2017 බිනර පොහෝ දින ධර්ම දේශණය 2017-09-29T16:53:37+00:00

Project Description

සම්බුද්ධ සූත්‍රය | 2017 බිනර පොහෝ දින ධර්ම දේශණය

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

බුදුරජාණන් වහන්සේ කවුද කියලා හිත පහදවා ගන්න උපකාරී වන, බුදුරජාණන් වහන්සේ ගැන කියැවෙන උතුම් බුද්ධ දේශණාවක් අද අපි උගන්වන්නේ. මේ දේශණාව තියෙන්නේ සංයුක්ත නිකායේ තුන් වෙනි පොත් වහන්සේගේ. මේ දේශණාවේ නම සම්බුද්ධ සූත්‍රය. ඒ කිව්වේ සම්බුදුරජාණන් වහන්සේ ගැන කියැවෙන දෙසුම. දැන් අපි කවුරුත් බුදුරජාණන් වහන්සේව සරණ යනවා. සරණ ගියාට, අදහස ගත්තොත් අපි බුදුරජාණන් වහන්සේගේ දහමෙන් මතක තියාගත්ත මුකුත් නෑ. ඇහුවාම බුද්ධාගමේ, බෞද්ධයෝ. ඒක නෙමෙයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ කවුද කියලා තමන්ට මතක් වෙන්න ඕනේ. මං ඒකට ඔබට සුළු දෙයක් කියන්නම්. ඔන්න අපි කියමු, ඔබට ප්‍රිය වූ දෙයක් නැතිව යනවා. එක්කෝ ප්‍රිය වූ ඥාතියෙක් මැරෙනවා. එක්කෝ ඔබට ප්‍රිය වූ ආස කරන දෙයක් අහිමි වෙනවා. එතකොට ඔබට ලොකු දුකක් හට ගන්නවා. ඒක මොන දුකක්ද? ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක. දැන් ඔබ අඩ අඩා මෙනෙහි කරනවා, අනේ ! බුදුරජාණන් වහන්සේ වදාළේ ඇත්තක්මයි. ප්‍රියයන්ගෙන් වෙන් වීම නම් දුකක්ම තමයි. මට මේක හොදට තේරෙනවා දැන්. අන්න එතකොට එයා බුදුරජාණන් වහන්සේ වදාළ කාරණයක් මෙනෙහි කරන කෙනෙක්.2017 බිනර පොහෝ දින ධර්ම දේශණය

එතකොට එයා ඇත්තක් මෙනෙහි කරන කෙනෙක්. ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක්. මං දැන් මේ දුක විඳිනවා. මට මේ ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක දරා ගන්ට බෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඇත්තක්ම යි. අප්‍රියයන් හා එක්වෙන්ට ලැබෙනවා. එතකොට ඔබට මහා වේදනාවක්. මොකද අප්‍රිය පුද්ගලයෙක් හා ඉන්ට සිදුවීම. අප්‍රිය පුද්ගලයෙක් ඉන්ට තැනක වැඩට යන්න සිද්ධ වෙනවා. එතකොට හරි අප්‍රිය යි. එතකොට කල්පනා කරනවා අනේ ! මට මේ අප්‍රිය පුද්ගලයන් හා එක්ව වාසය කිරීම නම් දුකක්මයි. මේක දුකක් කියලා මයි බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට එයා කවුරු ගැනද සිහි කරන්නේ. බුදුරජාණන් වහන්සේ මට මෙහෙම කියලා තියෙනවානේ කියලා. එහෙම නැතුව එයා කල්පනා කරනවා, අනේ මේකා වෙන තැනකට මාරු වෙන්න කොඩිවිනයක් කරාපන්. එතකොට එයාට බුදුරජාණන් වහන්සේගෙන් වැඩක් නෑ. එයාට වැඩ තියෙන්නේ නීච භූතයෙකුගෙන්. කොහෙට හරි ගිහිල්ලා අර පුද්ගලයා එලවල දාන්න මොකක් හරි කොඩිවිනයක් කරයි. හැබැයි ඒකට පාවිච්චි කරේ අමුනුස්සයෙක්ව. ඊට පස්සේ ඒ අමුනුස්සයා එයාව එලවලා තමන් ලග ඇවිල්ලා නවතියි. එච්චරයි වෙන්නේ. ඒ වගේ ලේසි උපාය හොයනවා මිසක් අර බුදුරජාණන් වහන්සේව සිහි කර කර තේරුම් ගන්න ප්‍රායෝගික වෙන්නේ නෑ.

පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ ධර්ම දේශණා

2017 බිනර පොහෝ දින ධර්ම දේශණය

Leave A Comment