Budu Suwanda 42 | බුදු සුවඳ සවස දේශනාව 42 | Shraddha TV 2017-03-23T13:49:03+00:00

Project Description

Budu Suwanda 42 | බුදු සුවඳ සවස දේශනාව 42 | Shraddha TV

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අද අපි ඉගෙන ගන්න සූත්‍රයේ නම තමයි ධාතු සූත්‍රය. මේ දේශණාව අන්තර්ගත වන්නේ සංයුත්ත නිකායේ රාහුල සංයුත්තයේ. මේ රාහුල සංයුත්තයේ හැම දේශණාවකටම මුල් වන්නේ රාහුල ස්වාමීන් වහන්සේ. රාහුල ස්වාමීන් වහන්සේට ධර්ම මාර්ගය වැඩෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ලබාදීපු අවවාද තමයි මේ කොටසේ අන්තර්ගත වන්නේ.  මේ දේශණාව බොහෝම කෙටි දේශණාවක්. දැන් මේ රාහුල ස්වාමීන් වහන්සේට ධර්මය තුල හික්මෙන කෙනෙක් නේ. එතකොට යම් දහම් දැනුමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා, රාහුලයනි ඔබ මොකක්ද හිතන්නේ මේ පඨවි ධාතුව නිත්‍යයිද? අනිත්‍යයිද? කියලා අහනවා. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ කියනවා අනිත්‍යයි කියලා. එතකොට අනිත්‍යයි නම් යමක් ඒක සැපයිද? දුකයිද? කියලා අහනවා එතකොට දුකයි කියලා කියනවා. ඒ දුක් වූ දේ මම, මගේ, මගේ ආත්මය කියලා ගන්න එක හරිද කියලා තමයි අහන්නේ.

ඊට පස්සේ ආපෝ ධාතුව ගැනත් අහලා තියෙනවා ඒ විදියට. ඒ වගේ තේජෝ ධාතුව ගැනත්, වායෝ ධාතුව ගැනත් අහලා තියෙනවා. තව අහලා තියෙනවා ආකාස ධාතුව ගැනත්. ඊට පස්සේ අහලා තියෙනවා විඤ්ඤාණ ධාතූව ගැනත්. පඨවි ධාතු, ආපෝ ධාතූ, තේජෝ ධාතූ, වායෝ ධාතූ, ආකාස ධාතූ, විඤ්ඤාණ ධාතූ කියන ධාතූ හයක් ගැන අහනවා. මේ ගැන තමයි අපි තේරුම් ගන්න ඕන. දැන් අපි කියලා දෙන්න සූදානම් වන්නේ මෙන්න මේ කරුණු හය ගැන. අපි ප්‍රවේසමෙන් මේ කරුණු තේරුම් ගමු.

ඔබ කවුරුත් දන්නවා, සතර සතිපට්ඨානයේ ධාතු මනසිකාරය ගැන කියලා දෙනවනේ. එතකොට මේ ධාතූමනසිකාරය ගැන කියලා දෙද්දි, පඨවි ධාතුව ගැන කියලා දෙනවා. පඨවි කියලා කියන්නේ අපි සරලව තේරුම් ගත්තොත් මේ ගොරෝසු තද ස්වාභාවයෙන් යුතු පස් වෙන ස්වභාවයෙන් යුතු දේ. එතකොට කොටස් විස්සක් ගැන අපේ ශරීරයේ කියවෙනවා ඒ තමයි, ඔබ දන්නවා කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට කටු, ඇට මිඳුළු, වකු ගඩු, හදවත, අක්මාව මෙහෙමනේ අපි කියන්නේ. දැන් අපි හිතමු ඇස් වුන කෙනෙක් කොහොමද මේ කෙස් ලොම් කියන දේ අදුන ගන්නේ? මෙහෙම ඇල්ලුවාම තදයි, එයා ඒවට මොනවද කියන්නේ? පඨවි ධාතුව. ආපහු එතනදි කියා දෙනවා ආපෝ ධාතුවක් ගැන. ඒ කියන්නේ වැගිරෙන ස්වභාවයෙන් යුතු දේ තියෙනවානේ එවා.

බුදු සුවඳ මුල්පිටුවට

Youtube link

Budu Suwanda 42 | බුදු සුවඳ සවස දේශනාව 42 | Shraddha TV

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පවත්වනු ලබන බුදු සුවඳ වැඩසටහන…

Leave A Comment