මේ අපේ නව වසරයි? | Shraddha TV 2017-05-09T17:25:28+00:00

Project Description

මේ අපේ නව වසරයි? | Shraddha TV

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

ඇත්තටම වෙසක් කියන වචනය අපට ඇහෙද්දිම අපට මතක් වෙන්නේ අපගේ ශාස්තෘණ් වහන්සේගේ ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල. ඒ මහ බෝසතාණන් වහන්සෙගේ උපත ඒ වගේම සාරාසංඛ කල්ප ලක්ෂයක් පුරා පෙරුම් දම් පුරලා ඒ පාරමී ධර්මයන්ගේ අවසන් ප්‍රතිඵලය ඒ සම්මා සම්බුද්ධත්වය ඒ වගේම පිරිනිවන්පෑම කියන මේ තෛමංගල්‍යය තමයි වෙසක් කියන වචනේ ඇහෙද්දිම අපට සිහිවෙන්නේ. ඉතින් ඒ නිසාම අපට මේ වෙසක් මංග්‍යය බොහෝම වැදගත්. අපගේ ශාස්තෘණ් වහන්සේගේ තුන්වන ලංකාගමනය සිදුවුනේ වෙසක් පුන් පොහෝ දිනයක. එතකොට කැළණිය පුරවරය පාරිශුද්ධත්වයට පත් වුනේ ඒ වගේම් ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ උතුම් වාම ශ්‍රී පාද පද්මය සමනොළ ගිරිහිස පිහිටුවා වදාළේ පින්බර වෙසක් පොහෝ දිනයක.

ඒ වගේම ඥාතීන් දකින්ට ගිය වෙලේ කිඹුල්වත් නුවරෙදී අපගේ භාග්‍යවතුන් වහන්සේ යමා මහ පෙළහැර පෑවා කියලා සදහන් වන්නේත් වෙසක් පොහෝ දිනයක. දේවානම්පියතිස්ස මහරජතුමාගේ ආර්ය චාරිත්‍යයන්ට අනුව අභිෂේකය සිද්ධවුනෙත් වෙසක් පුන් පොහෝ දිනයක කියලා සදහන් වෙනවා. තවත් බොහෝ දේ සිදුවුනා. ඒ තමයි දුටුගැමුණු රජතුමා රහතන් වහන්සේලා ලක්ෂ කෝටි ගණනක් පිරිවරාගෙන ස්වර්ණමාලී මහැ සෑ චෛත්‍යය රජාණන් වහන්සේ තනවන්න මුල්ගල තැබීම සිදු කරන්නේ පින්බර වෙසක් පුන් පොහෝ දිනයක. ඒ වගේම අපි කවුරුත් දන්නවා ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද මහරහතන් වහන්සේගේ පිරිනිවීමත් හරි අසිරිමත් එකක්. උන්වහන්සේ ගංගානම් ගඟ මධ්‍යයේ සෘධී පෙරහැරපාමීන් තමයි පිරිනිවන් පෑවේ. මේ වගේ සුවිශේෂී සිදුවීම් ගණනාවක් වෙසක් පුන් පොහෝ දිනයත් එක්ක බද්ධ වෙලා තියෙනවා.

 අනුරාධපුර යුගයේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මිහිදු මහරහතන් වහන්සේගෙන් අපට ආපු යුගයේ ඉදලා  අපේ රටේ මේ වෙසක් දිනට ඒ කාළේ ඉදලම සැමරුවා. එතකොට මේ වෙසක් දිනය එන්නේ බුද්ධ වර්ෂයත් එක්ක. අපිට වෙනම දින ගනන් කරන ක්‍රමයක් තිබුණා. අපේ රටේ අතීතයේ භාවතා වුනේ චන්ද්‍ර මාස ක්‍රමය. එතකොට චන්ද්‍ර මාස ක්‍රමයට අනුව හඳ මුල් කරගෙන පුන් පොහෝ දිනයෙන් අලුත් මාසයක් ආරම්භ වුනා. එතකොට ඒත් එක්ක සෘතු තුනකට බෙදලා තිබුනා. ඒ තිබුණු සෘතු තුන තමයි ඊට පස්සේ මිහිඳු මහ රහතන් වහන්සෙගේ ආගමනයෙන් පස්සේ ලංකාවේ භාවිතයට ගන්නේ. ඒත් එක්ක බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා මෙතරම් කාලයක් ගතවුනා, මෙච්චර කාලයක් ගතවුනා කියලා බුද්ධ වර්ෂය භාවිතයට ආවා. අපේ අතීතේ මුතුන් මිත්තෝ වර්ෂ ගණන් කරද්දි ගනන් කරේ බුද්ධ වර්ෂයෙන්.

අසිරිමත් දමසක මුල් පිටුවට

Youtube link

මේ අපේ නව වසරයි? | Shraddha TV

Leave A Comment