ණය ගැනීම ගැන වදාළ දෙසුම | Sitha Sanasana Ama Daham 28 2017-08-23T17:06:04+00:00

Project Description

ණය ගැනීම ගැන වදාළ දෙසුම | Sitha Sanasana Ama Daham 28

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අද දවසේත් අපි සූදානම් වන්නේ අංගුත්තර නිකාය හතරවෙනි පොත් වහන්සේගේ සූත්‍ර දේශණා ඉගෙන ගන්න තමයි සූදානම් වන්නේ. ඒ පොත් වහන්සේගේ ධම්මික වර්ගයේ තියෙන මිගසාලා සූත්‍ර දේශණාව හරි ලස්සන සූත්‍ර දේශණාවක්. පුද්ගලයෙක් හදුනාගන්න බාහිරින් බලලා අපට හදුනාගන්න බෑ. පුද්ගලයෙක්ගේ අධ්‍යාත්මික ස්වභාවය තේරුම්ගන්න පුලුවන්, ඒ ගැන විස්තර කරන්න පුලුවන් බුදුකෙනෙක්ට විතරයි කියන කාරනය මේ දේශණාවේදී අපට ඉගෙන ගන්න තියෙනවා. මේ දේශණාවට මුල්වුනේ දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ මිගසාලා කියන උපාසිකාවගේ නිවසට වඩිනවා. දානෙට වැඩියට පස්සේ මිගසාලා කියන උපාසිකාව ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්ණයක් ඇහුවා. ආනන්දයන් වහනස්, එක්කෙනෙක් බ්‍රහ්මචාරී කෙනෙක් ඉන්නවා. අනිත් කෙනා අබ්‍රහ්මචාරීයි. මේ දෙන්නම මරණින් පස්සේ එකම දිව්‍ය ලෝකේ උපදිනවා නම් ඒක සිද්ධ වෙන්න පුලුවන් දෙයක්ද කියලා ඇහුවා.

ඊට පස්සේ මේ උපාසිකාව කියනවා, මේ මිගසාලා උපාසිකාවගේ තාත්තගේ නම තමයි පුරාණ. ඒ පියා බ්‍රහ්මචාරීව තමයි වාසය කළේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශණා කළා ඒ පියා මරණින් මත්තේ තුසිත දෙව්ලොව ඉපදුනා කියලා. ඊටප්සේ කිව්වා මගේ සුලු පියාණන් ඉසිදත්ත එයත් මරණින් මත්තේ සකදගාමී වෙලා තුසිත දෙව්ලොව ගියා කියලා. මිගසාලා උපාසිකාව කල්පනා කළා මේ දෙන්නම එකම දිව්‍ය ලෝකේ යන්නේ කියලා. එක්කෙනෙක් බ්‍රහ්මචාරීව ඉදලා අනිත් කෙනා අබ්‍රහ්මචාරීව ව හිටියා. එතකොටම ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා. සොයුරිය භාග්‍යවතුන් වහන්සේ එලෙස පැවසුවා නම් ඒක එහෙමම තමයි කිව්වා. ආනන්ද ස්වාමීන් වහන්සේ සොතාපන්න වෙලා හිටපු නිසා භාග්‍යවතුන් වහන්සේ පැවසූ කිසි දෙයක් සැක කරන්නේ නෑ.

ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේ කාරණය පවසා සිටියා. ඊටපස්සේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උත්තරයක් දුන්නා. ආනන්ද, බලා වූ අව්‍යක්ත වූ බොළඳ ප්‍රඥා ඇති මිගසාලා උපාසිකාව කවුද?. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා මේ ලෝකයේ පුද්ගලයෝ හය දෙනෙක් විද්‍යාමාන වෙති. ඒ කවර හය දෙනෙක්ද? පළමුවෙනි කෙනා කවුද?

  1. ආනන්දය, මෙහිලා එක්තරා පුද්ගලයෙක් සිල් ගුණයෙන් යුක්ත ව සැප සේ එකට වාසය කරයි. සබ්‍රහ්චාරීන් වහන්සේලා ඔහු සමඟ එකට වාසය කිරීමෙන් සතුටු වෙති. ඔහු විසින් එය ශ්‍රවණයෙන් නොඅසන ලද්දේ වෙයි. බහුශ්‍රැතභාවයකිනුත් නොලැබුවේ වෙයි. දෘෂ්ටියකිනුත් වටහා නොගන්නා ලද්දේ වෙයි. ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් නොලැබුවේ වෙයි. හේ කය බිඳි මරණින් මතු පිරිහීම කරා යයි. විශේෂත්වයක් කරා නොයයි. පිරිහී යන්නේ ම වෙයි. විශේෂයක් කරා නොයන්නේ වෙයි.

ලෝකයෙහි දිළිඳු බව ත්, ණය ගැනීමත් දුකකැයි කියනු ලැබේ. දිළින්දෙක් ණය ගෙන අනුභව කරන්නේ නම් එයින් වැනසී යයි. ඒ හේතුවෙන් ඔහු පසුපස ණය කරුවෝ ලුහු බඳිති. බන්ධනයට ත් හුසුවෙති. කාමලාභය පතන්නහුගේ මේ බන්ධනය වනාහී දුකක් මය. එසෙයින් ම ආර්ය විනයෙහි යමෙකුට ශ්‍රද්ධා නැද්ද, හිරි නැද්ද, ඔතප් නැද්ද, පාප කර්මයන් පිළිබඳ ව වටහා ගැනීමක් නැද්ද, කාය දුෂ්චරිතය කොට, වචී දුෂ්චරිතය ත් කොට, මනේ දුෂ්චරිතයත් කොට මාව කිසිවෙක් නොදනීවා යි කැමති වෙයි.ඒ තැනැත්තා කයෙන්, වචනයෙන් හා චේතනාවෙන් වක්‍ර කර්මයන් කොට ඒ ඒ තන්හි යළි යළි ත් පාප කර්මයෙන් වැඩෙන්නේ, දුෂ්ප්‍රාඥ වූ පාපකර්ම ඇති ඒ තැනැත්තා තමනගේ අකුසල කර්මයන් දනිමින් දිළිදු වුයේ ණයට ගෙන අනුභව කරමින් වැනසෙයි. (ඉණ සූත්‍රය- අංගුත්තර නිකාය04)

සින සනසන අමා දහම් මුල් පිටුවට

Youtube link

ණය ගැනීම ගැන වදාළ දෙසුම | Sitha Sanasana Ama Daham 28

Leave A Comment