Project Description

බෝවන රෝග | සුව අරණ

වෛද්‍යතුමනි, මේ කාලේ බහුලව පවතින්නේ මොන වගේ රෝගද ? බෝවන රෝග

මේ කාලේ වැඩිපුරම දක්නට ලැබෙන්නෙ සෙම් රෝගය. ඒ වගේම ශ්වසන අපහසුතා නිසා බොහෝ වෙලාවට දූවිල්ල, දුම එවැනි දේවල් නිසාත් බොහෝ වෙලාවට රෝගීන් අපහසුතාවයට පත් වෙනවා. ඒ වගේම ඒ රෝග බෝවෙන තත්වයට පත්වෙලා තියෙනවා. පහුගිය කාලය පුරාම, මේ දක්වාම අපට සෙම් රෝගීන් බහුලව දක්නට ලැබුනා. ඒ වගේම ශ්වසන ආබාධ සහිත විවිධ වූ රෝගාබාධයන් ගණනවාක් බලපෑමක් ඇති කරලා තියෙනවා. ඒ එක් අවස්ථාවක් අනිත් එක තමයි, මේ කාලේ බහුල වශයෙන්ම වතුර පිරිසිදුව භාවිතා කරන්න ඕන. හොදින් පෙරා නිවාගත් ජලය භාවිතා කරන්න ඕන. ඒ වගේම අලුතින් වර්ෂා කාලය එනවා. සමහර ‍වෙලාවට වැස්ස නැති වෙලා යන්නත් පුළුවන්. ඒක හරියටම කියන්න බෑ. නමුත් මේ අලුත් වැස්සට තෙමෙන්න එපා. මොකද අපිට බෝවෙන රෝග එකක් විතරක් නෙමෙයි. ඇස් ලෙඩ වෙන්නත් පුළුවන්. ඒ වගේම කම්මුල්ගාය වෙන්නත් පුළුවන්. ඒ වගේම පැපොල, සරම්ප වගේ රෝග වෙන්නත් පුළුවන්. විවිධ රොගාබාධයන් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒ පිළිබදව හොදින් අවධානය යොමු කරන්ට ඕන. ගන්න ආහාර පාන හොදින් පිරිසිදු කරලා සෝදල ගන්න ඕන. අතපය නිතරම වැසිකිළි කැසිකිළි කරාම විතරක් නෙමෙයි, අනිත් හැම වෙලාවෙම සබන් දාලා අත්දෙක සෝදන්නට ඕන. ජලය ගැන නැවත වතාවක් කියනවා. මොකද හේතුව වතුර නිසා තමයි  ගොඩක් වෙලාවට රෝගී වෙන්නෙ. ඒක නිසා උණුකර පෙරාගත් ජලය පාවිච්චි කරනවා නම් ගොඩක් හොදයි. ඒ එක්කම කුඩා දරුවන් ගැන විශේෂයෙන් මතක තියාගන්න ඕන. එළි පහලියට යනකොට දූවිල්ල ටිකක් වැඩිනම්, ආවරණයක් නාසයට පලන්දන්න. මොකද දරුවාව ආරක්ෂා කරගන්ට ඕන නිසා. ඒක ගොඩක් වෙලාවට දරුවන්ට බලපෑමක් ඇති කරනවා. ඒක එච්චර සුබදායක  තත්වයක් නෙමෙයි. ඒ එක්කම අපිට දැන් දක්නට ලැබෙන ඩෙංගු රෝග තත්වයන් වල ප්‍රවණතාවයක් කොළඹ ආශ්‍රිත ප්‍රදේශ වලටත්, ඒ වගේම ලංකාවේ බොහෝ ප්‍රදේශ වලත් මේ ඩෙංගු රෝග තත්වය දක්නට ලැබෙනවා. අපේ පැරණි පත පොතේ මේ රෝගය සදහන් වෙන්නෙ ඩිංගි රෝගය  කියල. මේ රෝග තත්වය භයානකයි. මාරාන්තිකයි. ඉතින් ඒ නිසා අපි මතක තියාගන්න ඕන. අපේ වටපිටාව පිරිසිදු කරලා තබාගන්න. දැන් පොඩ්ඩක් පායන කාලය නිසා අපිට ඉතා පහසුවෙන්ම අනවශ්‍යය දේවල් ඔක්කොම ඉවත් කරලා දාලා. පොඩ්ඩක් පිරිසිදු කරල ගන්න පුළුවන්….

මෙම  වෛද්‍යය ගැටළු වලට අමතරව තවත් බොහෝ වෛද්‍යය ගැටළු වලට මේ වැඩසටහනෙන් පිළිතුරැ සපයනු ඇත…

සුව අරණ මුල් පිටුවට

images: Google