ඉට්ඨධම්ම සූත්‍රය| අමා දම් විල 2016-11-25T12:11:25+00:00

Project Description

ඉට්ඨධම්ම සූත්‍රය | අමා දම් විල

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

මේ දේශණාවේ නම තමයි ඉට්ඨධම්ම සූත්‍රය . ඉට්ඨධම්ම කියලා කියන්නේ මොකක්ද? ඉට්ඨධම්ම කියලා කියන්නේ හිතට ප්‍රිය වූ දේවල් වලටයි. මොනවද? අපේ හිතට ප්‍රිය වූ ස්වභාවයෙන් යූතු දේවල් තියෙනවා. ඒවට අපි කියනවා ඉෂ්ඨ වූ දේවල් කියලා. අපිට ප්‍රිය මනාප වූ ඒ වගේම අපේ හිත කැමති දේවල් වලට කියනවා ඉට්ඨ ධම්මයන් කියලා. මේ දේශණාවේ නම තමයි හිතට ප්‍රිය වූ දේ ගැන වදාළ දෙසුම.

ඒ කාළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඩු සිටුතුමා විසින් කරවා පූජා කරන ලද ආරාමයේ. ඉතින් එදා පින්වත් මහණෙනි, කියලා භික්ෂු සංඝයා අමතා වදාළා. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි, සිතට ප්‍රිය වූ කාන්ත වූත්, මනාප වූත් ලෝකයේ දුර්ලභ වූත් කරුණු දහයක් තියෙනවා. මොනවගේ කරුණු දහයක්ද? ඒක ප්‍රිය යි, ඒ වගේම කාන්තයි, මේ පරියාය වචන වලින් හැදින්වෙන්නේ මොකක්ද? සාමන්‍යයෙන් අපේ හිත කැමතියි මේ දේවල් වලට. නමුත් මේ කරුණු ලෝකයේ දුර්ලභයි. දුර්ලභයි කියන්නේ ලේසියෙන් ලැබෙන්නේ නෑ. අපි කොච්චර කැමති වුනත් කැමති වෙච්ච පළියට මේවා ලැබෙන්නේ නෑ. මේවා දුර්ලභයි ලැබෙන්නේ අඩුවෙන්. මේ ලෝකේ ඒ ඒ පළාත් වල විසිරිලා ඉන්න අය බැලුවොත් මේ කරුණු අඩු වැඩි වශයෙන් තමයි පිහිටලා තියෙන්නේ. එතාකොට මේක දුර්ලභව යි ලබන්න තියෙන්නේ.ඉට්ඨධම්ම සූත්‍රය

සිතට ප්‍රිය වූ කාන්ත වූත්, මනාප වූත් ලෝකයේ දුර්ලභ වූත් කරුණු දහයක් තියෙනවා.

එබදු කරුණු දහයක් තියෙනවා. කීයක් තියෙනවද? දහයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ කවර දහයක් ද? ඔන්න ඒ දහය එකින් එක භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා. පළවෙනි කරුණ තමයි. භෝග සම්පත් ඇති බව. භෝග සම්පත් කියන්නේ මොනවටද? වතුපිටි, ඉඩකඩම්, යාන වාහන ඇතිව ඉන්න කැමතිද නැද්ද? කැමතියි නේ. කැමති දුප්පත් වෙලා ඉන්නද? පොහොසත් වෙලා ඉන්නද? කැමති කොහොමද? පොහොසත් වෙලා ඉන්න කැමතියි නේ. එතකොට කැමති පුංචි ගෙදරක ඉන්නද? එහෙම නැත්නම් හොද බංගලාවක ඉන්නද? මොකටද කැමති බංගලාවක ඉන්න කැමතියේ නේ. එතකොට කැමති පරණ ඇදුම් අදින්නද? නැත්නම් හොද ලස්සන ඇදුම් අදින්නද? අලුත් ඇදුම් තමයි කැමති නේ. කැමති ත්‍රී විලර් එකක යන්නද එහෙම නැත්නම් හොද වාහනයක යන්නද? හොද වාහනයක යන්න කැමතියි.

එතකොට මේ ඔක්කොම අයිති මොකේටද? ඒ භෝග සම්පත් කියන කොටසටයි. එතකොට වතුපිටි, ඉඩ කඩම්, යාන වාහන මිල මුදල් ඒ ඔක්කොම අයිති වෙන්නේ මොකටද? භෝග සම්පත් වලට. එතකොට මේ භෝග සම්පත් කියන දේ මේ ලෝකයේ දුර්ලභද නැද්ද?. හැමෝම පොහොසත්ද? නෑ. පොහොසත් අය ඉන්නේ අතලොස්සක්ද? ගොඩක් ද? අතලොස්සයි නේ.ඉට්ඨධම්ම සූත්‍රය

අමාදම්විල මුල්පිටුවට

Leave A Comment