මරණින් මතු? | Sitha Sanasana Ama Daham 20 2017-04-24T15:22:24+00:00

Project Description

මරණින් මතු? | Sitha Sanasana Ama Daham 20

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අද දවසේත් අපි අංගුත්තර නිකාය හතර පොත් වහන්සේගේ තියෙන සූත්‍ර දේශණාවක් තමයි ඉගෙන ගන්නේ. එතකොට අපි ඉස්සෙල්ල වතාවේ ඉගෙන ගත්තා සාරාණීය වර්ගයේ සූත්‍ර දේශණා. අද අපි ඉගෙන ගන්න සූත්‍ර දේශණාව තමයි නකුලපිතු සූත්‍රය. නකුලපිතු ගැන අපි අහලා තියෙනවා. නකුලපිතු කියන්නේ වයසට ගිය කෙනෙක්. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේ ලගට ගිහිල්ලා කියා සිටියා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මම දැන් ගොඩක් වයසට ගිහිල්ලා ඉන්නෙ බුදුරජාණන් වහන්සේව දකින්න හම්බ වෙන්නෙත් නෑ, සංඝයාව දකින්න හම්බ වෙන්නෙත් නෑ මට හරි කණගාටුයි කිව්වා මම අසනීප වෙලා ඉන්න නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන උපදේශයක් දුන්නා කය ලෙඩවුනාට සිත නම් ලෙඩ කරගන්න එපා කිව්වා.

නකුලපිතු ගෘහපතියා අසනීප වුනාට පස්සේ නකුලමාතා ගෘහපතිනිය තමයි උපදෙස් දෙන්නේ. මේ දේශණාව ගොඩාක් වැදගත් වෙනවා. නකුලමාතා ගෘහපතිනිය කියනවා අප ගැන අපේක්ෂාවෙන් මැරෙන්නට එපා කියනවා. මේ කාළේ මිනිස්සු ගොඩාක් දේවල් අපේක්ෂාවෙන් මැරෙනවා. ඊට පස්සේ මැරුණට පස්සේ එවා කෙරෙහි අපේක්ෂාවෙන් මැරිලා ප්‍රේත ලෝක වල ඉපදෙනවා. ඉතින් අපේක්සාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ ගරහන ලද්දේය. නකුලමාතා නකුලපිතු ගෘහපතියට කියනවා ඔබට හිතෙන්න පුලුවන් ඔබ මැරුණාම මේ ගෙදර වැඩ ටික කරගන්න බැරිවෙයි කියලා. එහෙම හිතුනොත් එහෙම හිතන්න එපා කිව්වා. මට කපු කටින්න පුලුවන් කිව්වා. ගෘහපතියාගේ ඇවෑමෙන් දරුවන් පෝෂණය කරන්න මට ශක්තිය තියෙනවා කිව්වා. ඒ නිසා ඔබ ඒ ගැන කිසි අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් තියාගන්න එපා කියලා පළවෙනි උපදේශය දුන්නා.

ඊට පස්සේ දෙවනි උපදේශය ලබා දෙනවා ඔබට මෙහෙම හිතෙන්නත් පුලුවන් කිව්වා. ඔබ මැරුණොත් එහෙම මම වෙන ස්වාමියෙක් එක්ක යයි කියලා හිතන්නත් එපා කිව්වා. මේ දෙදෙනා අවුරුදු දහසයක් ගිහි ජීවිතය ගත කරන කොට බ්‍රහ්මචාරීව තමයි ජීවිතය ගත කරලා තියෙන්නේ.එය ඔබද දන්නේය මමද  දන්නේය කිව්වා ඉතිරි කාලයත් මම බ්‍රහ්මචාරීව වාසය කරනවා කිව්වා. ඒ නිසා ගෘහපතිය අපේක්ෂාවෙන් යුතුව මැරෙන්න එපා කිව්වා. නකුලමාතාව වෙන පුරුෂයෙක් එක්ක යයි කියලා අපේක්ෂාවක් තියාගන්න එපා කිව්වා. එතකොට මේ නකුලමාතා කියන්නේ වීරියවන්ත චරිතයක්. ඊලග කාරණය තමයි මාගේ ඇවෑමෙන් පසුව මට බුදුරජාණන් වහන්සේව දකින්නත් සංඝයා දකින්නත් කැමැත්තක් ඇති නොවේ යැයි ඔබට සිතෙන්න පුලුවන්.

මරණින් මතු? | Sitha Sanasana Ama Daham 20

සිත සනසන අමා දහම් මුල් පිටුවට

Leave A Comment