පූජාසනයේ ඔබ හිදුවා| ගී රස විනිස |shraddha radio 2016-11-25T12:11:42+00:00

Project Description

poojasanaye oba hinduwa | ගී රස විනිස |shraddha radio

මහාචාර්ය සුනිල් ආරියරත්න ප්‍රවීණ ගීත රචකයාණන් විසින් ලියන ලද විශාරද නන්දාමාලිනිය විසින් ගායනා කරන ලද එච් .එම් . ජයවර්ධනයන් විසින් සංගීතය සපයන ලද පූජාසනයේ ඔබ හිඳුවා කියල කියන ගීතය පිළිඹද අර්ථ විවරණයත් විග්‍රහයත් රස වින්දනයත් ඉදිරිපත් කරන්නටයි අප මේ සූදානම් වන්නේ… poojasanaye oba hinduwa

බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයාට දේශනා කළ සූත්‍ර ධර්ම අතර අට්ඨලෝකධම්ම සූත්‍රය ගොඩක් වැදගත් බව මට මේ වෙලාව් හිතෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මේ ලෝකයේ උප්පත්තිය ලැබූ හැම කෙනෙකුටම අත්විදින්නට සිද්ධවෙන කරුණු කාරණා අටක් පිළිඹදව ඒ අට මෙන්න මෙහෙමයි. ලාභ- ජීවිතයේ හැම කෙනෙකුටම ලාභ ලැබිල තියෙනවා. අලාභ – ජීවිතයේ අලාභයක් නොලබපු කෙනෙක් මේ ලෝකෙ ඉන්නවද , ලාභ අලාභ දෙකම අත් විදින්න සිද්ධවෙනවා. යස අයස – නින්දා ප්‍රශංසා , සැප දුක් , මේ සියල්ල ජීවිතයේ යම් යම් කාල වල අඩු වැඩි වශයෙන් ලැබෙනවා. ලෝකයේ උප්පත්තිය ලබන හැම කෙනෙක් ම පූර්ව සූදානමකින් ඉන්න ඕන මේ කාරණා අට තමාට ලැබෙන වෙලාවට ණුවනින් මුහුන දීමට, මේ සියල්ල උපේක්ෂාවෙන් දරා සිටීමට. මේ අට විදින්න අපි ආසද ? ලාභයත් , ප්‍රශංසාවත් ,යසසත් , සැපතත් ලබන්න ආශා කරනවා . අලාභයත් , නින්දාවත්, අයසත්, දුකත් , අපි පිළිකුල් කරනවා. ආශා කරන දේ තමාට ලැබෙනවටත් , පිළිකුල් කරන දේ අනෙක් අයට ලැබෙනවටත් ඇතැම් අය කැමතියි. මේකෙන් පෙනෙන්නේ මිනිසාගේ මානසිකත්වයේ තියෙන ජඩ බවයි. අන්‍යා පිළිඹද නොහිතෙන සමාජයක් අද අපිට දක්නට ලැබෙනවා.

මේ එවන් සමාජයක් ගැන කියවෙන ගීතයක්  – පූජාසනයේ ඔබ හිදුවා……

 

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා

ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුණත් එය වරදක් වේ

පූජාසනයේ…

කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟ වී බෙල සුන් වන කළ
ලොව ඔබ හිස මත කඩා වැටේ

පූජාසනයේ…

ගායනය – නන්දා මාලිනී
ගී පද – සුනිල් ආරියරත්න
සංගිතය – එච්.එම්. ජයවර්ධන


ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය, පූජ්‍ය පාතේගම ඤාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් ශ්‍රද්ධා ගුවන්විදුලියේ විකාශය වූ ගී රස විනිස වැඩසටහනට ඉදිරිපත් කරන ලද ගී පද විවරණය poojasanaye oba hinduwa

 


ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය, පූජ්‍ය පාතේගම ඤාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් ශ්‍රද්ධා ගුවන්විදුලියේ විකාශය වූ ගී රස විනිස වැඩසටහනට ඉදිරිපත් කරන ලද ගී පද විවරණය

SoundCloud

Leave A Comment