ප්‍රේත ලෝකයේ දුකසේ විඳිය යුතු කර්ම විපාක | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා උයන්දන 03 2017-10-13T11:55:12+00:00

Project Description

ප්‍රේත ලෝකයේ දුකසේ විඳිය යුතු කර්ම විපාක | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා උයන්දන 03

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

පින්වත්නි අපි හැමෝම දන්නවා අපි මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නේ සුගතියක. අපි මේ ඉන්නේ සුගතියක. සුගතියක් කියලා කියන්නේ කුමක්ද? සැප විඳින ලෝකයකට. සැප විඳන ලෝක වල අවසානේ එකේ ඉන්නේ අපි. මනුස්ස ලෝකෙට පස්සේ තියෙන්නේ මොනවද? දුගති. දුගති කියලා කියන්නේ දුක් විඳින ලෝක. අපිත් මනුස්ස ලෝකේ යම් දුකක් විඳිනවා. ඒ වුනාට දුගති වල තියෙන්නේ තනිකරම දුකම විතරයි. මොනවද ඒ දුගති? නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය හා අසුර ලෝකය. අපි ඉන්නේ සුගතියක හැබැයි ඉහලම එකක නෙමෙයි. අවසාන සුගතියේ. එහෙනම් අපිට එක කාරණයක් පැහැදිලියි. ඉහල සුගති ලෝකයක ඉපදෙන්නට අපට පින් මදිවෙන්න ඇති. ඒ නිසා තමයි අවසාන සුගතියේ අපි ඉපදිලා ඉන්නේ අපි. මේ සුගතියේ ඉපදින්න තිබුණු පින් ටිකත් අවසාන වෙලා, අපි මේ ජීවිතේ පිනක් රැස් කරගන්නේ නැතිව මරණයට පත් වුනොත් කුමක් වේවිද? මේ සුගතියත් අපට අහිමි වෙලා යන්න පුලුවන්.

බොහෝ දෙනෙක්ට ඒක වෙනවා. අපි හැමෝම කැමතියි සැප විඳින්න. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකයේ හැමෝම කැමතියි සැප විඳින්න. සැප විඳින්න පුලුවන් සුගතියකද? දුගතියකද? සුගතියකයි. අපි මේ ඉන්නේ අවසාන සුගතියේ නම්, මේකේ තියෙන පින් ටික ඉවර වෙලා බැරිවෙලාවත් හරි දුගතියකට ගියොත් මොකද වෙන්නේ? දුක් විඳින්න වෙනවා. මම මේ ලගදි ධර්ම දේශණාවකට ගියා. හත් දවසේ බණකට. යනකොට ඒ ගෙදර අම්මා මැරිලා. ඒ අම්මට ඉන්නවා පුතෙක් තාත්තත් ඉන්නවා. ඒ අම්මා මැරිලා දවස් හතයි. යද්දි ඒ පුතා කිව්වා ස්වාමීන් වහන්ස අපේ අම්මා එක පාරට මැරුණේ. ලේ වමණේ ගියා. ලේ වමණේ ගිහිල්ලා මරණයට පත් වුනා කිව්වා. කාටවත් ඒ මරණේ හිතා ගන්න පුලුවන් එකක් නෙමෙයි. ඒ පුතා මම ධර්ම දේශණාව කරන්න කලින් මට කතාවක් කිව්වා.

මොකක්ද කතාව? ස්වාමීන් වහන්සෙ අපේ අම්මා විතරක් දන්න දේවල් අපේ ගෙදර තියෙනවා. අපේ අම්මා විතරයි දන්නේ ඔප්පු තියෙන කබඩි එකේ දොරවල් අරින්න. අපේ අම්මා විතරයි දන්න් රත්තරන් බඩු තියෙන කබඩ් එකේ දොරවල් අරින්න. වෙන කවරුත් දන්නේ නෑ. අම්මා එක පාරටම මැරුණා. ඉතුරු වුනා දරුවයි තාත්තයි. මේ අයට ලොකු ප්‍රශ්ණයක් වුනා ඒ දොරවල් අරින්න. මේ අය කල්පනා කළා ඒ දොරවල් ඇරගන්නේ කොහොමද කියලා. ඊටපස්සේ තාත්තා ඇදේ ඉන්න කොට සද්දයක් ඇහුනා. ඉස්සෙල්ලාම මේ යතුර දාන්න. ඊට පසසේ මේ යතුර දාන්න කියලා. මේ යතුරු සෙට් එකේ තියෙනවා රත්තරන් යතුරු. රිදී යතුරු. කනට ඇහෙනවලු යතුරු දානේ ක්‍රමේ. තාත්තා ඒ ටික ලියාගෙන. පේන කෙනෙක් නෑ. කබඩ් එක ඇරුනා. පුතා අහනවා අපේ අම්මා කොහෙද ඉපදුනේ කියලා. පුතා හිතන් ඉන්නේ අම්මා දිව්‍ය ලෝකේ ගිහිල්ලා කියලා. අම්මට මැරෙන වෙලාවේ මතක් වුනේ කබඩ් එක. ඉපදුනේ කබඩ් එක ලග. ගෙදර කතාවෙන දේවල් අහන් ඉදලා කබඩ් එක අරින හැටි කියලා දුන්නා.

වස්සාන ධර්ම දේශනා මුල් පිටුවට

ප්‍රේත ලෝකයේ දුකසේ විඳිය යුතු කර්ම විපාක | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා උයන්දන 03

Leave A Comment