දුක සේ ගෙවන බියකරු සසර | Shraddha TV 2017-07-18T16:20:13+00:00

Project Description

දුක සේ ගෙවන බියකරු සසර | Shraddha TV

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

ඉන්දියාවේ දී දකින යාචකයන් දකින කොට මට හිතුන දෙයක් තමයි මට හිතුනා මේ අය අතරේ ඇති සසරේ මගේ අම්මලා වුනු අය. අනිවාර්යෙන් ඒ අතරේ ඉන්නවා. සමහර වෙලාවට දංකුඩේවත් නොකා තියෙන ඔක්කොම කෑම ටික දීලා බඩගින්නේ ඉදපු අම්මලා ඔතන ඇති. අපි වෙනුවෙන් මුලු ජීවිතයම කැප කරපු තාත්තලා ඇති ඔතන. අහෝ ! සසර විසින් දාල තියෙන තැන. ඒ නිසා මිනිස්සු ඔය විදියට දුක් විදිනවා. ඊට පස්සේ මං කල්පනා කරලා බැලුවා මොකක්ද කියලා මිනිස්සුන්ට මෙච්චර දුකක් විදින්න හේතු වෙන්නේ  කියලා. මේ මිනිස්සු බුද්ධ කාළේ පිං කරගන්නේ නැතුව ඇති. සඝ රුවනට දොස් කියන්න ඇති. එක්තරා සෘෂිවරයෙක් මේ යාචකයෙක් මෝහනයට පත් කරලා. පෙර ජීවිත බලන්න පුලුවන් විදියට. අනේ බලන කොට පේනවා තථාගතයන් වහන්සේ ගෙපිල පිළිවෙලින් පිඩු පිණිස වඩිනවා. ඒ වඩින කොට මේ අය දෙන්න එපා කියනවා ඔය ශ්‍රමණයට.

එතකොට මිනිස්සු තියෙද්දි දෙන්නෙ නෑ, ඊට පස්සේ සංඝයා වඩිනවා පේනවා කසාවත් දරාගෙන. තියෙද්දි දෙන්නේ නෑ. දැන් මොකද වෙලා තියෙන්නේ ඒ අයට. දුප්පත් වෙලා ඉපදිලා, යාචක වෙලාම ඉපදිලා. මිනිස්සු ලගම දෙන්න දෙයක් තිබුණත් මේ අයට දෙන්න හිතෙන්නේ නෑ. බලන්න තමන් කරපු දේවල් තමන්ගේ පිටුපස්සෙන් එන හැටි. හරිම පුදුමයි. දඔදිව බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න එන ශ්‍රාවකයන්ගෙන්ම යැපෙන ජීවිත සකස් වෙලා. කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නෑ, කොච්චර සිගමන් ලැබුනත් සිත සතුටු වෙන්නේ නෑ. ඔය කර්මයේ එක පැත්තක.

තමන්ගේම මව් ඔතන ඉන්න පුලුවන්. පියා ඔතන ඉන්නවා. සසරේ අම්මා නොවුන කෙනෙක් නෑ. තාත්තා නොවුන කෙනෙක් නෑ, දරුවෝ නොවුන කෙනෙක් නෑ. අම්මා තාත්තා කියලා ආදරෙන් වැළදගෙන දාලා යන්න බෑ කියලා කදුලු සල සලා ප්‍රේමයෙන් වෙළී ගිය අය අද සසරේ සිගමන් යදිනවා. අපි කාල බීලා හොදට ඉන්නවා. අහෝ සසර මේ තරම් බිහිසුනුද? ඉපදිලා මාසයයි දෙකයි දරුවෝ ඒ දරුවන්ට ඇගකට හේත්තු වෙලා ඉන්නවත් පනක් නෑ. ඒ දරුවෝ ඉනේ ගහගෙන, දියල්ලා දියල්ලා කියලා හැම තැනම අත දික් කරනවා. එතකොටම අපි කල්පනා කළා සසරේ අපේ අම්මලා අපිව ඔහොම ඉනේ ගහගෙන කොච්චර සිගමන් යදින්න ඇතිද? අපේ අම්මලා සිගමන් යදිද්දි සසරේ අපි ඔය විදියට කොච්චර බලාගෙන ඉන්න ඇතිද?

අසිරිමත් දමසක මුල් පිටුවට

දුක සේ ගෙවන බියකරු සසර | Shraddha TV

Leave A Comment