මහා වීරයාණෝ | වෙසක් මංගල්‍යය මහමෙව්නාව කුණ්ඩසාලේ | Shraddha TV 2017-06-27T15:11:20+00:00

Project Description

මහා වීරයාණෝ | වෙසක් මංගල්‍යය මහමෙව්නාව කුණ්ඩසාලේ | Shraddha TV

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

පසු ගිය අප්‍රේල් මාසයේ 14 වෙනිදා අපි සැමරුවේ කීවෙනි අවුරුද්දද? අපි ඒක දන්නේ නෑ. එහෙනම් අපි සැමරුවේ අපි නොදන්නා කීවෙනි අවුරුද්ද කියලා දන්නේ නැති එකක්. වෙසක් මාසයේ එන අවුරද්ද අපි දන්නවා. මොකක්ද මේ අවුරුද්ද? ශ්‍රී බුද්ධ වර්ෂ 2561. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා අවුරුදු දෙදහස් පන්සිය හැට එකක් වෙනවා. වෙසක් කියන එකේ අදහස මොකක්ද? කවුරුහරි කියනවා නම් වේශයක් කියලා ඒක වැරදි අදහසක්. ඒක විකෘතියක්. අන්න ඒ විකෘතිය හදන්න කවුරුත් නෑ. ඊලග එක තමයි වෙනසක් කියන අර්ථය. ඒකත් වැරදියි. වෙසක් කියන්නේ ඒ පෝයේ නම. පෝයේ නම පාළියෙන් කියන්නේ වේසාඛ කියලා. ඒක සංස්කෘත භාෂාවෙන් කියනවා වෛශාඛ කියලා. සිංහලෙන් කියනවා වෙසක්  එච්චරයි. මේ පෝය දවසේ තමයි අපේ විමුක්තිය උදාකරදෙන අපිට හැබෑම අර්ථය කියා දීපු, අපිව එක එක මිසදිටුවල ග්‍රහණයෙන් මුදවන්න නිරවුල් පාර කියා දීපු, සතර අපායෙන් මිදෙන්න මගක් තියෙනවා, මේ සතර අපායේ වැටි වැටී යන්නේ කියලා පැහැදිලිව පෙන්වා දීපු මේ භව ගමනින් එතෙර වන්න පුලුවනි කියලා පෙන්වා දීපූ ඊලගට දිව්‍ය ලෝක මෙහෙම මෙහෙම තියෙනවා කියලා පෙන්වා දීපු පිරිනිවන්පානකම්ම රැකවරනය දීපු අපේ ශාස්තෘන් වහන්සේගේ උපන්දිනේ. ඒ වෙසක් පුන් පොහෝ දවස. මහා වීරයාණෝ

උන්වහන්සේ සංසාරේ ගතකරපු කාලෙට වැඩියෙන් අපි දැන් ගෙවලා. උන්වහන්සේ පිරිනිවන්පාලා අවුරුදු දෙදහස් පන්සිය හැට එකක් දැන් වෙලා. සංසාරේ ගත කලා කියලා අපි දියුනු වෙලා නැහැ නොවැ. සංසාරේ හිටිය පමණින් අපි පරිනාමයකට පත්වෙලා නැහැ. අපේ ශාස්තෘණ් වහන්සේට පුලුවන් වුනා ඒ ඉපදුන ඉපදුන සෑම අවස්ථාවකම ටිකෙන් ටික තමන්ගේ පාරමී බලයෙන් මුහුකුරවා ගන්න. අපි එහෙම එකක් දන්නෙවත් නෑ. අපි මේ සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතේ උපන්නා. කවුරුත් වගේම අපි පාසැල් ගියා. කල වයසේදී පෙම් බැන්ඳා. රස්සාවල් හොයාගත්තා. ඉඩකඩම් ගත්තා. ගෙවල් දොරවල් හැදුවා. ඉරිසියා, ක්‍රෝධ, කුඩු කේඩුකම් මේවාගේ කාල් ගෑවි ගෑවි නේද ඉන්නේ. මේ සංසාරේ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ඒකට කිව්වා තද කළුවර කියලා. මේ ලයිට් වලින් එළිය කරන්නේ අපේ ඇස් දෙකෙන් පේන සීමාව විතරයි. හිත සම්පූර්ණයෙන්ම අන්ධකාරයි. කරුවලේ මේ ලෝකේ පියාඹා යන සත්තු ඉන්නවා. දවල් කාලේ පියාඹපු සත්තු හැන්දෑ වෙද්දි ලගින්න තැනක් හොයාගෙන යනවා.

පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ ධර්ම දේශණා

මහා වීරයාණෝ | වෙසක් මංගල්‍යය මහමෙව්නාව කුණ්ඩසාලේ | Shraddha TV

Leave A Comment