මරණානුස්සති භාවනාව | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා මාල‍බේ 07 2017-09-18T16:51:16+00:00

Project Description

මරණානුස්සති භාවනාව | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා මාල‍බේ 07

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අද අපි ඉගෙන ගන්නේ මරණානුස්සති භාවනාව පිළිබදව. මේ ජීවිතයේ ඉදිරි දවසක කුමන හෝ වේලාවක අප සියළු දෙනාට මූණ දෙන්න වෙනවා මරණයට. කවුරුවත් නොහිතූ ආකාරයෙන් අපි අනාගතයේ මිය යනවා. මොකද හේතුව, බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අහසේ හිටියත්, සමුද්‍රයේ මැද සිටියත්, පර්වත ගුහාවක හිටියත් මේ ලෝකේ කොහේ හිටියත් මරණයෙන් ගැලවෙන්නට හැකියාවක් නෑ සත්වයාට. මොකද උපදින කොටමයි මේ මරණයත් අපට ලැබුනේ. එහෙනම් ඒ ඉරනමට අපි කැමති වුනත් නැතත් මුහුණ දෙන්නට අපට සිදුවෙනවා. ඒක දුකක්. භයානක ඉරනම් ස්වභාවයක්. අපි ඒකට අකමැතියි. ඒ කෙසේ වෙතත් අපිට මරණයට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ මුහුණ දෙන්න වෙන්නේ, ඉපදීම නැමති හේතුව නිසා ඇතිවුන ඵලයක් තමයි මේ මරණය කියලා කියන්නේ.

උන්වහන්සේ ඒකපුද්ගල සූත්‍රයේ දේශණා කරනවා මහණෙනි, එක පුද්ගලයෙක් කල්පයක් පුරාවට මේ සසරේ සැරි සරා යද්දි මහණෙනි. ඔහු මැරෙද්දි ඔහුගේ ඇට සැකිලි රැස වේපුල්ල පර්වතය වගේ විශාල කන්දක් විතර වෙනවා කියනවා. කල්පයක් පුරාවට මේ කියන්නේ දිව්‍ය ලෝකේ ඉපදෙන ස්වභාවයක් නැතුව. ඇයි ඒ ! දිව්‍ය ලෝකේ තියෙන්නේ චුත වීමක් පමණක් නිසා. නිරයේ උපත් ඇතුලත් වෙන්නේ නැතිව. බ්‍රහ්ම ලෝකේ උපත් ඇතුලත් නැතිව. ප්‍රේත ලෝකයේ උපත් ඇතුලත් නොවී. තෙත් පරිසරයේ උපත් ඇතුලත් නොවී. තිරිසන් ලෝකයේ අපි ගත්තොත් පනුවන්, මී මැස්සේ වගේ සත්වයන් ඇතුලත් නොවී. අන්න ඒ උපත් නැතිව මනුස්ස ලෝකයේ ඉපදුන වාර ගණනත් තිරිසන් ආත්ම භවයන් වලදි ලැබුනු ඇටසැකිළි රාශිය වේපුල්ල පර්වතයටත් වඩා විශාල වෙන්න පුලුවන්. එච්චරටම අපි මේ මරණයට මුහුණ දීලා  තියෙනවා.

අනන්ත වාර ගණන් අපිට මැරෙන්න සිද්ධ වෙලා තියෙනවා. දුක්ඛිත ඉරනමකින් තමන් මැරෙන්නේ. බුදුරජාණාන් වහන්සේ දේශණා කරනවා මහණෙනි, ඔබලා මනුස්ස ලෝකෙට පැමිණෙද්දි ඔබලාගේ හිස ගසා දමද්දි ගලා ගිය රුධිරය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩියි. එහෙනම් සතර මහා සාගරයේ ජලයට වඩා රුධිරය ගලන්න බෙලි කපලා තියෙනවා. බෙලි කපද්දි අපි කොච්චර වේදනා විඳලා මැරෙන්න ඇතිද. ඉදිරියටත් මේක වෙන්න පුලුවන්. මේ ඉරනමට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න එතකොටයි අපට මේ ධර්මය ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ නිසා බුදු කෙනෙක් දේශණා කරපු ධර්මය අකාලික ධර්මයක්. අපේ ප්‍රඥාවට ගෝචර නොවුනට  එදා දේශණා කරපු ස්වභාවයමයි අදත් තියෙන්නේ. ඒ දුක්ඛිත ඉරනමට මිනිස්සු අදත් මුහුණ දෙනවා.

වස්සාන ධර්ම දේශනා මුල් පිටුවට

මරණානුස්සති භාවනාව | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා මාල‍බේ 07

Youtube link

Leave A Comment