මිහිඳු මහරහතන් වහන්සේ | Wassana Dharma sakachcha 11 2017-04-18T10:15:44+00:00

Project Description

මිහිඳු මහරහතන් වහන්සේ | Wassana Dharma sakachcha 11

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

මිහිඳු මහරහතන් වහන්සේ ගැන හදුන්වා දීමේදී අපි නිරායාසයෙන්ම භාවිතා කරන වචනයක් තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා. ඒ අනුබුඳු කියන විශේෂ නාමය මිහිඳු මහරහතන් වහන්සේට අපි යොදන්නේ භාග්‍යවතුන් වහ්නේසේගේ සම්බුද්ධ සංදේශය මේ ලංකා ධරනිතලයට දායාද කරලා මේ සියලුම ශාසනික අභිවාද්ධියට අඩිතාලම දැම්මේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මිහිදු මහරහතන් වහන්සේගේ උතුම් පැවිදිබව ගැන අපි කතා කළොත් ඒ උතුම් පැවිදි බව වුනත් බොහෝම අසිරිමත් දෙයක්. අපි දන්නවා ධර්මාශෝක රජතුමා ධර්මාශෝක බවට පත්වුනේ චණ්ඩාශෝක කියන නම වෙනස් වෙලා. ඒ විශාල මිනිස් සංහාරයන් සිද්ධ කරලා ශෝකයෙන් පසුතැවීමෙන් ඉන්න මොහොතේ තමයි නිග්‍රෝධ මහරහතන් වහන්සේ දැකලා තෙරුවණ් කෙරෙහි සිත පහදවාගෙන ධර්මය ශ්‍රවණය කරලා ධර්මාශෝක රජතුමා බවට පත්වන්නේ.

ඊට පස්සේ ධර්මාශෝක රජතුමාට ඉතාම සුවිශේෂි මහරහතන් වහන්සේ නමකගේ ඇසුර ලැබෙනවා. ඒ තමයි ඒ වෙනකොට පෘතුවි තලේ වැඩහිටපු මොග්ගලිපූතිස්ස මහරහතන් වහන්සේ. එතකොට ඒ මොග්ගලීපුතිස්ස මහරහතන් වහන්සේගේ ඇසුරත් එක්ක ධර්මාශෝක රජ්ජුරුවෝ තව තවත් හිත පහදවාගන්නවා. එක්තරා අවස්ථාවක ධර්මාශෝක රජතුමා මොග්ගලීපුතිස්ස මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීණි මොග්ගලීපූතිස්ස මහරහතන් වහන්ස අපගේ භාග්‍යවතුන් වහන්සේ ධර්මස්කන්ධ කොච්චර දේශණා කරලා තියෙනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ මොග්ගලීපුතිස්ස මහරහතන් වහන්සේ දේශණා කරනවා ධර්මස්කන්ධ වශයෙන් ගත්තොත් අසූහාරදහසක ධර්මස්කන්ධයක් දේශණා කරලා තියෙනවා කියලා. ධර්මාශෝක රජතුමාට ඒ වෙලාවට එන පැහැදීමට ප්‍රකාශ කරනවා එහෙම නම් මම ඒ ධර්මස්කන්ධ අසූ හාරදහසට වෙහෙර විහාර අසූ හාරදහසක් හදලා භාග්‍යවතුන් වහන්සේ උදෙසා විශාල පූජාවක් කරන්න කැමතියි කියලා.

ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අජාසත්ත රජතුමාත් එක්ක එකතු වෙලා ධාතූ නිධානයක් කරලා තියෙනවා. ඒ ධාතු නිධානයෙන් මොග්ගලීපූතිස්ස මහරහතන් වහන්සේගේ මගපෙන්වීම යටතේ ධාතූන් වහන්සේලා ලබාගෙන ධර්මාශෝක රජතුමා වසර තුනක් කෙටි කාළයකදී දඹදිව් තලය සිසාරා වෙහෙර විහාර අසූ හාරදහසක් ඉදි කරලා ගෞතම බුද්ධ ශාසනයකට එකම දිනයක පූජා කරනවා. එතකොට මේ වගේ විහාර පූජාවක් බුද්ධ ශාසනේ සිද්ධ වෙන එකම සහ පළමු අවස්ථාව මෙය නිසා රහතන් වහන්සේලා විශේෂ සෘද්ධි ප්‍රාතිහාර්යක් සිද්ධ කරනවා ලෝකාවලෝකනය කියලා ඒ සම්පූර්ණ වෙහෙර විහාර අසූ හාරදහසම එකවර ධර්මාශෝක රජතුමාට පෙනෙන්නට සලස්වනවා. එතකොට ඒ වෙහෙර විහාර අසූහාරදහසම එකවර දකිද්දි ධර්මාශෝක රජතුමාට අසීමිත බුද්ධාලම්භන ප්‍රීතියක් ඇති වෙනවා.

වස්සාන ධර්ම දේශණා

මිහිඳු මහරහතන් වහන්සේ | Wassana Dharma sakachcha 11

Youtube link

Leave A Comment