සම්මසන සූත්‍රය දෙවන කොටස | පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 2017-09-29T16:03:47+00:00

Project Description

සම්මසන සූත්‍රය දෙවන කොටස | පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

සාමාන්‍ය මනුස්සයකුට චිත්ත සමාධියක් උපදවා ගැනීම යම් කිසි දක්ෂ කමක් තමයි. නමුත් බුද්ධ කාළේ ඉදලා ච්ත්ත සමාධිය උපද්දවපු අය ඕන තරම් හිටියා. සමාධිය කියලා කියන්නේ නීවරණයන්ගෙන් බැහැරවීමක් තමයි. නමුත් සමාධිය ඇතිවෙච්ච පමණින් සම්මා දිට්ඨිය ඇතිවෙන්නේ නෑ. සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ දේශණා කළා සද්ධර්ම ශ්‍රවණය ඕනෑමයි. යෝනිසෝමනසිකාරය ඕනෑමයි. ධර්මානුධම්ම ප්‍රතිපදාව ඕනෑමයි. කළ්‍යානු මිත්‍ර ඇසුර ඕනෑමයි. ඒ නිසා බණ පොතක් කියවලා හරි දැන් දැන් මේක හරි පැහැදිලියි මමත් දැන් මේකත් මම කරගන්න ඕන කියලා එහෙම කරන්න බෑ මේක. ඉස්සර අපිට මේවා කියා දෙන්න කවුරුවත් හිටියේ නෑ. අපි ඉතින් මේ සූත්‍ර කියවනවා. ධර්මය මෙනෙහි කරගන්න කල්පනා කරනවා. මම කල්පනා කලේ අපිට තියෙන්නේ මේ ඇස, කණ,  නාසය, දිව, කය, මනස ඒ නිසා අපිට බොහොම ලේසි නොවැ, මේ තියෙන වැඩේ අපිට ලේසියෙන් කරන්න පුලුවන් කියලා හිතනවා.. සත්‍යය අවබෝධ කිරීම අපි හිතන තරම් ලේසි නෑ. ලේසී නැති වුනත් අපි කළ යුතු දෙයක් තමයි ධර්මය පුරුදු කිරීම. පුරුදු කරන්ටත් අපි නිකන් කතාවන් කියලා තියෙනවා දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග කියලා.

ඒ වගේ දැන ගියොත් කතරගම නම් බුද්ධ දේශණා හොදට කියවලා ඒ දේ පුරුදු කරපු කෙනෙකුගෙන් අහලා ඒ කෙරෙහි හිත පහදවා ගැනිල්ල කියන්නෙත් මේ කාළේ දුර්ලභ දෙයක්. අපේ හිතේ ස්වභාවය තමයි අපි හරි කැමතියි පුද්ගලයකුට ලකුණු දාලා ඒ පුද්ගලයාට සලකලා ඒකෙන් සන්තෝෂ වෙන්න. බණ අහනවා කියමු ඔන්න මට බණකට ආරාධනා කරනවා. ආරාධනා කරපු ගමන් ඒ අය ඉස්සෙල්ලාම අහන්නේ. ස්වාමීණී, අපි කැමතියි චතුරාර්ය සත්‍ය අහන්න කියලා කියන්නේ නෑ. අනේ අපි පටිච්ච සමුප්පාදය අහන්න කැමතියි, තුන් ආකාරයකට විපාක දෙන කර්මය ගැන අහන්න කැමතියි අපිට එහෙම එකක් කියලා දෙන්න කියලා කවුරුවත් ආරාධනා කරන්නේ නෑ. ආරාධනා කරන්නේ කොහොමද ධර්ම දේශණාවක් පවත්වන්න කැමතියි. ඊටපස්සේ දෙවනුව අහන්නේ ස්වාමීණී, පිරිකරට මොනවද ඕනෑ කියලා. එතකොට අපි ධර්ම දේශණාවට යද්දි එයාගේ හිතේ තියෙන්නේ ධර්ම දේශණාව ගැන නෙමෙයි. දැන් සෙනගට සලකන්න ඕනේ. අරක ගේන්න ඕනේ. ස්වාමීන් වහන්සේට හොද සරුවට පිරිකරක් දෙන්න ඕනේ. ඊටපස්සේ කියනවා. උබලා දන්නවැයි මම අසවල් ස්වාමීන් වහන්සේ වඩම්ම ගත්තා මම පිරිකරක් උන්වහන්සේට පූජා කළා. ඔතැනින් කතාව ඉවරයි. එහෙම තමයි මේ රටාව යන්නේ.

සම්මසන සූත්‍රය දෙවන කොටස | පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Leave A Comment