ටිකක් තියෙද්දි දෙන දානය | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 08 2017-08-30T13:56:31+00:00

Project Description

ටිකක් තියෙද්දි දෙන දානය | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 08

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අද දවසේ අපි කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ හරි ලස්සන දේශණාවක්. මේ දේශණාව තියෙන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ. බුදුරජාණන් වහන්සේව මුණගැහෙන්න දෙවිවරු ආවට පස්සේ අන්න ඒ දෙවිවරු මොකද කරන්නේ? ඒ දෙවිවරු බුදුරජාණන් වහන්සේගෙන් නොයෙක් ප්‍රශ්ණ අහනවා. අන්න ඒ ධර්ම සාකච්ඡාව තමයි අපිට මේ දේවතා සංයුත්තයේ අසන්නට ලැබෙන්නේ. දේශණාවේ නම තමයි මච්ඡරී සූත්‍රය. මසුරු බව මුල්කොට වදාළ දෙසුම. පින්වත්නි බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න එනවා සතුල්ලපකායික කියලා දෙවිවරු. මේ සතුල්ලපකායික දෙවිවරු දිව්‍ය ලෝකේ යන්න කලින් හිටියේ මිනිස් ලෝකේ. මේ දෙවිවරු හත්සිය දෙනාම නැවක ගිය වෙළෙන්දො. ඒ නැවට නැග්ගා උපාසක මහත්තයෙක්. මෙන්න මේ උපාසකයා නැවට නැගලා ගමන් ඇරඹුවා.

ගමන් ඇරඹුවාම නැවේ ඉන්නවා හත්සිය එකක්. හත්සිය එකම යනකොට දවස් ගානක් නැව මහා කුණාටුවකට හසුවුනා. අහුවෙලා මේ නැව වතුරු ගිලෙන්න ඔන්න මෙන්න. ඒ වෙලාවේ ඒ නැවේ හිටපු හත්සිය දෙනාම අත් උස්සලා දෙවියන් යැද්දා. අනේ ! දෙවියනේ අපිව බේරගන්න කියලා. තම තමන් දන්න විදියට මේ අය දෙවියන්ව යැද්දා. මේ අස්සේ අර උපාසක මහත්තයා යාඥා කරන්න ගියේ නෑ, එයා නැවේ හොදට එරමෙණියා ගොතා ගත්තා. හොදට ඇස් දෙක පියාගෙණ භාවණා යෝගීව ඉදියා. දැන් අර යදින මිනිස්සු බැලුවා, මේ මනුස්සයා යදින්නේ නෑ. ඔහේට දෙවි කෙනෙක් නැද්ද කියලා ඇහුවා. එතකොට අර උපාසක මහත්තයා කියනවා මට යදින්න ඕනේ නෑ, මම භය වෙන්නේ නෑ මේවට. මම මරණය ඉස්සරහ භය නැති කෙනෙක්. මම භය දුරු කරපු කෙනෙක් කිව්වා.

එතකොට ඇහුවා, ඇයි ඔයා බය වෙන්නේ නැත්තේ? මොකක්ද ඔයා භය නොවී ඉන්න පුරුදු කරන්නේ? අපටත් කියලා දෙන්න කිව්වා භය නැති වෙන හැටි. අපෝ පුලුවන් කිව්වා. එහෙම නම් කණ්ඩායම් හැදෙන්න කිව්වා සීය සීය. කණ්ඩායම් හැදුනට පස්සේ පළමුවැනි සීය ගත්තා ඉස්සරහට කණ්ඩායමේ මුල් අයව තෙරුවණ් සරණ දුන්නා. සිල් පද පහක සමාදන් කෙරෙව්වා. කරවලා දිවි හිමියෙන් තිසරණයයි සීලයයි රකිනවා කියලා පොරොන්දු වෙන්න කිව්වා. පොරොන්දු වුනා ඒ අය. අනවශෂ්‍ය ප්‍රශ්ණ තිබ්බේ නෑ ඒ අයට අපට වගේ. ඊට පස්සේ පළමු වැනි සියදෙනා සිල් පද සමාදන් වෙද්දි කකුලේ වළලුකර දක්වා නැවට වතුරු පිරිලා තිබ්බේ..

වස්සාන ධර්ම දේශනා මුල් පිටුවට

ටිකක් තියෙද්දි දෙන දානය | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 08

Youtube link

Leave A Comment