දානය මහත්ඵල වීමට නම් | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 05 2017-08-15T17:11:01+00:00

Project Description

දානය මහත්ඵල වීමට නම් | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 05

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අද අපි සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා ධර්ම සකන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. සූත්‍ර දේශණාවේ නම තමයි ඡළංගදාන සූත්‍රය. අංග හයකින් යුක්ත දානය ගැන වදාළ දෙසුම. මේ දේශණාව බුදුරජාණන් වහන්සේ දේශණා කරන්නට යෙදුනේ සැවැත්නුවර අනේපිඩුසිටුතුමාගේ ආරාමයේ වැඩ වසන කාළේ. ඒ ජේතවනාරාමයේ වැඩ වසන කාළයේ වේළුකන්ඨකී කියන ගමේ හිටපු නන්ද මාතාව සාරිපුත්තයන් වහන්සේටත් මහා මොග්ගල්ලානයාන් වහන්සේත් ප්‍රමුඛ පන්සියයක් භික්ෂු සංඝයා උදෙසා දානයක් පූජා කළා. ඒ දානේ මෙන්න මෙහෙමයි වුනේ. ඔන්න වේළුකන්ඨකී නන්ද මාතාව උදේ පාන්දර නැගිටලා, බුද්ධ වන්දනා කරළා උයන පියන කටයුතු වල නිරත වෙනවා. දැන් මේ ගිහි ගෙදර ඉන්න වයසක අම්මා කෙනෙක්. ඔය අතරේ විවේකය ලැබෙන කොටම උදේ පාන්දර විවේකයෙන් ඉන්න වෙලාවට පාරායන වර්ගයේ ගාථා  සජ්ඣායන කරනවා. දවසක් මේ විදියට ගායනා කර කර ඉදලා, ගායනාව නවත්වන කොටම ඇහෙනවා එළියෙන් හඩක්, සාදු ! සාදු !! පින්වත් නැගනිය මමද ඔබ කළ පින සතුටු සිතින් අනුමෝදන් වෙනවා කියලා.

ඒ වෙලාවේ වේළුකණ්ඨකී නන්ද මාතාව ඇහුවා කවුද ඔබ කියලා. එතකොට කිව්වා, නැගනිය මම උතුරුකුරු දිවයිනේ ඉදන් රාජකාරී කටයුත්තකට යන ගමන්. මට කියන්නේ චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයේ උතුරුකුරු දිවයනට අධිපති වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයා කියලා. ඔබ මහා භක්තියෙන් පාරායන වර්ගයේ ගාථා සජ්ඣායනය කරන කොට අහසින් යන මට ඒ හඩ ඇසුනා. මටත් හිතුනා ඔබ හිමිදිරි පාන්දර කරන පින අනුමෝදන් වෙන්ට. ඒ පින අනුමෝදන් වෙන්ට මම ආවේ කිව්වා. එහෙනම් වේළුකන්ඨකී කියන්නේ එසේ මෙසේ මාතාවක් නෙමෙයි. අනාගාමී කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කාන්තාවක්ට උපමාවක් කියනවා නම් කවුරු වෙන්න කියලද කියන්නේ. එක්කො කුජ්ජුත්තරා එහෙම නැත්නම් වේළුකණ්ඨකී නන්ද මාතාව වගේ වෙන්ට.

එතකොට මේ වේළුකණ්ඨකී නන්ද මාතාව ගිහි ගෙදර ඉදලා අනාගාමී වෙලා. එතකොට ආයේ කවදාවත්ම කාම ලෝකයට එන්නෙ නෑ. සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලයි ඉන්නේ. විචිකිච්ඡාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණයි. සීලබ්බත පරාමාස සම්පූර්ණයෙන්ම ප්‍රහාණයි. ආයේ මියගියාට පස්සේ අනාගාමී කෙනා ඉපදෙන්නේ සුද්දාවාස බඹලොව විතරයි. එහෙනම් ගිහි ගෙදර අයට බුදුරජාණන් වහන්සේ කොහොමද දුන්න උපමාව. අනාගාමී වෙලා මැරිලා බඹලොව යන කෙනෙක් වෙන්න. එහෙනම් ඊට මෙහා නවතින්න කියලා නෑ. මනුස්ස ලෝක එන්න කියලා නෑ. අනාගාමී කෙනා බඹලොව ඉපදිලා එහිදිම පිරිනිවන් පානවා. මෙන්න මේ නන්ද මාතාව කරපු පින වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයාට අනුමෝදන් කරන්න කිව්වා.

 

වස්සාන ධර්ම දේශනා මුල් පිටුවට

දානය මහත්ඵල වීමට නම් | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 05

Youtube link

Leave A Comment