අරිය පරියේසන සූත්‍රය | වෙසක් මංගල්‍යය මහමෙව්නාව කුණ්ඩසාලේ | Shraddha TV 2017-06-14T14:31:49+00:00

Project Description

අරිය පරියේසන සූත්‍රය | වෙසක් මංගල්‍යය මහමෙව්නාව කුණ්ඩසාලේ | Shraddha TV

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අද අපි ඉගෙන ගන්නේ මජ්ඣිම නිකාය පොත් වහන්සේගේ අන්තර්ගත අරිය පරියේසන සූත්‍රය. අපට මේ ලැබුණු මනුස්ස ජීවිතයේ අපිට ලැබුණු වටිනාම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. දීර්ඝ සසර ගමනක අපි ගමන් කරද්දි අපිට කලාතුරකින් මුණ ගැහෙන දේ තමයි බුද්ධ ශාසනය. ඒ දුර්ලභව ලැබුණු බුද්ධ ශාසනේ අපි හරියට හිත පහදවාගෙන ඒ බුදුරජාණන් වහන්සේ වදාළ විදියට ජීවිතය පුරුදු කළොත්, අපට විශාල යහපතක් උදාවෙනවා. පින්වතුනි බුදුකෙනෙක්ගේ ජීවිතයේ උන්වහන්සේ සමාන කළා සිංහයෙකුට. සිංහයා කියන්නේ මහ පොළොවේ ඉන්න සත්තු අතර නිර්භය සත්වයෙක්. සිංහ රාජයා සවස් කාළේ ඉර බැහගෙන යද්දි ඒ තමන් ඉන්න ගුහාවෙන් එළියට එනවා. එළියට ඇවිල්ලා සිව් දිශා බලනවා කියනවා. බලලා තුන්පාරක් සිංහ නාද කරනවා කියනවා. ඒ සිංහ නාද කරලා තමයි ගොඳුරු සොයන්න යන්නේ.

එතකොට බුදුරජාණන් වහන්සේ දේශණා කළා පින්වත් මහණෙනි, මේ සිංහ නාදේ කරනකොට ජලයේ ඉන්න සත්තු ජලය ඇතුලටම යනවා කියනවා. ඊට පස්සේ ගුහාවල ඉන්න සත්තු ගුහා වලටම යනවා කියනවා. ඊලගට අහසේ ඉන්න සත්තු ඉහලට අහසට පියාඹනවා කියනවා. ඒ එක්කම රජ මාළිගා වල දම් වැල් දාපු ඇත්තු දම් වැල් කඩාගෙන යනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා මේ තිරිසන් ගත සත්තු අතර ඒ සිංහ රාජයා හරි ආනුභාව සම්පන්නයි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා මහණෙනි සිංහ රාජයා කියන්නේ කාටද? ඒ තථාගත සම්බුදු රජාණන් වහන්සේට කියන නමක් කියනවා. එතකොට ඒ තථාගතයන් වහන්සේ මේ ධර්ම චක්‍රය පවත්වනවාට කියනවා සිංහ නාද කරනවා කියලා.

එතකොට ඒ සිංහ නාද කරන කොට සමහර දිව්‍ය ලෝක තියෙනවා කියනවා ඒ දිව්‍ය ලෝක වල තියෙන දීර්ඝ ආයුෂ නිසා ඒ අය හිතනවා කියන්නේ අපි හැමදාම ඉන්නවා කියලා. අපි සදාකාලිකවම ඉන්නවා කියලා. අවුරුදු පනහේ හැටේ අයත් එහෙම හිතන අය ඉන්නවා. අවුරුදු කෝටි ගණනක් ආයුෂ තියෙන කොට කවර කතාද? මේ මනුස්ස ලෝකෙත් මැරෙනවා කියලා හිතන්නේ ඉතාම සුළු පිරිසක්. එතකොට ඒ අවුරුදු කෝටි ගණනක් ආයුෂ තියෙන දෙවියන් අතර ඒ දෙවිවරු හිතාගෙන ඉන්නේ අපි හැමදාම ජීවත් වෙනවා කියලා. සදාකාලිකයි කියලා. ඒ අය බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ දෙවියන් සංවේගයට පත් වෙනවා.

අසිරිමත් දමසක මුල් පිටුවට

අරිය පරියේසන සූත්‍රය | දේශනා මාළාව කුණ්ඩසාලේ මහමෙව්නාව | Shraddha TV

Leave A Comment