Budu suwanda 42 | බුදු සුවඳ 42 වන වැඩසටහන 2017-03-22T15:12:33+00:00

Project Description

Budu suwanda 42 | බුදු සුවඳ 42 වන වැඩසටහන

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අවබෝධ කරගැනීමේදී වැදගත් දෙයක් තමයි, අපි සිතන ආකාරය. ගම් වල කැලෑ වල බොහෝ ගස් වර්ග තියෙනවා. ඒ වැල් වර්ග සමහරවිට ගස් දෙක තුනක පැටලිලා පැතිරිලා තියෙනවා. එතකොට වැල් වලින් හටගත්ත අලවර්ග ආදී බොහෝ වැල් වර්ග තියෙනවා ගම්වල. දැන් ඔන්න කැලේට යනවා මනුස්සයෙක්. මේ කැලේට යන මේ මනුස්සයා පේනවා මොකක්ද? වැලක දල්ලක් පේනවා. ඒ කියන්නේ වැලක් ගිහිල්ලා තියෙනවා ගස් අතරින් එතකොට මේ වැලේ දක්නට ලැබෙනවා එක දල්ලක් කෙළවරක්. මෙයා මොකද කරන්නේ ඒ කෙළවර හොදට බලනවා. කෙළවර ඔහොම බලලා එයා ඒ වැලේ කෙළවරේ ඉදන් ඇස් දෙක ගෙනියනවා. අපිට පේනවා දැන් දල්ල ගහේ එතිලා, වෙන ගහක එතිලා එහෙම තමයි වැල යන්නේ. දැන් මෙයා ඔහොම හොයාගෙන යනවා. හොයාගෙන යද්දි මෙයාට වැලේ මුල හොයාගන්න පුලුවන්. ඒ කාලේ මිනිස්සු මුලෙන් වැල කපලා සමහර වෙලාවට දර මිටි බැඳගන්න සත්තු බැදගන්න පාවිච්චි කළා. එහෙම නැත්නම් මුල ඔස්සේ ගිහිල්ලා අල ටිකත් ගත්තා. දැන් බලන්න අර මනුස්සයා ලස්සනට මුලේ වැල හොයාගත්ත ලස්සන.

අන්න ඒ වගේමයි අපේ ජීවිතේ. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය ගැන කියා දේද්දි, ජරා මරණ වලින් පටන් ගෙන ඒකට හේතුව ඉපදීම ආදී වශයෙන් දේශණා කරනවා. හරියට ඒකත් කොයි වගේද, අර ගහේ දල්ලෙන් පටන් ගන්නවා වගේ තමයි. එතකොට අපේ ජීවිතෙත් ඒ වගේ. අපි දැන් ජීවිතයක් ලබලා තියෙනවා. ඒ ලබපු ජීවිතේ දැන් අපි වයසට යමින් මරණය කරා ගමන් කරමින් ඉන්නවා. එයා කල්පනා කරනවා දිරාපත් වෙමින් වයසට යන ජීවිතේ ආරවුල් ප්‍රශ්ණ පිරිලා තියෙනවා. එතකොට මේ ලැබුවා වූ ජීවිතේ එයා හරියට දල්ල වගේ. දැන් එයා හොයනවා. හොයාගෙන හොයාගෙන යනවා මේකේ අක්මුල්. පටන් ගත්තේ කොහෙන්ද? අපි ලබපු ජීවිතෙන්. ලබපු ජීවිතේ කියලා පේන්න තියෙන්නේ මොනවද? කෙස්, ලොම්, නියපොතු, ඇස්, කණ්, නාසා ආදී දෙතිස් කුණුපයන්. ද්වේෂය උපදිනවා. රාගය උපදිනවා. මෝහය උපදිනවා. ඒ මදිවට තමා වටා බොහෝ පිරිසක් එකතු වෙලා තියෙනවා. දුදරුවෝ, යාලු මිත්‍රයෝ, බිරිඳ ස්වාමීයා, අම්මා තාත්තා මොවුන් හරහාත් විවිධ ප්‍රශ්ණ උපදිනවා. විටක සිනාසෙනවා, විටක අඩනවා. මේ සුසුම් හෙලීම් ඔක්කොම තියෙනවා. මොකක්ද මේවට මුලා හොයාගෙන යද්දි මවු කුසටත් යන්න වෙනවා. අන්න ඉපදුනු තැන. මේ ටික ඉපදුනේ නැත්නම් මේ ප්‍රශ්නේ නැහැ නේද… ?

බුදු සුවඳ මුල්පිටුවට

Budu suwanda 42 | බුදු සුවඳ 42 වන වැඩසටහන

Youtube link

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පවත්වනු ලබන බුදු සුවඳ වැඩසටහන…

Leave A Comment