සම්පජඤ්ඤ සහ ඉරියාපථ භාවනාව | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා මාල‍බේ 13 2017-10-27T15:24:14+00:00

Project Description

සම්පජඤ්ඤ සහ ඉරියාපථ භාවනාව | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා මාල‍බේ 13

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අද දවසේ  අපි සාකච්ඡා කරන්න සූදානම් වන්නේ අපි ඉදිනෙදා ජීවිතයේ පවත්වන ඉරියව් මුල් කරගෙනම අපි නිවන් මග කොහොමද පුරුදු කරගන්නේ කියන කාරණය. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා මේ සත්ව ප්‍රජාව මේ සසරේ සැරිසරන්නේ කරුණු දෙකක් නිසා. කුමක්ද ඒ? අවිද්‍යාවත් තෘශ්ණාවත් නිසා. දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ලස්සන ප්‍රශ්ණයක් ඇහුවා. ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස, මේ සත්වයා උපද්දවන්නේ කවුරු විසින්ද? කියලා අසා සිටියා. බුදුරජාණන් වහන්සේ ලස්සන උත්තරයක් දුන්නා මේ සත්වයා උපද්දන්නේ තෘෂ්ණාව විසින්. එහෙනම් අපි මවු කුසකට අරගෙන ආවේ කවුරුන් විසින්ද? තෘෂ්ණාව විසින්. ඒ තෘෂ්ණාව කොහෙද පවතින්නේ මේ අපේ අධ්‍යාත්මික චින්ත සන්තානය ඇසුරු කරගෙන තියෙන්නේ. තෘෂ්ණාව කියලා කියන්නේ හිතේ පවතින ස්වභාවයක්. ඒ ස්වභාවය හේතු පවතින කම්, පවතින දෙයක්. හේතුව නැතිවෙද්දි නැතිවෙලා යන දෙයක්. යම් හේතුවක් පවතින කම් තමයි තෘෂ්ණාව පවතින්නේ. ඒ හේතුව යම් දවසක නැති වී යයිද, තෘෂ්ණාවට මොකද වෙන්නේ? තෘෂ්ණාව නැති වෙලා යනවා.

දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේලා පිරිසක් චාරිකාවේ වඩින්න සුදානම් වෙද්දි ඒ ස්වාමීන් වහන්සේලාට කියනවා හරි ලස්සන කාරණාවක්. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔබ මේ චාරිකාවේ වඩිද්දි එක එක  ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඔබෙන් අසයි, ඔබ සරණ ගිය ශාස්තෘණ් වහන්සේ මොන වගේ අදහසක් දරන කෙනෙක්ද? මොන වගේ අදහසක් ප්‍රකාශ කරන කෙනෙක්ද? එතකොට උත්තර දෙන්න කිව්වා, ඡන්දරාගය ප්‍රහාණය කිරීම පිණිසයි අපේ ශාස්තෘණ් වහන්සේ ධර්මය දේශණා කරන්නේ කියලා. ඊටපස්සේ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණවරු අහයි කිව්වා කොහේ තියෙන ඡන්දරාගය නැති කරන්නද කියලා. කියලා දෙන්න කිව්වා, කරුණු පහක් තුල ඡන්ද රාගය පවතිනවා කියලා. ඔබ කල්පනා කරලා බලන්න ඔබේ හිතේ ඔබේ රූපයට බැදීමක් තියෙනවද නැද්ද? බැදීමක් තියෙනවා. ඒ වගේම ඔබ යම් සැපක් විදිනවද? ඔබ යම් දුකක් විඳිනවාද? ඔබ යම් උපේක්ෂාවන් විඳිනවාද? යම් දෙයක් විඳිනවාද? විඳින දේට ඔබේ හිතේ බැඳිමක් තියෙනවා. තමන්ගේ හිත දිහා තමන් බලන්න ඕන. සිත දිහා බලන්නේ කොහොමද? අපිට මේ පේන මසැසින් නොවෙයි පින්වත්නි. ඒක බලන්නේ කුමකින්ද? ප්‍රඥා ඇසකින්. ප්‍රඥා ඇසකින් සිත දිහා බලද්දි තමයි තේරෙන්නේ මේ රූපයට බැඳිමක් තියෙන බව.

වස්සාන ධර්ම දේශනා මුල් පිටුවට

සම්පජඤ්ඤ සහ ඉරියාපථ භාවනාව | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා මාල‍බේ 13

Leave A Comment