ස්ත්‍රියකගේ මෙලොව පරලොව දියුණුවට | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 03 2017-08-10T14:52:16+00:00

Project Description

ස්ත්‍රියකගේ මෙලොව පරලොව දියුණුවට | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 03

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අද අපි සාකච්ඡා කරන සූත්‍ර දේශණාව අන්තර්ගත වන්නේ අංගුත්තර නිකාය පස්වෙනි පොත් වහන්සේට. සූත්‍ර දේශණාවේ නම තමයි පඨම ලෝකවිජය සූත්‍රය. ලොව ජය ගැනීම ගැන වදාළ දෙසුම. මේ කාළේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ පූර්වාරාමය නම් මිගාර මාතු ප්‍රාසාදයෙහි. විශාඛා උපාසිකාව භාග්‍යවතුන් වහන්සේ මුණගැහෙන්න පැමිණිලා වන්දනා කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ මිගාර මාතාවට මෙන්න මේ විදියට වදාළා. විශාඛාවෙනි කාරණා හතරක් තියෙනවා නම් ස්ත්‍රියකට ඒ ස්ත්‍රිය මෙලොව දිනන්නී වෙයි. මෙලොව සතුටු කරන්නී වෙයි. ඒ කවර කාරණාද කියලා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා. පළමු වැනි එක මොකක්ද. මෙහිලා ස්ත්‍රිය මැනවින් සකස් කොට කටයුතු කරන්නී වෙයි. සිය පිරිවර ජනයා හට සංග්‍රහ කරන ලද්දී වෙයි. සැමියා හට මනාප ලෙස හිසිරෙන්නී වෙයි. සැමියා ඉපයූ දෙය රකින්නී වෙයි.

මැනවින් සකස් කොට කටයුතු කරනවලු. ඊලග එක තමන්ගේ නෑදැයින්ට සංග්‍රහ කරනවලු. ඊලගට සැමියා මනාප කොයි විදියකටද ඒ විදියට හැසිරෙනවා කියනවා. මේ තමයි මෙලොව දිණන ස්ත්‍රියකගේ ගතිගුණ හතර. මේ කාරණා පොඩ්ඩක් වෙනස් කරලා අපිට ගැලපෙන විදියට වෙනස් කරගන්න පුලුවන්ද? එහෙම කරන්න බෑ. අපිට ඕන ඕන විදියට බුද්ධ දේශණාව වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා කොහොමද ස්ත්‍රියක් මැනවින් සකස් කොට කටුයුතු කරන්නේ කොහොමද කියලා. විශාඛාවෙනි, මෙහිලා ස්ත්‍රිය කිසියම් කටුයුත්තක් තියෙනවද? ඒ හැම කටයුත්තකටම දක්ෂ වෙනවා කියනවා. හොදට හොයලා බලලා කරනවා. හොදට තීරණ ගන්න දන්නවා කියනවා. අලස නෑ කියනවා.

විශාඛාවෙනි, මේ සතර කරුණෙන් සමන්විත වූ ස්ත්‍රිය පරලොව දිනීම පිණිස පිළිපන්නී වෙයි, ඇය විසින් පරලොව සතුටු කරන්නී වෙයි.

(ගාථා)

  1. ස්ත්‍රිය මැනවින් සංවිධානය කොට කටයුත් කරන්නී, සිය පිරිවර ජනයාට ද මැනවින් සලකන ලද්දී, ස්වාමීයා සතුටු වන අයුරින් හැසිරෙයි. සැමියා සපයන ධනය රකියි.
  2. ශ්‍රද්ධාවෙන් ද, සීලයෙන් ද, ඉල්ලා සිටින්නවුන්ගේ වචන දන්නී වෙයි ද, මසුරු මල බැහැර කළ සිතින් වසයි ද, පරලොව සැප ලැබෙන මාර්ගය නිතර පිරිසිදු කරයි ද,
  3. මේ අෂ්ට කර්මය යම් ස්ත්‍රියක් තුළ තිබෙයි නම්, ධර්මයෙහි පිහිටි ඇය සිල්වතියකි. සත්‍යය පවසන්නියකි.
  4. ස්ත්‍රිය තමා ත් මේ අංග අට සමාදන් වෙයි. අන්‍යයන් ද සමාදන් කරවන්නී වෙයි. එවිට අංග දහසයකි. මෙබඳු වූ සිල්වත් උපාසිකාව මනාපකායික දෙව්ලොව පැමිණෙන්නී ය.

(පඨම ලෝකවිජය සූත්‍රය – අංගුත්තර නිකාය 05)

වස්සාන ධර්ම දේශනා මුල් පිටුවට

ස්ත්‍රියකගේ මෙලොව පරලොව දියුණුවට | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 03

Youtube link

Leave A Comment