නොගැලපෙන අය සමඟ නොකළ යුතු කථා | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 17 2017-09-18T16:50:10+00:00

Project Description

නොගැලපෙන අය සමඟ නොකළ යුතු කථා | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 17

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ තුන්වෙනි පොත්වහන්සේගේ සූත්‍ර දේශානාවක්. දේශණාවේ නම තමයි දුක්කථා සූත්‍රය. කිපෙන කථාව ගැන වදාළ දෙසුම. මේ කාරණා කතා කරාම කිපෙනවලු, ගැටෙනවලු. බුදුරජාණන් වහන්සේ මේ දිනවල වැඩ සිටියේ සැවැත්නුවර. වැඩ ඉන්න කොට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශණා කරනවා. මහණෙනි, ඒ ඒ පුද්ගලයා හට ගලපා බැලීම පිණිස පුද්ගලයන් පස් දෙනෙකුගේ කථාවන් කිපෙන කතා වෙනවා කියනවා. ඒ ඒ පුද්ගලයා හට පුද්ගලයෝ පස් දෙනෙක්ගේ කථා කිපෙන කථාවන් බවට පත්වෙනවා. ඒ කවර පස් දෙනෙකුගේ කතාවන්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා මහණෙනි, ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධාව ගැන කරන කථාව කිපෙන කතාවක් කියනවා.

ඊලගට දුස්සීලයා සමග සීලය ගැන කතා කරන එක කිපෙන කථාවක් කියනවා. ගොඩාක් නොදන්න කෙනා සමග බහුශ්‍රැත කතාව කිපෙන කථාවක්. ඊලගට මසුරු මනුස්සයාට දන් දීම ගැන කරන කථාව කිපෙන කතාවක්. ඊලගට ප්‍රඥාවක් නැති කෙනත් එක්ක ප්‍රඥාව ගැන කතාවක් කරන කොට ඒක මෝඩයාට කිපෙන කතාවක්. එහෙනම් මේ කාරණා තම තමන් තුල්නි බලාගන්න පුලුවන්. තමා තුලින් දකින දහමක් කියන්නේ ඒකයි. ගොඩක් අය කරන්නේ, අපේ අම්මා එහෙමද? අපේ තාත්තා එහෙමද කියලා වෙන වෙන අයත් එක්ක සසඳලා බලන්න යනවා. දැන් මේක වෙන වෙන අයත් එක්ක සංසන්දනය කරන එකක් නෙමෙයි. තමා තුලින් දකින්න ඕන එකක්.

මට සීලය ගැන කතා කරන කොට තරහ යනවද? මට ශ්‍රද්ධාව ගැන කතා කරද්දි තරහ යනවද? මට බහුශ්‍රැත කතා කරද්දි තරහා යන කෙනෙක්ද? මට දානේ ගැන කතා කරන කොට තරහා යන කෙනෙක්ද? මට ප්‍රඥාව ගැන කතා කරද්දි තරහා යන කෙනෙක්ද කියලා තම තමන් ගැන මැන ගන්න පුලුවන්ද? බැරිද? පුලුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධාව පිළිබද කතාව කිපෙන කතාවක් වෙන්නේ කුමන හෙයින්ද කියලා අහනවා. මහණෙනි, ශ්‍රද්ධා රහිත කෙනා ශ්‍රද්ධාව ගැන කතා කරන කොට ගැටෙනවා කියනවා. ඊලගට කිපෙනවා කියනවා. ඊලගට ව්‍යාපාදයට පැමිණෙනවා. ඇවිස්සෙනවා. විරුද්ධව නැගී සිටිනවා. කෝපයත් ද්වේෂයත් නොසතුටත් පළ කරනවා කියනවා. ඒකට හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. මහණෙනි, ඒ කෙනා ශ්‍රද්ධාසම්පත්තිය දකින්නේ නෑ කියනවා. ඒ හේතුවෙන් ශ්‍රද්ධාව ගැන කතා කරද්දි ප්‍රීතියත්, ප්‍රමුදිත බවක්, ප්‍රබෝධමත් බවක් ඇතිවෙන්නේ නෑ කියනවා.

වස්සාන ධර්ම දේශනා මුල් පිටුවට

නොගැලපෙන අය සමඟ නොකළ යුතු කථා | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 17

Youtube link

Leave A Comment