අසුභ භාවනාව | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා මාල‍බේ 12 2017-10-18T10:36:07+00:00

Project Description

අසුභ භාවනාව | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා මාල‍බේ 12

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අද අපි ඉගෙන ගන්නේ අසුභ සංඥාව ගැන. බුදුරජාණන් වහන්සේ මේ අසුභ සංඥාව උගන්වන්නේ මේ ශරීරය කොටස් වෙන් කරලා, හොදට අසුභ වශයෙන්, පිළිකුල් වශයෙන් මෙනෙහි කරන්න කියලා. දැන් මේක අපි පුරුදු වෙච්ච එකක් නෙවෙයි. පොඩි කාලේ ඉදන් අපි පුරුදු වුනේ අපේ ශරීරයේ ලස්සන බලන්න. ඊලගට අපි ගත්තොත් රටේ ලෝකේ සිද්ධ වෙන්නෙත් කතා කරන්නේ ඒ දේවල්. ලස්සනට ඉන්න හැටි තමයි හැම තැනම කතා කරන්නේ. වර්තමානයේ ශරීරයට තමයි සම්පූර්ණ සැලකිල්ල තියෙන්නේ. අපි ගත්තොත් ඉස්සර මෙහෙම නෑ. දැන් අපි ගත්තොත් නගරයේ හැම තැනම ලස්සන වෙන තැන් දාල තියෙනවා. ඊලගට නොයෙක් ක්‍රීම් වර්ග, නොයෙක් කොණ්ඩා මෝස්තර, නොයෙක් විලවුන් වර්ග, නොයෙක් ආලේපන වර්ග කෝටි ගාණක් තියෙනවා. මිනිස්සු වියදම් කර කර මේවා ගන්නවා. මොකද ඉතින් මිනිස්සු කියන්නේ ලස්සනට ඉන්න පිරිසක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ශරීරයට කරන මේ ආසාව අපි සංසාර ගමනේ දිගින් දිගටම ගෙනියන්න හේතු වෙන එකක්.

වස්සාන ධර්ම දේශනා මුල් පිටුවට

අසුභ භාවනාව | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා මාල‍බේ 12

Leave A Comment