පසුතැවිලි නොවන කෙනෙකු වන්නට නම් | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 24 2017-10-18T11:07:47+00:00

Project Description

පසුතැවිලි නොවන කෙනෙකු වන්නට නම් | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 24

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

අද දවසේ අපි දේශණා කරන්ට බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන ගාම්භීර දේශණයක්. නිවනටම පමුණුවන දේශණයක්. මේ දේශණාවේ හැටියට මේ ජීවිතයේදීම පිරිනිවන්පාන්න පුලුවන්. පටන්ගන්න තැනත් අවසාන වෙන හැටිත් බුදුරජාණන් වහන්සේ මනාව දේශණා කරලා තියෙනවා.  පටන්ගැන්ම, මැද, අවසානය ලස්සනට විස්තර කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා දීපු විදියටම අපි පුරුදු කළොත් අනිවාර්යෙන්ම සැප ලැබෙනවා. පටන් ගන්න විතරයි තියෙන්නේ. එතැනින් එහාට ඉතුරු ටික සිද්ධ වෙනවා. පටන් ගත්තාම ඉතුරු ටික සිද්ධ වෙනවා. අන්න ඒ වගේ අපි මේ දේශණාව හොදට ශ්‍රවණය කරමු. මේ දේශණාවේ නම තමයි චේතනාකරණීය සූත්‍රය. චේතනා පහළ කිරීම ගැන වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේ මේ දේශණාව සිද්ධ කරන්නේ සැවැත්නුවර ජේතවනාරාමයේදී. පන්සිල් කියන්නේ සත්තු මරණ්නේ නෑ. හොරකම් කරන්නේ නෑ. වැරදි කාම සේවණය කරන්නේ නෑ, බොරු කියන්නේ නෑ. මත්පැන් මත් ද්‍රව්‍ය පානය කරන්නේ නෑ. මේක තමයි ගිහියාගේ නිත්‍ය සීලය. මෙන්න මේ පහ පුරුදු කරන් ඉන්න කෙනාට උදේ ඉදන් රෑ වෙනකම්, රෑ ඉදලා උදේ වෙනක්ම පන් සිල් ආරක්ෂා කරනවා නම් කෙනෙක් සිල්වත් කෙනාට පෝය දවසට උපෝසථ සිල් සමාදන් වෙනවා නම්, ඉදහිට දස සිල් සමාදන් වෙනවා නම් අන්න ඒ කෙනාට මේ වගේ චේතනාවක් පහල කරන්න ඕන නෑ කියනවා. මොකක්ද පසුතැවිලි නැති බවක් මා තුල පහල වේවා  කියලා  චේතනා පහළ කරන්න ඕන නෑ කියනවා.

මහණෙනි, සීලයෙන් යුක්ත වූ සිල්වතා හට පසුතැවිලි නැති බවක් මා තුළ පහළ වේවා යි අමුතුවෙන් චේතනා පහළ කළ යුතු නැත්තේ ය. මහණෙනි, සීලයෙන් යුක්ත වූ සීලවන්තයා තුළ පසුතැවිල්ල නැති බව යනු ධර්මතාවෙකි.

මහණෙනි, පසුතැවිලි නැත්තහුට ප්‍රමුදිත බවෙක් මා තුළ පහළ වේවා යි අමුතුයෙන් චේතනා පහළ කළ යුතු නැත්තේ ය. මහණෙනි, පසුතැවිලි නැති තැනැත්තා තුළ ප්‍රමුදිත බව ඉපදීම යනු ධර්මතාවෙකි.

මහණෙනි, ප්‍රමුදිතවුවහුට මා තුළ ප්‍රීතිය උපදීවා යි අමුතුවෙන් චේතනා පහළ කළ යුතු නැත්තේ ය. මහණෙනි, ප්‍රමුදිත වැ සිටින්නහු තුළ ප්‍රීතිය ඉපදීම යනු ධර්මතාවෙකි.

මහණෙනි, ප්‍රීති සිත් ඇත්තහුට මාගේ කය සංසිඳී සැහැල්ලු වේවා යි අමුතුවෙන් චේතනා පහළ කළ යුතු නැත්තේ ය. මහණෙනි, ප්‍රීතිමත් වැ සිටින්නහු තුළ කය සංසිඳී සැහැල්ලු වීම යනු ධර්මතාවෙකි.

වස්සාන ධර්ම දේශනා මුල් පිටුවට

පසුතැවිලි නොවන කෙනෙකු වන්නට නම් | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 24පුර 23

Youtube link

Leave A Comment