ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය… 2017-02-27 2017-03-04T10:08:59+00:00

Project Description

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය… 2017-02-27

පින්වත් මහණෙනි, යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම්, ඔහු මට උපස්ථාන කරන්නේ ය. (ගෞතම බුදුරජාණන් වහන්සේ) ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙතත්, නේවාසික ව ප්‍රතිකාර ලබන ජනතාව වෙත සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි අහාර වේලක් ලබා දීමේ පින්කමක් 2017 පෙබරවාරි 27 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි. මෙම උතුම් දානමය පින්කම සඳහා බැතිබර දායකත්වය දරන්නේ පින්වත් ආර්.ජී සුමිත් බණ්ඩාර මහතා, නදී මහත්මිය, ලක්ෂිකා මහත්මිය, තරිඳු ඩෙනිස් මහතා, එරන්දතී කුමාරි, භාග්‍යා ජෙනිස් සහ වින්ද්‍යා ජෙනිෆා ඇතුළු පින්වත් පිරිසක් විසිනි. මෙම උතුම් දානමය පින්කමෙන් රැස් වු සියලු පුණ්‍ය ධර්මයන්දායකත්වය දරන පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා! දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්,බලයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! 3000ක් පමණ වූ පිරිස වෙනුවෙන් ලබා දුන් මෙම දානයට අනුශාසනා කළ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු සියලූ ම පින්වත් ස්වාමීන් වහන්සේලා ට ද, මේ සියලු පින් අනුමොදන් වෙත්වා! මෙම පින්කම සඳහා ශ්‍රම දායකත්වය දක්වමින් උපකාර කළ ගෞතම දරුවෝ යොවුන් සභාවේ සියලු පින්වතුන්ට ද, ශ්‍රද්ධා නාලිකාවේ සේවය කරන සියලු පින්වත් දරුවන්ට ද, එමෙන් ම ශ්‍රද්ධා නාලිකාව පවත්වාගැනීමට උපකාර කරන මාසික ධර්මදාන පින්වතුන්ට ද, නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට ද, දැක බලා සිත් පහන් කරගත් සියලු දෙනාට ද, මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා… මාසිකව සිදු කෙරෙන මේ උතුම් පුණ්‍ය කර්මය උදෙසා පින්වත් ඔබට ද දායක විය හැකි ය.

විමසීම් – 071 437 1522 විද්‍යුත් ලිපිනය – info@shraddha.lk


Leave A Comment