කසාවත ගත දැවටි ඇති මට | ගී රස විනිස | shraddha radio 2016-11-25T12:11:26+00:00

Project Description

kasavatha gatha dhavatii athi mata | ගී රස විනිස |shraddha radio

kasavatha gatha dhavatii athi mata
ගී රස විනිසේ අද අපේ අවධානය යොමුවන්නේ පූජ්‍යපාද කැටවල  බුද්ධසිරි ස්වාමීන් වහන්සේ  විසින් රචනා කරන ලද අශෝක කෝවිලගේ සංගීතවත් කරන ලද ටී. එම් . ජයරත්න නැමති ප්‍රවීන ගායකයා විසින් ගායනා කරන ලද අපි අතරේ ජනප්‍රිය
කසාවත ගත දැවටි ඇතිමට කියල කියන ගීතය පිළිඹදවයි . මේ ගිතය එක්තරා විදිහක මව්ගුණ ගීතයක් හැටියට හඳුන්වන්න පුලුවන් .මව්ගුණ ගීත සාහිත්‍ය අධ්‍යනය කරල බලන විට විවිධ විදිහට තමන්ගේ අම්මගේ ගුණ වර්ණණා කරල ලියපු ගීත අපට අසන්නට ලැබෙනවා.දකින්නට ලැබෙනවා. ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී ඒ ජීවිතයට කිරි දී පණ දී මා දැඩි කල අම්මා…..ඔබේ මතකයේ තිබෙනව නම් තරමක් පැරණි ඒ ගීතයත් මව් ගුණ ගීයක්.මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා… ඒ තව මව් ගුණ ගීයක්. අපේ සිංහල ගීත ක්ෂේත්‍රය තුල මව් ගුණ ගීත සංඛ්‍යාත්මක වශයෙන් වැඩියි. අම්මා ගැන ගුණ ලියපු රචකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා.නමුත් ඒ සියලුම මව් ගුණ ගීත වලට වඩා වෙනස් විදිහකින් තමයි මේ ගීත රචකයා මව් ගුණ ගැන කියන්නේ .ගීතයේ ම කියවෙන හැටියට මේ ගීතයේ ඉන්න කථකයා ස්වාමීන් වහන්සේ නමක් . ගමේ දක්ෂ විදිහට ධර්ම දේශනා කරණ මේ ස්වාමීන් වහන්සේ අම්මලාගේ ගුණ කොච්චර කිව්වද කියලා කියන්න බැරි තරම්. සමාජයට අම්මගේ ගුණ කියල දෙනවා.මාතෘ ගුණ මෙනෙහි කරනවා. දක්ෂ ධර්ම කථික ස්වාමීන් වහන්සේ නමක් හැටියට මේ ස්වාමීන් වහන්සේ බණ කියනවා. එහෙම ධර්ම දේශනා කළත් මව් ගුණ ඒ තරම් කිව්වත් ඒ ධර්ම දේශනාව නවතින තැනක් එනවා. කියා ගන්න බණ පදයක් ඔලුවට එන්න‍ෙ නැති අවස්ථාවක් තියෙනව. ඒ අවස්ථාව තමයි තමන් වහන්සේගේ ම අම්මා මරණයට පත්වෙලා ඒ මරණයට පත්වුනු අවස්ථාවේ තමන්ගෙ අම්මගේ ගුණ කියන්න තමන්ගෙ අතට තල් අත්ත, වටාපත ආපු වෙලාව.

කසාවත ගත දැවටි ඇති මට

නුඹේ මළ ගමදී

වටා පතගෙන නුඹේ ගුණ කඳ

කියනු බැහැ අම්මේ//

සියක් මවු ගුණ කියා ඇතිමුත්

සෙනෙහේ සිතුවිල්ලෙන්

බිදක් නුඹේ ගුණ කියනු කොහොමද

නෙතග කදුළැල්ලෙන්…//

කසාවත ගත……..

පෙරුම් පිරුවත් සසර කතරෙහි

යළිත් හමුවේ නම්

නිවන් දක්නට එක්ව පැතුමක්

පතන්නම් සෙනෙහෙන්…//

කසාවත ගත……..

kasavatha gatha dhavatii athi mata


ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය, පූජ්‍ය පාතේගම ඤාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් ශ්‍රද්ධා ගුවන්විදුලියේ විකාශය වූ ගී රස විනිස වැඩසටහනට ඉදිරිපත් කරන ලද ගී පද විවරණය

SoundCloud

Leave A Comment