පාසල් උපකරණ බෙදා දීම… 2017-06-21 2017-06-22T12:44:43+00:00

Project Description

පාසල් උපකරණ බෙදා දීම… 2017-06-21

ශ්‍රද්ධා සමාජ සත්කාර වැඩසටහන යටතේ ආරම්භ කළ ගංවතුරින් දැඩි ලෙස විපතට පත් පවුල්වල වෙසෙන පාසල් දූදරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ ලබාදීමේ තවත් එක් අදියරක් පසුගිය ජුනි 21 දින මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර සියඹලාගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී සිදුවිය‍ ඒ අනුව ශ්‍රද්ධා ගංවතුර සහනාධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත පරිත්‍යාගශීලී පින්වතුන් ගෙනැවිත් බාර කළ පාසල් බෑග්, අභ්‍යාස පොත්, පෑන් පැන්සල්, නිල ඇඳුම් රෙදි ආදි බොහෝ පාසල් උපකරණ මෙහිදී බෙදා දෙනු ලැබීය. මෙම උතුම් පුණ්‍ය සත්ක්‍රියාවෙන් රැස් වන්නා වූ සියලු පින් මෙම කටයුතු සඳහා නිබඳ ආශිර්වාදය ලබා දෙන අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණමිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙව්නාව භාවනා අසපුවාසී ලෝකවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කරත්වා! එමෙන්ම මේ සඳහා මූල්‍යමය වශයෙන් සහ ද්‍රව්‍යමය වශයෙන් උපකාර කළ පින්වත් සියලු දෙනාටත් නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටත් දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා! නිදුක් නිරෝගී සුවපත්භාවයෙන් යුතුව සුවසේම උතුම් ධර්මාවබෝධය කිරීමේ දුර්ලභ වූ වාසනාව ලබත්වා!

One Comment

  1. Shalika June 22, 2017 at 2:08 pm - Reply

    Ane shadu shadhu….shadhu….. lowthura budu piyanange gunayata salakana apuruwa…kiya dun e kalyanamitra loku swamin wahansa oba maha bala athi dewi kenekda …

Leave A Comment