රතන සූත්‍රය | දේශනා මාළාව කුණ්ඩසාලේ මහමෙව්නාව | Shraddha TV 2017-06-14T14:34:57+00:00

Project Description

රතන සූත්‍රය | දේශනා මාළාව කුණ්ඩසාලේ මහමෙව්නාව | Shraddha TV

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අද ඉතාමත් අගේ ඇති දහමක් ඔබ අහන්නේ. සිරි දළදා වහන්සේ මතක් වෙනකොටම මේ ධර්මාසනයේම මට කරුණක් මතක් වුනා. ඒ තමයි සරි දළදා වහන්සේගේ වැඩිපුරම ස්පර්ශ වුන සූත්‍ර දේශණාව. අද මේ ඔබ ශ්‍රවණය කරන්නට යන රතන සූත්‍රය බුදුරජාණන් වහන්සේ සත් වතාවක් ශ්‍රී මුව මඩලින් දේශණා කරා. භාග්‍යවතුන් වහන්සේගේ සුදුවන් වූ රශ්මි දාරා විහිඳවන දළදා වහන්සේගේ සත් වතාවක් ස්පර්ශ වුන ඒ උතුම් රතන සූත්‍රය මේ උතුම් සෙංකඩගල පුරවරයේ, දළදා වහන්සේගේ  රශ්මි දහරාවෙන් නැහැවෙන පුරවරයේ දේශණා කරන්නට ලැබීම ශ්‍රවණය කරන්නට ලැබීම කොයිතරම් වාසානාවක්ද?. ඉතින් ඒ නිසා කන් යොමු කොට අසන්න. මේක අපූරු කථාවක්.

බරණැස් රජ්ජුරුවන්ට බිසොවුන් වහන්සේ නමක් හිටියා. ඒ බිසොවුන් වහන්සේගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තා. තිඹිරි ගෙයි දරුවා බිහිකරන වෙලාවේ දරුවෙක් විදියට බිහිවුනේ මස් වැඳැල්ලක්. අත පය නෑ, මුකුත් නෑ නිකන් මස් වැඳැල්ලක් පමණක් මාස දහයෙන් බිහි වෙලා. ඊටපස්සේ බිසොවුන් වහන්සේ හරියට කළබල වුනා. දාසියට වස්තුව දීලා රන් පතක ලිව්වා බරණැස් රජ්ජුරුවන්ගේ බිසොවුන් වහන්ස වදාපු මස් වැඳැල්ල කියලා ඒකත් කළයක් ඇතුලට දාලා, රන් පතත් දාලා මස් වැදැල්ලත් දාලා ගංගානම් ගගේ පා කරලා හැරියා. ඒ මස් වැඳැල්ලට මොකක්දෝ අනාගතේ කෙළවර වෙන තැනක් තියෙනවා. ඒක නිසාදෝ කොහෙද කළේ අනිත් පැත්ත හැරෙන්නේ නෑ. පා වෙවී යනවා. මේක අද කාළේ මිනිස්සුන්ට හිතා ගන්න බැරි දෙයක්. ගඟ පහල කෙළවරේ වනාන්තරක තාපසයින් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ උදෑසන පැන් පහසුවෙන්න කියලා ගගට ගියා. කළයක් පාවෙලා එනවා.

අත හැරලා දාපු දෙයක් නොව, අත හැරුනු දෙයක් නෙව කියලා හිතලා ඩිංගිත්තක් පීනලා ගිහිල්ලා කළය ගත්තා. කළය විවෘත කරලා බලනකොට මස් වැඳැල්ලක්. ගඳ එන්නේ නෑ. සාමාන්‍යයෙන් මස් ගඳයි නේ. ඊට පස්සේ තාපසයින් වහන්සේ රන් පත බැලුවා. බරණැස් රජ්ජුරැවන්ගෙලු බිසොවුන් වහන්සේ වඳපු මස් වැඳැල්ලු. තාපසාරාමයේ අයිනකින් තිබ්බා. නමුත් ගඳ ගහන්නෙත් නෑ. කුණු වෙන්නෙත් නෑ. කළේ දිහා එබිකම් කරලා බලනවා තාපසයන් වහන්සේ උදේ හවස. මාසයක් විතර ගිය තැන මස් වැඳැල්ල දෙකට කැඩිලා. ඒ කැඩිච්ච මස් වැඳලි දෙකෙන් තව මස් වැඳලි පහක් හටගෙන. උඩින් හට ගත්ත මස් වැඳැල්ලෙන් ඔලුවක් හට ගත්තා. ඉතිරි මස් වැඳලි හතර අත පය විදියට සකස් වුනා. මේ දෙකට බෙදුනු මස් වැඳලි දෙකෙන්ම වෙන වෙනම කුමාරයෙකුයි, කුමාරියෙකුයි බිහි වුනා.

 

අසිරිමත් දමසක මුල් පිටුවට

Youtube link

රතන සූත්‍රය | දේශනා මාළාව කුණ්ඩසාලේ මහමෙව්නාව | Shraddha TV  

Leave A Comment