පරිවීමංසන සූත්‍රය දෙවන කොටස | පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 2017-09-29T16:03:36+00:00

Project Description

පරිවීමංසන සූත්‍රය දෙවන කොටස | පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

මෙම දේශනය තුළ සසර දුකින් මිදීමට කැමති ශ්‍රාවකයා විසින් මනාකොට දුක් ගෙවී යන ආකාරයට නුවණින් විමසන්නේ කෙසේද යන කරුණ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පැහැදිලි කර දෙයි.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද අපි ඉගෙන ගනිමින් සිටින්නේ සංයුත්ත නිකායේ පරිවීමංසන කියන බුද්ධ දේශනාව. ඉතින් මේ දේශණාව බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩසිටිද්දි වදාළේ. මේ දේශණාවෙන් කියවෙන්නේ පටිච්ච සමුප්පාදය ගැනයි. සාමාන්‍යයෙන් අපි කවරුත් මේ බුද්ධ ශාසනේ මාර්ගඵල ලබන්න ආස අය. එතකොට කවරුත් වගේ කැමතියි අනේ අපිට මැරෙන්න කලින් අඩු ගානේ සෝවාන් වත් වෙන්න ලැබුනොත් කියලා කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත තියෙන්නේ අපිට ධර්මය ඉගෙන ගනිද්දි අපිට ඉගෙන ගන්න ලැබුනා අපි ඔක්කොම යන්නේ අනියත ගති තියෙන  සසරේ කියලා. එතකොට මේකේදි බුදුරජාණන් වහන්සේ භික්ෂූණ් වහන්සේලාගෙන් ඇහුවා මහණෙනි, මේ සියළු දුක් අවසන් වෙන ආකාරයට නුවණින් විමසන්න ඒ ක්‍රමය දන්නවාද කියලා. එතකොට භික්ෂූණ් වහන්සේලා කියා සිටියා, ස්වාමීණී අපි ඉගෙන ගන්න ධර්මයේ වෙන කවුරුවත් මුල් කරගෙන නෙමෙයි තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි කියලා. භාග්‍යවතුන් වහන්සේ නායක කරගෙනයි. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි. එතකොට බලන්න ඒ කාළේ භික්ෂූණ් වහන්සේලා මේ ධර්මය කෙරෙහි දක්වපු ආකල්පය. මේ ධර්මය තියෙන්නේ කවුරු මුල් කරගෙනද? භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙන මිසක් තමන්ගේ මතිමතාන්දර මුල් කරගෙන නෙමෙයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ පිළිසරන කරගෙනයි මේ ධර්මය තියෙන්නේ. එතකොට මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේට වැටහෙන සේක්වා. භාග්‍යවතුන් වහන්සේගේන් අහලා දැනගන්නම් කිව්වා.

ඊටපස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා අනේප්‍රකාර ජරා මරණ දුක් මේ ලෝකේ තියෙනවා. ඒක ගැන විමසන්න කිව්වා මේ දුක් හටගත්තේ කුමකින්ද කියලා විමසන්න කිව්වා. එහෙම ශ්‍රාවකයා විමසද්දි ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක කෙනා තේරුම් ගත යුතුයි කිව්වා. මේ ලෝකේ තියෙනවාද යම් තාක් ජරා මරණ දුක්, ඒ සියල්ල තියෙන්නේ එකම එක කාරණයක් මුල් කරගෙනයි කිව්වා. මොකක්ද ඒ කරුණ ඉපදීම. ඉපදීම කියන කාරණය මුල් කරගෙන තමයි මේ ඔක්කෝම ප්‍රශ්ණ ටික තියෙන්නේ. ඉපදීම ගැන අපි නොයෙක් වතාවල් වල විස්තර කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ  දේශණා කරපු විදිය. ඊලගට බුදරජාණන් වහන්සේ වදාළ ඉපදීම ගැන කෙටියෙන් කිව්වා. ඉපදෙන ආකාර හතරක් තිබේ කියලා. මොනවද ඒ අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියලා. ඊටපසේ අපි ගත්තොත් ඕපපාතික උපදිනවා දෙවිවරු. දිව්‍යලෝක් දෙවිවරු ඔක්කෝම ඕපපාතිකව තමයි උපදින්නේ. ප්‍රේතයෝ ඕපපාතිකයි. ඉදහා හිටලා මිනිස්සුත් උපදිනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාළේ හිටපු පොක්කරසාතී බ්‍රාහ්මණයා ඕපපාතිකයි. අම්ඹපාලී ඕපපාතිකයි. අදත් ලෝකේ ඕපපාතිකව උපදිනවා ඇති. අපි ඒක දන්නේ නෑ.

පරිවීමංසන සූත්‍රය දෙවන කොටස | පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

Youtube link

 

Leave A Comment