මහාලී සූත්‍රය | පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 2017-09-29T16:03:28+00:00

Project Description

මහාලී සූත්‍රය | පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

මෙම දේශනය අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ විසාලා මහනුවර කූටාගාර ශාලාවේදී මහාලි ලිච්ඡවී රාජ කුමාරයාටයි. මෙම දේශනාව තුළ භාග්‍යවතුන් වහන්සේ හේතු ප්‍රත්‍යය සහිතව ම සත්වයා කෙලෙසී යන ආකාරයත් පිරිසිදු වී යන ආකාරයත් පෙන්වා දෙයි.මහාලී සූත්‍රය |

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළා. අපි මේ සංසාර ගමන අද ඊයේ හටගත්තු එක්ක නොවේය කියලා. මේකේ පටන් ගත්තු තැනක් ලෝකේ කිසි කෙනෙකුට හොයන්න බෑ කිව්වා. මේ පටන් ගත්ත හොයන්ට බැරි මේක හේතු නිසා ප්‍රධාන හේතු දෙකක් මේකට මුල් වුනා. අවිද්‍යාවෙන් මේ සත්වයා වැහිලා ගියා. දෙවැන්න තෘෂ්ණාවෙන් බැඳී ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා මහා සාගරය වියැලී නැති වී යන දවසක් එනවා. ඒ ආකාරයෙන් මේ සත්වයා නිවනට යන්නේ නෑ කිව්වා. සත්වයාගේ ගමනේ මහා සාගරයේ සිඳි යන දවසක් තිබේ කිව්වා. අපි කියමු තව අවුරුදු කෝටියක් යයි කියලා. නමුත් අවුරුදු කෝට්යකින් වත් අපි එක එක්කෙනාගේ ගමනේ අවසානයක් නෑ කිව්වා. ඊලගට උන් වහන්සේ වදාළා මහා පෘථිවිය සුන්නද්දූලී වෙලා යයි කිව්වා දවසක, ඒත් මේ සංසාර ගමන නම් එහෙම නැතිවෙන්නේ නෑ කිව්වා. දන් වැලකින් ගැටගහපු සතෙක් කණුව වටේ කැරකැවෙනවා වගේ පංච උපාදානස්කන්ධ නැමති දුකේම බැසගෙන ඉන්නවා කිව්වා. ඇයි බුදුරජාණන් වහන්සේ දේශණා කළා කෙටියෙන් කියනවා නම් මේ පංච උපාදනස්කන්ධය මයි දුක කිව්වා. ඉතින් ඒකට උපකාරී වන දේශණාවක් අපි දැන් අහන්නේ. සූත්‍ර දේශණාව තමයි මහාලී සූත්‍රය.

විශාලා මහනුවර මහාවනයේ කූටාගාර ශාලාව ඒ කිව්වේ උස් මුදුන් වහල් ඇති විහාරයක් හදලා තිබුණා. බුදුරජාණන් වහන්සේ එහි වැඩ සිටියේ. එදා ලිච්ඡවී රජෙක් හිටියා මහාලී කියලා. මහාලී කියන ලිච්ඡවී රජ දරුවෝ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගිහිල්ලා උන් වහන්සෙට වන්දනා මාන කරලා මෙහම කිව්වා. ස්වාමීණී, පූර්ණ කස්සප මෙහෙම කියනවා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඔය කියන ප්‍රදේශයේ රජගහ නුවර, විශාලා මහනුවර සැවැත්නුවර ඔය ප්‍රදේශයේ ශාස්තෘණ් වහන්සේලා හැටියට පෙනී හිටපු මිනිස්සු හිටියා. එතකොට මේ පූර්ණ කස්සප කියන කෙනා එයත් අවබෝධ වෙච්ච කෙනෙක් වගේ තමයි මිනිස්සුන්ට එයාගේ දේ කියාගෙන ගියේ. පූර්ණ කස්සප තමයි කිව්වේ මේ වීර්යක් උත්සාහයක් කියලා එක්ක ගන්න එපා කිව්වා. නිකන් හිටහන් කිව්වා. දැන් බලන්න තර්ක කර කර ඒක කියන කොට ඒක අහන්නත් මිනිස්සු හිටියා. ඊටපස්සේ කිව්වා කන්දක් උඩට නූල් පන්දුවක් අරගෙන ගියාම. ඒ නූල් පන්දුවේ කොන අරගෙන නූල් පන්දුව විසි කරනවා. එතකොට ඒ නූල් බෝලේ යන්නේ ඒ නූලේ දිගේ ප්‍රමාණයට විතරයි. ඒ වගේ උබලා කළබල නොවී හිටින් කිව්වා.

මහාලී සූත්‍රය | පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

One Comment

  1. Saumya K Katugampala October 11, 2017 at 4:58 pm - Reply

    good

Leave A Comment