“බියකරුය මේ සසර” ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපටය | 2016-08-08 2016-11-25T12:11:14+00:00

Project Description

“බියකරුය මේ සසර” ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපටය | 2016-08-08

ඉපදෙමින් මැරෙමින් යන මේ නිමක් නැති සසර ගමනේ සැබෑ ස්වරූපය විදහා දක්වන ත්‍රිමාන තාක්ෂණයෙන් නිම වූ “බියකරුය මේ සසර“ කෙටි චිත්‍රපටයේ මාධ්‍ය ප්‍රදර්ශනයක් පසුගිය අගෝස්තු 08 වැනි දින සන්ධ්‍යාවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වුණි. ත්‍රිමාන සජීbiyakaruya me sasara pressවිකරණ චිත්‍රපටය
වැරදි කාම සේවනය, ගබ්සා කිරීම ආදී පාපී ක්‍රියා නිසා මරණින් මතු නිරය ආදී දුක්ඛිත ලෝකයනිහි ඉපිද විඳින්නට සිදුවන බිහිසුණු විපාක පිළිබඳව මෙමගින් නිරූපණය කරන අතර තම දරුවන් පිළිබඳ නිසි අවධානය සහ සැළකිල්ලක් නොමැතිකමින් දරුවන් නොමඟ ගොස් වරදේ බැඳී දුකට පත්වන ආකාරය ද මින් නිරූපණය වේ. එමෙන්ම තමා අතින් දැන හෝ නො දැන සිදුවන වැරදි අඩුපාඩු පිළිබඳ වැටහීමක් ඇති කරගෙන ඒවායින් වැළකී යහමඟට යොමුවන ආකාරයත් මින් නිරූපණය වේ. තායිලන්තයේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ගොඩ නැගී ඇති, වර්තමාන සමාජයට ඉතා වැදගත් දහම් පණිවුඩයක් ලබා දෙන මෙම චිත්‍රපටය, සංකීර්ණ ජීවන රටාවක් තුළ ජීවිතය ගත කරන සෑම අයෙකුටම ස්වයං ජීවිතාලෝකනයක් සඳහා ආරාධනා කරයි. biyakaruya me sasara press
ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය වන පළමු සිංහල මාධ්‍ය ත්‍රිමාන චිත්‍රපටය මෙය වන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය දැනුවත් කොට ප්‍රචාරණයක් ලබා දීම මෙම ප්‍රදර්ශනයේ අරමුණයි.
නො මඟ ගිය ඇත්තවුන් සුමඟට යොමු කරන්නට සිත් ඇති කරවන මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් රැස් වූ සියලු පින් කැමති සියලුම දෙවියන්ට ද, සියලු බ්‍රහ්මයින්ට ද, සියලු නාගයින්ට ද, අනුමෝදන් වෙත්වා!

මේ සඳහා අපට අනුශාසනා කළ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ද, ඉතාමත් උනන්දුවෙන් මේ සඳහා උපදෙස් දුන් මහමෙව්නාවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාට ද,biyakaruya me sasara press
මේ සඳහා වෙහෙසුනු ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ද, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ද, ලංකාවාසී ලෝකවාසී සියලූම පින්වත් ස්වාමීන් වහන්සේලාට ද, අනගාරිකා මෑණිවරුන්ට ද , පැවදි අපේක්ෂක දරුවන්ට ද නන් අයුරින් උදව් උපකාර කළ සියලූම පින්වතුන්ට ද, දැකබලා අනුමෝදන් වන ඔබ සැමට ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා! biyakaruya me sasara press

මාධ්‍ය දර්ශනයෙන් අනතුරුව Daily News පුවත්පතේ 2016-08-11 දින ඒ පිළිබඳව පලවූ ලිපිය

shraddha ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපටය

කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති බියකරුය මේ සසර චිත්‍රපටයේ ජායාරූප

11 Comments

  1. GAYANGA RUKMAL September 10, 2017 at 11:49 am - Reply

    Athatama mekath hadenna puluwan kenekutanam loku udauwak e wagema meka ape school ekata genath darshana karanna unandu una dayaka una siyaluma denata godak pin….

  2. Ajith July 4, 2017 at 5:37 pm - Reply

    මම ජපානේ ඉන්නෙ මේ චිත්‍රපටය බලන්න විදිහක් නැද්ද?

  3. kavishka dilshan May 20, 2017 at 10:21 pm - Reply

    ane monaragalata awa pin sidda wewa!

  4. nalaka May 15, 2017 at 10:54 pm - Reply

    MEHIDEE BEDAHERI POTHEHI PDF FILE 1K ETHNAM sihinawijesinghe@gmail.com wetha mail karana men karunawen illa sitinawa

  5. යසිත May 11, 2017 at 1:06 pm - Reply

    තවමත් ප්‍රදර්ශනයේ නම් දින හා ස්ථානද නැත්නම් බාගත කර ගැනීමට අවස්ථාවක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.(අවශ්‍ය තාක්ෂණය මා සතු බවත් මෙය අලෙවි කිරීමකට නොවන බවත් දිවුරා සිටිමි.)

  6. chanuka prasanna April 2, 2017 at 4:42 pm - Reply

    kawadada online video eka apita ganna puluwan wenne.

  7. sahan March 24, 2017 at 8:41 am - Reply

    hmmmmm…aththatama me movie eka balanna bari una…youtube eke podi kotasak wage dala thibba eka balala as walata kanduluth awa..loku kusalayak me wage deyak lokayata dayada kirimen…meya loketama narabanna wiwida basha walin upasirasi karala hari me biyakaru bawayen midenna oni kiyala sithak pahala karanna puluwan me movie ekata….oyalata pin…theruwan saranai

  8. C. Fernando February 25, 2017 at 11:09 pm - Reply

    Api anuradhapura.mehe penwaddi balanda beri una. Apahu sarayak anurdhapura penwanda puluwan nam loku pinak

  9. lahiru January 8, 2017 at 8:46 pm - Reply

    me film eka dwonload karanna link 1 denna pin

    • Shraddha TV January 9, 2017 at 10:04 am - Reply

      නමෝ බුද්ධාය!
      “බියකරුය මේ සසර“ චිත්‍රපටය ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක් ලෙසයි සකස් කර තිබෙන්නේ. එය සාමාන්‍ය ආකාරයෙන් නැරඹීමේ පහසුකම හෝ අන්තර්ජාලය තුලින් නැරඹීමට තවම හැකියාවක් නැත. නමුත් ශ්‍රද්ධා රූපවාහිනිය මගින් ශ්‍රී ලංකාව පුරා එය නොමිලේ ප්‍රදර්ශයන කරමින් පවතින බැවින් ඔබේ ප්‍රදේශයේ දී නොමිලේ එය නැරඹීමේ හැකියාව පවතිනවා.
      තෙරුවන් සරණයි.

  10. pasindu December 26, 2016 at 10:42 am - Reply

    ane me short movie eka ambalangodata hari galle hari pennanna

Leave A Comment