යොවුන් දහම් සක්මන 2017 – ධර්ම සාකච්ඡාව 2017-03-22T15:18:25+00:00

Project Description

යොවුන් දහම් සක්මන 2017 – ධර්ම සාකච්ඡාව | Shraddha TV

අපි පුරුදු වෙලා තියෙනවා අපි ගාථා කියද්දි ගාථා වල තේරුම දන්නේ නෑ. පිරිත් කියනවා තේරුම දන්නේ නෑ. තේරුම සිංහලෙන් කියා දෙනකොට බනිනවා. ඒක අයිති සත්පුරුෂ කටමද? අසත්පුරුෂකමටද? අසත්පුරුෂකමට. ගිහි වේවා, පැවිදි වේවා සිංහලෙන් ගාථා කියන කොට බනිනවා නම් ඒ අසත්පුරුෂකම. සත්පුරුෂයෙක් යහපත කැමතියි. අසත්පුරුෂයා යහපත කැමති නෑ. සිංහලෙන් කියාපු නිසා සිදුවුන යහපත මෙතැකයි කියලා නෑ. බොහෝ දෙනෙකුට පංච සීලය තේරිලා තියෙනවා, රකින්න මහන්සි ගන්නවා. සිංහලෙන් කියන නිසා අර්ථය තේරෙනවා. මට මතකයි මං පොඩි කාළේ එක්තරා අවස්ථාවක හාමුදුරු කෙනෙක් බනට කිව්වා ගෙදර පිරිත් කියන්න එපා භූතයෝ ඇව්ස්සෙනවා කියලා. එතකොට එහෙම ඇහුවාම කෙනෙක් හිතනවා, ”එහෙනම් මේ පිරිත් වලින් භූතයෝ කිපෙනවා, පිරිත් නොකියමු” කියලා. එතකොට එයා බය වෙන්නේ භූතයන්ටද? පිරිතටද? පිරිතට බය වෙනවා.

එතකොට කරණීයමෙත්ත සූත්‍රයේ අර්ථ තේරුම් ගත්ත නම්, මේකයි තේරුම කියලා. එයාව රවට්ටන්න බෑ. රතන සූත්‍රයේ අර්ථ තේරුම් ගත්ත නම් රවට්ටන්න බෑ. ආටානාටිය සූත්‍රයේ අර්ථ තේරුම් ගත්ත නම් රවට්ටන්න බෑ. ගොඩක් විවේචනය කරන අයගේ ගුණධර්ම ගොඩාක් අඩුයි. ගුණ ධර්ම තියෙන අය කරන්නේ නෑ ඕවා. අනුන්ට ගරහන එක නුගුණයක්. ප්‍රශ්නයක් අහලා තියෙනවා, විවාහ වීමේදී නැකැත් නිමිති ඒවා කරාට කමක් නැද්ද කියලා? ප්‍රශ්ණේ තියෙන්නේ නැකැතෙත් නෙමයි, නිමිත්තෙත් නෙමයි තියෙන්නේ. ප්‍රශ්ණේ තියෙන්නේ ගුණ ධර්ම නැතිවීම. අපි හිතමු නැකැතට ජෝඩුව ගෙදරින් එලියට බහිනවා. නැකැතට පෝරුවට නගිනවා. නැකැතට අෂ්ඨක කියනවා. නැකැතට පොල් බිඳිනවා. දෙන්නම පිලිණු. පිළිණු වෙච්ච ජෝඩුවක්. සාර්ථකද? සාර්ථක නෑ. අපි හිතමු නැකැතත් වැරදිලා, අෂ්ඨක කියපු ළමයින්ටත් හරියට කියාගන්න බෑ. පොල් බිඳගත්තෙත් බිඳින්න බැරි වයසක සීය කෙනෙක්. හැබැයි දෙන්නම පිරිසිදුයි. අසාර්ථකද ඒ විවාහය ? සාර්ථකයි. එතකොට ප්‍රශ්ණේ තියෙන්නේ නැකැතේ නෙමෙයි. ප්‍රශ්ණේ තියෙන්නේ ගුණේ නැති එකේ.

ඊලගට ඔය මංගල උත්සව වලදී අරක්කු වලට වියදම් කරන ඒවා, ණය අරන් වෙඩින් කරන ඒවා, සෝබනේට වියදම් කරන ඒවා ආදී මේවගේ විහිලු වලින් අපි නිදහස් වෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම ඔය මූණ ලස්සන කරන තැන් තියෙනවා නේ. ඒවගේ විශාල වර්ධනයක් පේනවා, ඇයි ඒ? මිනිස්සුන් කාමුක අසහනයකින් ඉන්නවා. ඒකයි මේ හේතුව. එහෙම වෙන්න වෙන්න මොකද වෙන්නේ, මිනිස්සු බාහිර ලස්සන හොයනවා ගුණවන්ත කම, ගුණ ධර්ම අතහැරලා. සාමාන්‍ය ලස්සනක් තිබ්බම මනුස්සයෙකුට ඒක ප්‍රමාණවත්…

පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ ධර්ම දේශණා

යොවුන් දහම් සක්මන 2017 – ධර්ම සාකච්ඡාව | Shraddha TV

https://youtu.be/6XoYIqNZZmA

Leave A Comment