්ද ස්වාමීන් වහන්සේ සමග සතුටු සාමීචි කතා බහේ යෙදුනා. ආනන්දයන් වහන්සේගෙන් අහනවා, ‘‘ආයුෂ්මත් ආනන්ද, කවර ධර්ම හතරක් ප්‍රහාණය වීමෙන්ද, කවර ධර්ම හතරකින් යුක්ත වීමෙන්ද, මේ සත්ව ප්‍රජාව ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ උදවිය සෝතාපන්නයි. මේ උදවිය සතර අපායේ වැටෙන්නේ නැති ස්වභාවයෙන් යුක්තයි. මේ උදවිය නියත වශයෙන්ම නිවන් අවබෝධ කරන අය කියලා පිරිසක් ගැන කිව්වා කියනවා. භාග්‍යවතුන් වහන්ස පිරිසක් ගැන එහෙම කතා කළා. ඒ පිරිස මොන වගේ ගතිගුණයන් ගෙන්ද යුක්ත, කරුණු හතරක් ප්‍රහාණය කරලා, කරුණු හතරකින් යුක්ත වෙලා. කරුණු හතරකින් ප්‍රහාණය වෙච්ච, කරුණු හතරකින් යුක්ත වෙච්ච අයට තමයි කිව්වේ, මෙයාලා සෝතාපන්නයි. මෙයාලා සතර අපායේ නොවැටෙන ස්වභාවයෙන් යුක්තයි. මෙයාලා ඒකාන්තයෙන් නිවන් දකින අය.

පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ ධර්ම දේශණා

ආනන්ද සූත්‍රය | 2016 ඇසළ පොහෝ දින ධර්ම දේශණය

Leave A Comment