කෑම අරුචිය | සුව අරණ 2016-11-25T12:12:01+00:00

Project Description

කෑම අරුචිය | සුව අරණ

කෑම අරුචියද?

හුගක් වෙලාවට මේ වගේ තත්වයක් ඇති වෙන්නේ, ශරීරයේ අපි ගන්න ආහාර වර්ග වල සීනි සාන්ද්‍රණය වැඩියි. එහෙම වුණාම අපේ දිව ඒකේ රස එච්චර ගනන් ගන්නේ නෑ. එහෙම වුණාම අපේ දිව ඒකේ රස එච්චර ගණන් ගන්නෙ නෑ. ඉතින් එහෙම වුණාම  අපි ගන්න ආහාර, නැවත වාරයක් අමාශයෙන් පිටතට එනවා. දැන් එතකොට මොකද වෙන්නේ, අපේ අග්න්‍යාශයට අග්න්‍යාශ යුෂ මදි. ඒක නිසා ආහාර ජීර්ණ පද්ධතියෙ දි නියම විදියට මේ ආහාර සංඝටක අවශ්‍ය විදියට අඔරලා ගන්නේ නෑ. දැන් රසායනය මදි නිසා, ශරීරයට උරාගන්න සීනි ප්‍රමාණයත් වැඩි නම් හුගක් වෙලාවට මේ වගේ දේවල් ඇති වෙනවා. එතකොට ඇඟපත නෑ. හදවත ක්‍රියාත්මක වීම එන්න එන්නම දුර්වල වෙනවා. මොළය ක්‍රියාත්මක වීමත් දුර්වල වෙන්න පුළුවන්. ශරීරයේ අප්‍රණිකභාවය ඇති වෙලා ජීවිතක්ෂයට පවා පත් වීමේ හැකියව තියෙනවා.

දැන් මේකත් එක්ක මේ තත්වය එනවා නම්, අපි කොහොමද කෑම ගන්නේ? කෑම රුචිය වැඩෙන විදියට ගන්න ඕන. එහෙම නම් මතක තියා ගන්න විශේෂයෙන් ම කොළ වර්ග නිතර අපි ආහාරයට ගන්න ඕන. කොළ පලා වර්ග ආහාරයට ගන්න ඕනේ නිතරම. කැකිරි, පිපිඥ්ඥා, වැටකොළු, පතෝල වගේ දේවල් ආහාරයට ගන්නට ඕනේ. ඒ එක්කම හොදින් මතක තියාගන්න, උණු වතුර බොන්නට ඕනේ. විශේෂයෙන්ම සීනී වැඩි දේවල්, පාන් පිටි මිශ්‍ර දේවල්, සමහර ආහාර වර්ග අපිට සුදුසු නැත්නම් ගන්න එපා. ඒ වාගේම මතක තියා ගන්න,  බත් ගන්නවා නම් බත් ටිකක් තමයි ගන්නට ඕනේ. වැඩි ප්‍රමාණයක් තියෙන්නට ඕන කොළ පලා වර්ග. ඇඟ ශක්තිමත් වෙන දේවල් ගන්නට ඕනේ. මතක තියා ගන්න ඕන පලා වර්ග වැඩියෙන්  ඕන. බත් අඩුවෙන් ගන්න ඕන. ඒකේ අනිත් පැත්ත තමයි අපි කරන්නේ. අපේ අය කරන්නේ පුළුවන් තරම් බත් ගිලල ගිලල ඉන්න එක. දැන් ගොඩක් අය කියන එකක් නේ බත් කෑවේ නැත්නම් රූට නින්ද යන්නෙ නෑ කියනවා.

අපි එළවළු ගන්නවට වඩා අපි පුරුදු වෙලා ඉන්නේ බත් වලින් යැපෙන්න. නමුත් එකෙන අපිට සමතුලිතතාවය අති වෙන්නේ නෑ. ඒ එක්කම කරන්න පුළුවන් මේ බේත හදලා පාවිච්චි කරන්න. ආහාර රුචිය වඩවාවී. සූදුරු මේස හැදි 1 යි, කොත්තමල්ලි මේස හැදි 1 යි. ගම්මිරිස් තේ හැදි 1 යි මේ ඔක්කොම එකට අඹරලා වතුර ටිකක් දාලා, ලිපේ තියලා කකාරලා හොදට බොන්න. මේක වතුර කෝප්ප දෙකක් විතර දාලා, කෝප්ප 1 ½ ට විතර හදාගෙන බොන්න. එතකොට  ආහාර රුචිය වඩවාවී.

කෑම අරුචිය

සුව අරණ මුල් පිටුවට

images: Google

One Comment

  1. සුසිත් දිසානායක March 26, 2016 at 6:58 pm - Reply

    නමෝ බුද්ධාය!
    පින්වත් මහතාණනි,
    වයස අවරුදු 60 ක් වන මගේ සියළුම හන්දී වලින් මාස කීපයක සිට ඇට එකට වදින ශබ්දයක් මෙන් ශබ්දයක් පිටවෙය්. උරහිස, වැලමිට, මැණික් කටුව, දනිස් හා උකුල් ඇටවලින් මෙසේ වෙය්. ව්‍යායාමයක් ලෙස ඇවිදීම කලද, මේ තත්වය නිසා එයද අඩුකලෙමි.හන්දි ගෙවී යනවාදෝ සැකය්. මා තරුණ කාලයේ අත පය වෙහෙසා වැඩ නොකළ කෙනෙක්මි. පාසල් කාලයේද ක්‍රීඩා කලේ ඉතාමත් අඩුවෙනි. ඔබ තුමාගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි.
    තෙරුවන් සරණය්.

Leave A Comment