Project Description

දෑත් වෙව්ලීමට හේතු | සුව අරණ

ලිවීමේ දී දෑත් වෙව්ලීමට හේතු කාරණා ගණනාවක් තියෙනවා. එකක් තමයි සමහර වේලාවට වැඩ කරන අතේ එහෙම වෙනවා නම්, ස්නායු දුර්වල වීමේ රෝගී තත්වයේ මූලික ලක්ෂණ පෙන්වනවා වෙන්න පුළුවන්. එ එක්කම සමහර වේලාවට සමහර කෙනෙක්ට මේ තත්වය ඇති වෙන්නේ පරණ තැලීමක් තිබුණොත් පසු කාලීනව ඇතිවෙන බලපෑමෙනි. අනෙක් කාරණාව තමයි මොලේ සෛල අක්‍රිය වෙන්න පටන් ගැනීම. එහෙම වෙන්නෙත් එක්තරා රෝග තත්වයක් නිසයි. අවිදීමේ දී වෙනස් වීමක්, අපහසුතාවයක් ඇති වීමක් වැනි තත්වයක් ඇති විය හැකිය. මෙයට වෛද්‍ය වරයෙක් යටතේ ප්‍රතිකාර ලබා ගන්නට ඕන. මතක තබා ගතයුතු අනෙක් කරුණ තමයි ලබා ගත යුතු ආහාර පාන හොට ශක්තිජනක වෙන විදිහට කන්න ඕන. ශරීරයට හොදට අල්ලන්න, එවිට තමයි මේ රෝග තත්වය මර්ධනය කරගන්න පුළුවන්. මෙහි තවත් අතුරු ලක්ෂණයක් තමයි කන්න බැරි වෙන එක. බඩගිනි දැනෙන්නැති එක. ඒ නිසා අමාරුවෙන් හරි හොදට කන්න ඕන. බඩගිනි ඇතා නැතා තුන්වේලම හොදට කන්න ඕන. ඇගට ශක්ති සම්පන්න වෙන දේවල් ගන්න.

කොලෙස්ටරෝල් පාලනය කිරීම සදහා කුරුදු කඩු තේ හැදි භාගයක් මී පැණිත් එක්ක හැමදාම උදේට බොන්න. මේ විදිහට කළෝතින් අපට පුළුවන් සුවපත්භාවය ලබා ගන්න.

එදිනදා ඇතිවෙන මෙවන් බොහෝ වෛද්‍ය ගැටළු ගණනාවකට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඔස්සේ උපදෙස් ලබා දෙන සුව අරණ වෛද්‍ය සාකච්ඡාව… තවත් බොහෝ රෝග ගණනාවකට මෙම වැඩසටහන තුළදී ම පිළිතුරු ලබා දී ඇත. ඔබත් ශ්‍රවණය කරන්න. ඔබේ රෝගී තත්වයට පිළිතුරක් මෙම වෛද්‍ය සාකච්ඡාව තුළ ඇතුළත් වී තිබිය හැක.